Apr 20, 2017

ලිංගික ශ්‍රමිකයින් මෙතනින් කොතනටද? Featured

ලිංගික ශ්‍රමිකත්වය සහ සෞඛ්‍යය

ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍යය නොමිලයේ ලැබෙන අතර ලිංගික සම්ප්‍රේෂණ රෝග සඳහා නොමිලේ සායන පවතී. එසේ වුවද වෛද්‍ය වෘත්තිකයයින් විසින් ලිංගික ශ්‍රමිකයින් කිලිටි හෝ අපවිත‍්‍ර ලෙස වෙනස් කොට සැලකීමට ලක් කෙරෙන බව ලිංගික ශ්‍රමිකයින් විසින් වාර්තා කරනු ලබයි. කටුනායක නිදහස් වෙළෙඳකලාපයේ සිටින ලිංගික ශ්‍රමික කාන්තාවක් වන ප්‍රියා විසින් මහජන සෞඛ්‍ය නිලධාරිනියක් තමන් හට අපහාස කරමින් තමා සහ තම අලූත උපන් දරුවා බැලීම ප‍්‍රතික්ෂේප කරමින් කටයුතු කළ ආකාරය පැහැදිලි කළ අතර, එසේ වූයේ ඇය ලිංගික ශ්‍රමිකයකු වූ බැවින් බව සඳහන් කළාය.

ප්‍රියාගේ නිවසට ආසන්න අනෙක් නිවසේ සිටින මව සහ ළඳරුවා බැලීමට අදාල මහජන සෞඛ්‍ය නිලධාරිනිය එම නිවසට පැමිණ ඇත. මෙම හේතු මත විශේෂයෙන් වීදි පදනම් කරගෙන ලිංගික වෘත්තියෙහි යෙදෙන ශ්‍රමිකයින් හට   වෛද්‍ය ප‍්‍රතිකාර හෝ පරීක්ෂා කිරීම් වලට අවකාශ නොලැබේ. සෞඛ්‍ය වෘත්තිකයින් විසින් සිදුකරන මෙවැනි අපකීර්තිය සහ වෙනස්කම් හේතුවෙන් බොහෝමයක් ලිංගික වෘත්තිකයින් වෛද්‍ය අවධානය ලබා ගැනීමෙන් ඉවත්ව කටයුතු කරන අතර එමගින්    ඔවුන්ගේ ජීවිතය සහ සෞඛ්‍යය වඩාත් අවදානමකට වැටේ. මෙම ක්ෂේත‍්‍රයට අලුතෙන් එක්වූ ලිංගික ශ්‍රමිකයින් හට සෞඛ්‍ය සේවා හා සායන පිළිබඳ තොරතුරු සඳහා ප‍්‍රවේශ වීමට අවස්ථාවක් නොමැති බව ඔවුන් සඳහන් කර ඇත. ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ අනෙකුත් ලිංගික ශ‍්‍රමිකයින්ගෙනි.

ආර්ථික සහ සමාජයීය ජීවිතය වෙනස් ලෙස සැලකීම.

    කාන්තා ලිංගික ශ‍්‍රමිකයන්හට ණය පහසුකම් සහ මූල්‍ය ණය පහසුකම් සමෘද්ධි දීමනාව අහිමි වී ඇත. බොහෝ අවස්ථාවල බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන විසින් ණය අනුමත කිරීම සඳහා ඇප කරුවන් දෙදෙනෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකුගේ සහතික කිරීමක් අවශ්‍ය වේ. මෙම ලිංගික නොවන ශ‍්‍රමිකයකු ඉදිරියේ වන දැක්මේ සිට වෙනස්කම් සිදුකිරීමක් ඇති බවක් පෙනී යන්නේ නැති විය හැකි වුවත් ලිංගික ශ‍්‍රමය වටා පවතින අපකීර්තිය ඇයගේ සමාජ ප‍්‍රාග්ධනය සීමා කරන අතර සහ තවදුරටත් බොහෝමයක් ලිංගික ශ්‍රමිකයින්හට ජාතික හැදුනුම්පතක් නොමැති අතර, ඇප ලෙස භාවිතා කළ හැකි ආකාරයේ දේපළක් අයිතිව නොමැත. ණය ඉල්ලූම් කිරීමේදී සම්බන්ධවන මෙම ගැටලූව මත, ලිංගික ශ‍්‍රමිකයන් හට සිය ආදායම් ප‍්‍රභවය ප‍්‍රකාශ කිරීමට සිදුවීමේදී එය වෙනස්කමකට ලක් වීමකි. සමාන ලෙස , 26 හැවිරිදි නදීශා පවසන්නේ බැංකු ණය අයදුම්පතෙහි තමා මෙයට පෙර වැරදි කරුවකු වී ඇද්ද යන්න ප‍්‍රකාශ කළ යුතු වන බවයි. ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දඩ ගෙවීමට යටත් වූ බැවින්, ඇයට ණය අයදුම් කිරීමේ හැකියාවක් නොමැත.

    එසේම ලිංගික ශ්‍රමිකයින් වාර්තා කරනුයේ, කෝපයට පත් අසල්වැසියන් විසින් ඔවුන් තම නිවෙස් වලින් එළවා දමනු ලබන බවයි. කොළඹ සිය වෘත්තිය සිදුකරන මහේශ්වරී ලිංගික ශ‍්‍රමිකයකු බව ඇයගේ අසල්වාසීන් විසින් දැනගත් පසු ඔවුන් ඇයට පහර දී ඇත. ඇයට විකල්ප නවාතැනක් සොයා ගැනීමට බලකෙරුණි. කාන්තාවකගේ ජීවිතයේ සෑම අංගයක් පාසාම පාහේ කාන්තාවන් හට නිදහස් තේරීම ප‍්‍රතික්ශේප වන අතර , කාන්තාවක් හැසිරිය යුත්තේ සහ නොහැසිරිය යුත්තේ කෙසේද යන්න , තීන්දු කරන සදාචාරය, ගෝත්‍රික තේරුම් ගැනීම මගින් පොළඹවනු ඇත. ලිංගික ශ්‍රමිකයින් සමඟ කටයුතු කරන සංවිධාන විසින් පවසන පරිදි ඉඩම් හිමියන් විසින් කාන්තාව ලිංගික ශ‍්‍රමිකයකු බවට දැනුවත් වූ පසුව එම ඉඩම් හිමියන් විසින් ඔවුන්ගෙන් අධික කුලී ඉල්ලා ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අධ්‍යයනයන්හි වාර්තා කළ පරිදි, ශ‍්‍රී ලංකාව තුළ ‘‘තමන් ලිංගික ශ‍්‍රමය සැපයීම හේතුවෙන් තමන් හට ලිංගික සහාය ලබා ගත හැකි ලෙස සැලකුණු පිරිමි අසල්වාසීන්ගෙන් ලිංගික කාර්යයන් සඳහා ඉල්ලූම් ලැබූ බව සහභාගි වූ ලිංගික ශ‍්‍රමිකයින් කිහිප දෙනෙකු විසින් සඳහන් කර තිබුණි.’’

    ගංවතුර වැනි ස්වභාවික ආපදා තත්වයන් හිදි නේවාසිකයන් හට රජය විසින් ආධාර සපයනු ලැබේ.  කෙසේ වෙතත් ලිංගික ශ‍්‍රමිකයන් හට එවැනි ආධාර ලබා ගැනීමට ඇති හැකියාවෙන් ඔවුන් වැලැක්වෙන අතර, එසේ සිදුවනුයේ ජාතික හැදුනුම්පත වැනි අන්‍යන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍යවන ලේඛන ඔවුන් සතුව නොමැති බැවින් සහ එසේ වීමෙන් ඔවුන් හට පදිංචිය සනාථ කිරීමට නොහැකි වන බැවිනි. විශේෂයෙන් ගණිකා නිවාස වල කටයුතු කරන හෝ නේවාසික ස්ථානයන්හි නැවතී සිටින අය මෙවැනි තත්වයන්ට මුහුණ දේ. ලිංගික ශ‍්‍රමිකයින් අපකීර්තියට සහ ආන්තීකරණයට බියෙන් එවැනි වෙනස්කම් වලට එරෙහිව සිය හඬ අවදි කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

නීතිය ඉදිරියේ සමානාත්මතාවය සඳහා අයිතිය උල්ලංඝනය කිරීම්   

    ශ‍්‍රී ලංකාව තුළ ලිංගික ශ‍්‍රමය පිළිවෙත මූලිකව සදාචාරය සහ වෙනස් ලෙස සැලකීමේ ශ‍්‍රිතයක් ලෙස අවබෝධ කර ගත හැකිය. බොහෝ දුරට දඩුවම් පැමිණවීම සඳහා ඉලක්ක වනුයේ කාන්තා ලිංගික ශ්‍රමිකයින්වේ.  වැටලීම් සිදුකරන අවස්ථාවන් හිදී සේවාලාභීන් සිටියදී වුවද අත්අඩංගුවට ගනු ලබන්නේ ලිංගික ශ්‍රමිකයින් පමණක් බවයි. සමහර අවස්ථාවන් හිදී කාන්තාවන් සිය දරුවන් පාසලට රැගෙන යන හෝ වෙළෙඳපොළට රැගෙන යන අවස්ථා වැනි දෛනික කාර්යයන් හිදී පවා කාන්තාවන් අත්අඩංගුවට ගනු ලබයි. උදාහරණයක් වශයෙන් CSDF වාර්තා කරන පරිදි එක් අවස්ථාවක සෙනග පිරුණු බසයක් ජලය පානය කිරීම සඳහා අතරමග ජනාකීර්ණ බස්නැවතුම්පලක නතර කළ මොහොතේ දී එක් කාන්තාවක් තම ගමෙහි හොඳින් හඳුනන පිරිමියෙකු සමග කතා කිරීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

    ශ‍්‍රී ලංකා රජය විසින් සිඩෝ කමිටුව වෙත යොමු කරනු ලැබූ අටවන කාලානුරූපී වාර්තාවෙහි දක්වා ඇති පරිදි 2014 වර්ෂයේදී ලිංගික ශ‍්‍රමිකයින් 472 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර කමිටුවෙහි පූර්ව නිර්දේශයන්හි ගණනය කිරීම් වලට අනුව එයින් 90 ක ප‍්‍රතිශතයක් කාන්තාවන් වේ. බොහෝ අවස්ථා වලදී පොලිසිය විසින් කාන්තා ලිංගික ශ‍්‍රමිකයින් ප‍්‍රසිද්ධියේ පොළඹවන බවට කිසිඳු තහවුරු කිරීමක් කලාතුරකින් සිදුවන අතර , ඇය ලිංගික ශ්‍රමිකයෙකු බවට හඳුනාගෙන අරමුණු ගත ලෙසම ඇයව ඉලක්ක කරනු ලබයි. ලිංගික ශ‍්‍රමිකයින් අත් අඩංගුවට ගත් විටක, ඔවුන්ට අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමට බලකරනු ලබයි. ඔවුන් එය ප‍්‍රතික්ෂේප කරන විට නඩුව දිගින් දිගටම පැවැත්වෙන අතර , එක් අවස්ථාවකදී විනිසුරු පවා මෙම කරුණු කඩිනම් කරවීම සඳහා ලිංගික ශ‍්‍රමිකයින්ගේ ගැලවීම පිණිස වරද පිළිගැනීමට යෝජනා කරනු ලබයි. තවදුරටත් ලිංගික ශ්‍රමිකයින් හට නීතිමය නියෝජනයක ආරක්ෂාව ලබා ගැනීමට , සොයා ගැනීමට අපහසු වන අතර ඔවුන් එසේ සිදු කළ විට අධික නීති ගාස්තු ගෙවීමට සිදුවන බැවින් අධික වශයෙන් නීතිගාස්තු ගෙවීමෙන් බේරීම සඳහා ඔවුන්ට වරද පිළිගැනීමට සිදු වී ඇත. බොහෝමයක් ලිංගික ශ්‍රමිකයින් හට ඔවුන්ගේ අයිතීන් නීතිමය ප‍්‍රතිපාදන පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති අතර විශේෂිතවම ප‍්‍රතිවිපාක වලට පවතින බිය හේතුවෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව නැගීසිටීමට අපේක්ෂා නොකරයි. සංවිධානයන් විසින් තවදුරටත් වාර්තා කරන පරිදි සමහර අවස්ථා වලදී වරද පිළිනොගෙන සිටීමට වඩා වරද පිළිගෙන කටයුතු කිරීමෙන් ඉතා ඉක්මනින් දඩමුදලක් ගෙවා නිදහස් වීමට පවතින හැකියාව මත ඒ අනුව ඔවුන්ට ඉතා ඉක්මනින් නැවත සිය වෘත්තියෙහි යෙදීමට අවකාශ සැලසෙන බැවින් ඔවුන් ඒ සඳහා වඩාත් කැමැත්තක් දක්වනු ලබයි.

අත්අඩංගුවට පත්ව සිටින  ලිංගික පරිවර්තන කාන්තා ලිංගික ශ‍්‍රමිකයන් බොහෝ විට රාත්‍රියේ සිරභාරයේ රඳවාතබා ගන්නා විටදී පිරිමි පුද්ගලයින් ලෙස ඇඳුම් ඇදීමට බලකරනු ලැබ ඇත. පොලිසිය විසින් බොහෝ විට ඔවුන් හට පැහැදිලි ලෙසම අපවාද කරනු ලැබූ අතර , ඔවුන් එසේ සිදු කරනු ලබන්නේ ඔවුන් ලිංගික පරිවර්තකයින් බැවිනි.
   
සංවිධාන විසින් වාර්තා කරන පරිදි ලිංගික ශ්‍රමිකයින් අත්අඩංගුවට පත් වහාම එවැනි අවස්ථා වල ඔවුන් මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබ සහ ඒ අනුව ලිංගික ශ‍්‍රමිකයා හට රුධිර පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණ නියෝගයක් ලබාගනු ලබයි. රුධිිර පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට දින 14 ක් දක්වා කාලයක් ගන්නා අතර මෙම කාල පරාසය තුළ ලිංගික ශ්‍රමිකයා රක්ෂිත බන්ධනාගාර ගත කර හෝ පුද්ගල ඇප ලබාදීමට කටයුතු කෙරේ. මෙම කාර්යයයේදී පාලනය කරනු ලබන විශේෂිත නීතියක් නොමැති අතර එය සම්පූර්ණයෙන්ම පොලිස් අභිමතය මත සිදු කෙරේ. මෙම සංවිධානයන්ට අනුව ලිංගික ශ්‍රමිකයින් පරීක්ෂණ සඳහා නිති පතා සායන වලට සහභාගි නොවන බැවින් අත්අඩංගුවට ගත් අවස්ථාවක එසේ රුධිර පරීක්ෂාවන් සිදු කිරීම අවශ්‍ය බවට වෛද්‍ය වෘත්තිකයින් මෙම ක්‍රියාදාමය නිසැකවම අනුමත කරනු ලබයි.

සිවිල් සහ දේශපාලනික ජීවිතය වෙනස් ලෙස සැලකීම.

ශ‍්‍රී ලංකාව තුළ මැතිවරණයකදී ඔබගේ ඡුන්දය භාවිතා කිරීම සඳහා පුද්ගලයකු තම ප‍්‍රදේශයේ ග‍්‍රාමනිලධාරී (පරිපාලන නිළධාරී) වෙත ලියාපදිංචි වී වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ වෙනත් රජය විසින් නිකුත් කළ හැදුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ලියාපදිංචි වීම සඳහා සහ මෙම ලේඛණ ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු විසින් තම පදිංචිය සනාථ කිරීමට කටයුතු කළ යුතු වේ. බොහෝමයක් ලිංගික ශ‍්‍රමිකයින් විසින්, ජනතාව ඔවුන් ලිංගික ශ්‍රමිකයින් ලෙස හඳුනාගනු ඇතැයි යන බියෙන් හෝ අසල්වාසීන් ඔවුන් ගමේ වාසය කරනවාට විරුද්ධ වනු ඇති බවට ඇති බිය හේතුවෙන් සිය ගමෙහි මෙම කාර්යයෙහි නොයෙදන අතර එබැවින් ඔවුන්ට සිය පදිංචිය සනාථ කිරීමේ හැකියාවක් නොමැත. බොහෝමයක් රජයේ නිලධාරීන් ලිංගික ශ්‍රමිකයින්ට එරෙහිව වෙනස් ලෙස සැලකීමට කටයුතු කරන අතර ඡන්ද නාමලේඛණයට කාන්තාවකගේ නම ඇතුලත් කිරීම ප‍්‍රතික්ෂේප කරනු ලබයි. මෙයින් අදහස් කරනුයේ බොහෝමයක් කාන්තා ලිංගික ශ්‍රමිකයින් හට සිය ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව වැලැක්වෙන බව සහ දේශපාලනික ජීවිතය සමග සම්බන්ධ වීමට ඔවුන්ට ඇති අවස්ථාව සහ අයිතිය අහිමි වන බවයි.

ශාරීරික සහ ලිංගික පදනම මත හිංසනය

ලිංගික ශ්‍රමිකයින් නීතිමය නොවන ඔවුන්ගේ තත්ත්වය මත විශේෂයෙන් අනතුරට ගොදුරු විය හැකි අතර එය ඔවුන් ආන්තීකරණයට ලක්වීමට ඉවහල් වේ. ඔවුන් හට දූෂණ සහ වෙනත් ආකාරයේ හිංසනයන්ට එරෙහිව නීතියේ සමාන ආරක්ෂාව අවශ්‍ය වේ.  සිඩෝ , 19 වන පොදු නිර්දේශය.
   
ලිංගික ශ්‍රමිකයින් නිරන්තරයෙන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම වක‍්‍රාකාර හිංසන අත්දැකීම් වලට මුහුණ දෙන අතර එයට ආසන්නතම පවුලේ සාමාජිකයින්ගේ අපවාද සහ හිරිහැර , සේවාලාභීන්, කළමනාකරුවන්ගේ සූරාකෑම්, පොලිසියේ හිංසනයන්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ සමාජ බැහැර කිරීම් ඇතුළත් වේ. 2015 වර්ෂයේ සිදු කරන ලද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහ එක්සත් ජාතීන්ගේ සවංවර්ධන වැඩසටහන් හි අධ්‍යයනයන් වාර්තා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සහභාගි වූවන් 30 දෙනාගෙන් 23 දෙනෙක්ම දූෂණයට ලක්වීම ඇතුළු සමීප සහකරුගේ හිංසනයන්ට ලක්ව ඇති බවයි. පොදුවේ ගත් කළ ලිංගික හිරිහැර සහ ලිංගික හිංසන පැමණිලි පිළිබඳ කාර්යක්ෂමව කි‍්‍රයාත්මක වීම පිළිබඳව දුර්වල වාර්තා ශ‍්‍රී ලංකාව සතු වේ. තවදුරටත් ලිංගික අපචාරයන් සමග බද්ධව පවතින අපකීර්තිය හේතුවෙන් බොහෝමයක් කාන්තාවන් ඔවුන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව වාර්තා කිරීමට ඉදිරිපත් නොවේ. පොලිසිය විසින් ලිංගික ශ්‍රමිකයින්ට එරෙහිව සාපරාධී ලිංගික හිංසනයන් නොසලකා හැර හෝ විශ්වාස නොකර කටයුතු කරන ප‍්‍රවණතාවයක් පවතින බැවින් කාන්තා ලිංගික ශ්‍රමිකයින් ඉදිරිපත් නොවෙති.

ව්‍යාපාරය තුළ පවතින එදිරිවාදිකම් හේතුවෙන්ද ලිංගික ශ්‍රමිකයින් හට හිංසනයන්ට මුහුණපෑමට සිදුවේ.

තුෂාරා සෙව්වන්දි විතාරණ

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

සබැඳි පුවත්
ලිංගික ශ්‍රමිකයෝ ද මනුෂ්‍යයෝය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top