nsb

Apr 25, 2017

හිමිකම් අහිමි ලිංගික ශ්‍රමිකයන්

පොලිසිය (සන්නද්ධ හමුදා)

 කාන්තා ලිංගික ශ්‍රමිකයන් හට පොලිසියේ ලිංගික, කායික සහ මානසික හිංසනයන්ට මුහුණදීමට සිදුවේ. ලිංගික ශ්‍රමිකයන් පොලිසිය වෙත වාර්තා කිරීමට හෝ පොලිසියේ සහාය ලබා ගැනීමට ඉදිරියට එන විට පොලිස් බාරයේ සිටින විට අතවරයට ලක්වන අවස්ථාවේදී, නින්දා සහගත ලෙස සහ අවමන් සහගත ලෙස සැලකීම සහ පහර දෙන විට මෙම පරිභවාත්මක භාෂාවක් භාවිත කිරීම ඇතුලත් කර ගත හැකිය. පොලිසිය සහ සන්නද්ද හමවුදා විසින් ඔවුන්ට සේවය සැපයීම ප‍්‍රතික්ෂේප කරන ලිංගික ශ්‍රමිකයන්ට එරෙහිව හිංසනය සිදු කරනු ලබයි.

 උදාහරණයක් ලෙස මුදිතා ඇයට අවුරුදු 17 ක් වන විට ලිංගික ශ්‍රමිකයකු බවට පත් විය. ඇයට පුතුන් දෙදෙනෙකු සිටී. ඇය පොළොන්නරුවේ සේවය කරයි. ලිංගික වෘත්තිය ඇගේ ජීවනෝපාය වන අතර ඇය නිරන්තර බියෙන් ජීවත් වේ. ඇය විසින් පවසනුයේ කිසිවක් මිලදී ගැනීම සඳහා හෝ මාර්ගයේ ගමන් කිරීමට ඇයට අපහසු බවයි. සමාජය විසින් ලිංගික ශ‍්‍රමිකයින් විසින් වෙන්කර සලකුණු කර ඇති අතර පොලීසියෙන් ඔවුන්ට බොහෝ හිරිහැර සිදුවේ. ඇය අසන්නේ ‘‘ලොකු මහත්තයා අපට පහර දෙනවා සහ ඇදගෙන යනවා ඔවුන්ට එසේ කාන්තාවකට පහර දිය හැකිද?’’ යන්නයි.

2014 වර්ෂයේ දී පොලිස් නිලධාරියෙකු විසින් ලිංගික ශ්‍රමිකයෙකුට රත්නපුරයේ ජනාකීර්ණ බස්නැවතුමකදී ප‍්‍රසිද්ධියේ පහර දෙනු ලැබීය. එම දර්ශනය දුරකථන කැමරාවකින් පටිගත කොට යූ ටියුබ් හරහා බෙදාහරින ලදී. ප‍්‍රශ්නයට මැදිහත් වූ කාන්තාව පොලිස් නිලධාරියාගේ පහර කෑමට ලක් වූයේ ඇය විසින් ඔහුට ලිංගික අල්ලස් ලබා දීම ප‍්‍රතික්ෂේප කළ බැවිනි.  

 පොලිසිය විසින් ලිංගික ශ‍්‍රමිකයින් විසින් වාර්තා කරන අතවර , ලිංගික හිංසන හෝ එසේ ගිවිසීමට බලකෙරෙන පැමිණිලි බාරගැනීමට අසමත් වේ. උදාහරණයක් වශයෙන් රසන්ති පිරිමි සිව්දෙනෙකුගේ සමූහ අතවරයට ලක්ව ඇය ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේදී පොලීසිය අපරාධ කරුගේ පැත්ත ගෙන කටයුතු කර සහ ලසන්ති හට පැමිණිලි නොකරන ලෙසට ඒත්තු ගැන්වීමට කටයුතු කරන ලදී. ඇයගේ නිහඬ බව සඳහා මිලක් නියම කිරීමට කටයුතු කෙරුණි. අවසානයේ කෙසේ හෝ රසන්ති හට කිසිදු මුදලක් ලබා නොදුන් අතර පොලිසිය විසින් ඇයගේ පැමිණිල්ල ලියා ගැනීමද ප්‍රතික්ෂේප කරන ලදී.

 එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි අධ්‍යයනයන් මගින් හෙලිකරනු ලැබුවේ සහභාගි වූ සියලූම කාන්තාවන්ගෙන් ආසන්න වශයෙන් අර්ධයක් පමණ (35න්16) සඳහන් කරුනු ලැබූවේ ඔවුන් එවැනි අවස්ථාවන් මුහුණදුන් බවයි. මෙම කාන්තා සහභාගි වූවන් කිසිදු වග විභාගයකින් තොරව හෝ  විකල්පයකින් තොරව ඔවුන්ගේ දරුවන් සහ පවුල් වලින් හුදකලා කොට රඳවා තබනු ලැබ ඇත. මෙවැනි සැකසුම් තුළ ලිංගික ශ‍්‍රමිකයින් සිරකරුවන්ගේ ධූරාවලියේ පතුලේ සිරවී අනෙකුත් රැදවියන් ලෙසින්ම පාලකයින් නිලධාරීන් සහ අනෙකුත් බන්ධනාගාර කාර්යමණ්ඩලයේ හිංසනයන්ට ලක්වෙමින් සිටි බව වාර්තා වේ.

සේවා ලාභීන් සහ කුට්ටනියන් / ගණිකා නිවාස හිමිකරුවන්.

ප‍්‍රායෝගිකව ලිංගික ශ්‍රමිකයන් අපරාධ කරුවන් ලෙස සලකන බැවින් කාන්තා ලිංගික ශ්‍රමිකයන් සේවාලාභීන්ගේ ප‍්‍රචන්ඩත්වයට සහ හිංසනයන්ට ගොදුරු වීමේ අවධානමක් පවතී. ලිංගික ශ‍්‍රමිකයින් සිය කැමැත්තට එරෙහිව සේවා ලාභීන් සමග ලිංගික ක්‍රියාවන්හි නිරත වීම සඳහා බලකිරීමට , අතවරයට ලක් වීමට සහ මුදල් සහ ස්වර්ණාභරණ වංචාකිරීමට වශයෙන් සේවාලාභීන්ගේ ශාරීරික හිංසනයන්ට ගොදුරු වෙති.  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි අධ්‍යයනයන්ට අනුව ශ‍්‍රී ලංකාවෙන් සහභාගි වූ බොහොමයක් කාන්තාවන් ගනුදෙනු කරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයින් විසින් අතවරයට ලක් කරනු ලැබ ඇති අතර , මෙය ස්ත‍්‍රී පුරුෂ කාණ්ඩ හරහා අත්හිටුවන බවට වාර්තා වේ. සමාන ලෙස , ‘‘වාචික අපචාර ප‍්‍රචණ්ඩත්වය සහ බියගැන්වීමව ඇතුලූ මානසික හිංසනයන් ශ‍්‍රී ලංකාවේ බහුතර සහභාගීත්වයකින් වාර්තා වී ඇත.’’

ලිංගික ශ්‍රමිකයන් කුට්ටනියන් සහ ගණිකා නිවාස හිමිකරුවන්ගේ ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ අවධානමක්ද පවතී. වවුනියාවේ සේවය කරන 39 හැවිරිදි මාලියා විසින් ප‍්‍රකාශ කරන ලද පරිදි අප අනතුරු බොහොමයකට මුහුණ දෙන්නෙමු. ලිංගික ශ‍්‍රමය සමග සම්බන්ධවන තැනැත්තන් සඳහා නීතිමය සුරක්ෂිත තාවයක් පැවිතිය යුතු වේ. මා ඉල්ලා සිටිනුයේ පොලිසිය මගින් සිදු කරනු ලබන හිරිහැර නවත්වන ලෙසයි. මෙම කාර්යයේ නිරත වන බොහොමයහක් සිටන අතර ඔවුන් සියලූ දෙනා සැගවී ජීවත් වේ. අප සමාජයේ  ඉදිරියට යාමට අවශ්‍යය.’’

හොර ජාවාරම

ලිංගික කටයුතු ජාවාරමට එරෙහිව ඒකාබද්ධ කරනු ලබයි. එබැවින් කිසිදු වයසක කාන්තාවක් වෙළෙඳාම සඳහා ඇතුලත් වීමට අවකාශ නොමැත. කර්මාන්තය තුළ ජාවාරම බව වාර්තා වූ කාන්තාවන් ද පැහැදිලි ලෙස දැනට ඔවුන් සිය කැමැත්තෙන්ම ලිංගික සේවයේ යෙදීමට තෝරා ගෙන ඇති අතර එය ඔවුන්ට ඇති හොඳම ආදායම් මාර්ගය ලෙස ඉදිරිපත් කරයි. උතුරු පළාතේ වවුනියාවෙන් පැමිණි ලිංගික ශ‍්‍රමිකයකු වන කුමාරි ප‍්‍රකාශ කරන ලද්දේ ‘‘මට මෙම සේවයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවයක් නොමැත. අප වෙත වටිනා පුද්ගලයින් සේවාලාබීන් ලෙස පැමිණේ. නමුත් පොලීසිය අපව මහා මාර්ගයකදී දුටු විට අපව අත්අඩංගුවට ගැනීමවට කටයුතු කරයි. ලිංගික ශ‍්‍රමිකයින් වෙත සමාජයෙන් කිසිඳු පිළිගැනීමක් නොමැත. ඔවුන් අප සුළු කොට සලකනු ලබයි.’’ යනුවෙනි.

ජාවාරම් විරෝධී නිති, විදේශ ගමන් සිදු කරන කාන්තා ලිංගික ශ‍්‍රමිකයන් ප‍්‍රශ්න කිරීම හා බිය ගැන්වීම සඳහාද භාවිතා කරනු ලැබේ. සාමාන්‍ය විදෙස් මගීන් මෙන් නොව කාන්තා ලිංගික ශ්‍රමිකයන් සමහර විට ඔවුන්ගේ ගමන අතරතුර නවතා , ගමන් කිරීමට හේතු , නවතින කාල සීමාව , චාරිකාව සඳහා ඔවුන් විසින් මුදල් සපයා ගත්තේ කෙසේද , ඔවුන් සතු විදේශ සබඳතා මොනවාද යනාදී ලෙස ප‍්‍රශ්න කරනු ලබයි. මෙය ලිංගික ශ්‍රමිකයන් හට විදේශයන් හිදී සිය රට නියෝජනය කරන ජාත්‍යන්තර රැස්වීම් වලට සහභාගි වීමට සහ ගමන් කිරීමට ඇති අයිතිය සීමා කරනු ලබයි.මෙම තත්වය  කාන්තා ලිංගික ශ්‍රමිකයන් තවදුරටත් නීතියේ ආරක්ෂාවෙන් ඉවතට තල්ලු කරනු ලබයි.

තුෂාරා සෙව්වන්දි විතාරණ

සබැඳි පුවත්
හිමිකම් අහිමි ලිංගික ශ්‍රමිකයන්
ලිංගික ශ්‍රමිකයෝ ද මනුෂ්‍යයෝය

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top