Jun 04, 2017

ඉතිං ප්‍රේමය ඉතිරෙන්න තියෙන තැනක නවතින්න

පේරාදෙණිය සරසවියෙන් උපාධිය ගත්ත සහෝදරියක් 'කෝච්චියට ජීවිතේ දුන්න පුවතක්' වටේ පිටේ ශෙයාර් වෙනව දැක්කා. මුලින්ම ඒ කවන්ධ සේයාරුව බුකියෙන් ඉවත් කරන්න කියල මම යෝජනා කරනවා.

මොකද කෝච්චි වලට බිලි නොවුණට මේ සමාජෙ ජීවතුන් අතර ඉන්න බහුතරයක් 'කවන්ධ' තමයි. ඉතිං ඒ සහෝදරී වෙනුවෙන් ඔබේ හෘදයාංගම දුක ප්‍රකාශ කරන්න උපාධි කබාය සහිත ඇගේ අර ශ්‍රියාවන්ත මුහුණ විතරක් ඇති. අපි කතා කළ යුත්තෙ ඇගේ මරණය ගැන නෙමෙයි 'ජීවිතය' ගැන.

පේරා වල බහුතර කෙල්ලො කොල්ලො බොකු වුණත් මේ සහෝදරීව මම ළඟින් හඳුනන් නැහැ. මේ සියදිවි නසා ගැනීමට හරි හේතුවක් පවා අපි නොදන්නවා වුණත් කෙල්ලෙ 'ජීවිතය' තරම් වටින මේ ලොව පවතින වෙන කිසිවක් නැහැ. ඒ ගැන දැනගන්න ඕනි නම් 'අම්මා' ළඟ මොහොතක් නවතින්න.

ලංකාව ලව් දන් නැහැ. කොදෙව් යටත් වැසියො සෙක්ස් දන් නැහැ. කිසිම ලිංගික අධ්‍යාපනයක් මෙහෙ කිසිම සරසවියකින්වත් දෙන් නැහැ. ඒවා අපි - අපි හොයාගන්න ඕනි. වැටි වැටි - නැඟිට නැඟිට අල්ලගන්න ඕනි.

ඔයා දැන් නොඑන්නම ගිහිං. ඉතිං ප්‍රේමය ඉතිරෙන්න තියෙන තැනක නවතින්න.මං ඉල්ලන්නෙ එච්චරයි !

ඉන්න නංගිලට මල්ලිලට අක්කලට අයියලට මේ කියන්නෙ....ජීවිතේ කිසිවෙක් සියල්ලෙන් කිසිම මොහොතක පරිපූර්ණ නැහැ. මොකද පූර්වත්වය කියන්නෙ බොරුවක්. වටින්නෙ 'අපූර්වත්වය'

හුස්ම ගන්න හැම තත්පරයක් ගානෙම මරණය නෙමෙයි 'ජීවිතය - අපූර්වත්වය' විඳින්න !

ජීවිතය විඳින්න...හුස්ම ගන්න !!

කසුන් මහේන්ද්‍ර හීනටිගල

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top