Jul 03, 2017

ලංකාවෙ තියෙන ජපානෙ නැති දේ කුමරප්පෙරුම ලියයි ! Featured

ජපානයේ සතියක් විතර හිටියා. ටෝකියෝ සහ චිබා යන ප්‍රධාන නගර දෙකේ සෑහෙන රස්තියාදුවකුත් ගැහුවා. ආණ්ඩුවේ කන්තෝරැවකටත් ගියා. අනන්මනන් වෙලඳ දැන්වීම් කෙල කෝටියක් විතරත් දැක්කා. නලු නිලියෝ,ගායකයෝ, ගායිකාවෝ, වෙන වෙන ඒ රටේ ප්‍රසිද්ධ අය දැන්වීම් වල හිටියා. කෝච්චියෙත් සෑහෙන දුරක් ගියා. ඒකෙ ඇතුලෙත් වෙලඳ දැන්වීම් අලවල තිබුනා ලස්සනට. ටීවී ස්ක්‍රීන් එකකුත් තිබුනා වෙන තොරතුරැ අතරෙ වෙලඳ දැන්වීමුත් ප්‍රචාරය කරන. සතියෙම අබේ මහත්තයගෙයි, ඒ කියන්නෙ එහේ අගමැතිගෙයි, හිරෝහිතෝ රජ්ජුරැවන්ගෙයි පොටෝ කෑල්ලක් ,හෝඩිං එකක්, සුබ පතල දාන බැනර් එකක් නිකමටවත් දැක්කේ නෑනෙ. පාරවල්වල, ස්ටේශන්වල, එයාර්පෝර්ට් එකේ කෝච්චියේ හැම තැනම බැලුවා. කිසි තැනක දැක්කෙ නෑ, තිබුනෙත් නෑ.

ගොඩක් ජප්පොත් ඇමතිලව දන්නේ නෑ. උන් ගැන හොයන්නෙත් නෑ. උං කරන්නෙ රටට විතරයිලු. තමන්ට කර ගන්නෙ නැතිලු. තමන්ට කර ගන්නෙ නැති එකා අනුන්ට කරාවිද කියල හිතල උන්ව අයින් කරල දාලද කොහේද.


ඒ රටේ මිනිස්සුන්ට ඒගොල්ලෝ එපාවෙලාද කොහේද. නැත්නම් කන්තෝරැවල රජ්ජුරැවොන්ගෙයි, අගමැතිගෙයි, විෂය භාර ඇමතියගෙයි පින්තුර එල්ලල තියෙන්න ඕනනේ. රජ්ජුරැවො මැද, අගමැති දකුණු පැත්තෙ, ඇමතියා වම් පැත්තේ. එහෙම තිබුනෙ නෑ කියන්නෙ එපාවෙලාම තමයි. එහෙම නැත්තං සපෝර්ට් එක දීපු එවුන්ට සලකල නෑ. යූනියන් කාරයොවත් අබේ මහත්තයගෙ පින්තූරෙ, තමන්ගෙ ඇමතියගේ නැත්නම් ගහන්න එපාය.


නරීතා එයාර්පෝර්ට් හන්දියේ තොරණක් තිබුණා. ඒකේ තිබුණෙ වමට පලවෙනි ටර්මිනල් එක කෙලින් දෙවැනි ටර්මිනල් එක දකුණට හැරැනාම හිගශි කන්තෝ හයිවේ එක කියල විතරයි. අඩු තරමෙ ගුවන් සේවා ඇමතිවත් ඒකේ හිටියෙ නෑ. ඒකෙ ඉඩ තිබ්බ විදියට දකුණු පැත්තෙ අබේ මහත්තයව දාලා වම් පැත්තේ ඇමතිතුමාව ටොප් එකට දාන්නත් තිබ්බා. එයාර්පෝට් ඇන්ඩ් ඒවියේෂන් එකේ යුනියන් කාරයෝ ෂුවර් එකට මිනිස්ටර් එක්ක ඔරොප්පුවෙලා වගේ, ඇතුලෙ පොටෝ තිබුනෙත් නෑනේ .


දෙවැනි ටර්මිනල් එකේ ගේට්ටු අංක 85 ලඟට පයින් ඇවිද්දා ඩියුටි ෆ්‍රී එක මැදින් කිලෝමීටරයක් විතර. ඒත් එහෙමයි. හරිම ඩල්.


අන්න ඒකට අපේ මෑන්ස්ලා, එයාර්පෝට් හන්දියේ ඉඳලා පින්තූර ගහල. ප්ලේන් එක ඇතුල විතරයි යන්තම් බේරිලා තියෙන්නේ. මේක දැක්කාම මේ අයිඩියා එකත් අරගෙන ප්ලේන් එක ඇතුලෙත් එකක් අලවලා, " "අහවලාගේ පදවිප්‍රාප්තියේ අහවල් සංවත්සරය වෙනුවෙන් අහවල් ඇමතිවරයාගේ සංකල්පයක් අනුව මේ ගුවන් යානය කටුනායක ගුවන් වැඩපොලේ සේවකයන් විසින් අලුත්වැඩියා කොට මහජන සේවයට යොදවා ඇත" කියල ලියන්නත් බැරි කමක් නෑ.

නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

(ලංකාවෙන් ගොස් දියුණු විදෙස් රවල ජීවත්වන දහසකුත් විද්වතුන් ඇතත්, ඔවුන් ලංකාවේ දේශපාලන බල පෙරළියකට පාර කපන ලිපි ලියනවා විනා අපේ විඥානයේ වෙනසකට දායකවන්නේ අල්ප වශයෙනි. ඒ අතර කුමාරප්පෙරුමගේ මේ ලිපිය ජනතාවට හිතන්නට ඉඩක් තැබූ අපූරු එකකි.)

japan 1

japan 2

japan 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top