15976 BM WEB BANNER 01
Jul 12, 2017

කුණු කන්දට යටකර මිනිසුන් මරා දමා මාස තුනයි, කුණු වලට තවම විසදුමක් නෑ Featured

වසර අටක් තිස්සේ  මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කල දයාබර සටන් සගයන් මිය ගොස් ජූලි 14 මාස තුනක්ය . මෙම මනුෂ්‍යය ඝාතනයට තෙමසක් ගතවුවද එහි වගකීම රජය හෝ කුණු වලින් කප්පම් ගත් මැති ඇමතිවරු හෝ රාජ්‍ය ආයතන බාරගෙන නොමැත.  මීතොටමුල්ලේ කුණු කන්ද නිසා අනාථ වූ පිරිසි තවමත් අනාථය. ඔහුන්ට නිසි පරිදි ජීවත් වීමට අවශ්‍යය වටපිටාවක් සකස් කිරීමට තවමත් සමත්වී නොමැත.

දෙදහස් පහළවේ දෙසැම්බර් මස චීනයේ සෙන්ෂෙන් නගරයේ කුණු කන්දක් නාය යෑමෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත්විය. ඉන්පසුව ඔහුන් කැළිකසල මනා කළමනාකාරිත්වයේන් නැවත නිෂ්පාදනයන්ට යොදාගැනීම ආරම්භ කල අතර මේ වන විට එය මැනවින් සිදුවෙමින් පවතී. නමුත් එරට අධිකරණය මෙම කුණු ගොඩ ගොඩ ගැසීමේ වරදට රාජ්‍ය නිළධාරීන් හා තවත් පුද්ගලයන් ගණනාවක් වසර විස්සක් දක්වා සිරගත කරන ලදී.

 මෙරට කුණු කන්දකට මිනිසුන් යටකර තෙමසක් ගතවන කල රජය රටපුරා තැන් තැන් වල කුණු කදු ගොඩ ගසා ජනතාවගේ මිනිවලවල් තනමින් සිටි.
ලෝකයේ කුණු කදු ආදයම් මාර්ගයක් කරගනිමින් ඒවා නිසි ලෙස කළමනාකරණය කරන අතර මෙරට ඒවා ඇමතිලාගේ කප්පම් කුට්ටි වී කූණුවන ජනතාව මරණයට පත්කරණ සාධකයක් බවට පත්කරගන ඇත. මීතොට මුල්ලට සිදුකලේද එමමය.

Meethotamulla 670px 20 04 17එක්දහස් නවසිය අසූනවය කාලයේ සිට මීතොටමුල්ලට කුණු ගෙනවිත් දැමිමට එවකට මුල්ලේරියාව , කොළොන්නාව, කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර එසේ කූණු දැමීම ආරම්භ කළේ කැළණි ගංගා නිම්නයේ ජල ගැලීම පාලනය   කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.

මෙලෙස ආරම්භ වූ කුණු දැමීම  දෙදහස් නවය වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බ්ලුමැන්ඩන් හි කුණු දැමිම තහනම්  වූ පසුවය . ඒ  එවකට අග විනිසුරු සරත් එන් සිල්වා විසින් කරන  ලද නියෝගයකට නතු වෙමිනි. මුලින් මීතොට මුල්ල ප්‍රදේශයේ අක්කර  දෙකකින් ආරම්භ වූ කුණු දැමීම් වසරින් වසර ගෙවී ගොස් දෙදහස් පහළව වන විට අක්කර  දහනවයක් පුරා  පැතිර ගිය මීටර් තුන්සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ කුණු දැමිමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි . නමුත් සෑම දිනකම රණාල, බියගම, කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල විෂ සහිත අපද්‍රව්‍ය මෙම කුණු ගෙඩට බැහැර කරණ ලදී . ඒ කප්පම්කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පම් වශයෙන් ලබාදීමෙනි.

කෙසේවෙතත් දිනකට මීතොට මුල්ල කුණු කන්දට කුණු ටොන් එක් දහස් දෙසිය පණහකට වඩා වැඩි ප්‍රමාණයක්  කොළඔ අවටින් ගෙන විත් දමන ලදී. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්‍රශ්ණ මෙම ප්‍රදේශයේ පැන නගින්නට විය.

 එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන්  දැනුවත් කිරීම් වලින් අනතුරුව  ව2013 වසරේත් 2015 වසරේත් උද්ඝෝෂණ වලට යොමු වූ අතර ඒවාට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බේරාගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමයි.

මීතොටමුල්ල,කුරුණියවත්ත, දහම්පුර, 101 වත්ත, වැල්ලමිපිටිය,පන්සල් හේන. නාගහවත්ත ඇත ජනතාවට පහර දී රෝහල් ගතකිරිමෙන් නොනැවතී ඔහුන්ව ඝාතනය කිරීමට අවශ්‍යය වට පිටාව  මේතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී .Garbage 670px 22 04 17

 ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගෙඩගසමින් ඔහුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට ල්ලු කල බලධාරීන් මීතොට මුල්ලේන නතර නොවී ඒකල ප්‍රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසන්නට තපටන් ගෙන තිබේ . අධිකරණ නියොග තිබුනද තවමත් වත්තල හා ජාඇල නගර සභා මුතුරාජවෙල අභය භූමයට කුණු දමමින් සිටී. එහින් ද නෙනැවති කොළඔ කුණු පුත්තලමෙි අරකාවිල ප්‍රදේශයට ගෙන යාමට උත්සහ කරමින් සිටින අතර කැළි කසල වෙන්කර කළමණාකරනය හා නැවත නිෂ්පාදනයන්ට යොදා ගැනීමට පරිසර අමාත්‍යාංශය හෝ  රජය කිසිදු උත්සහයක් ගන්නේ  නැත.

  එයට හේතුව කුණු වලින් කප්පම ගන්නවාට අමතරව වගුරු බිම ගොඩ කරමින්  ඉඩමි කට්ටි කර විකිණිමේ ජාවරමක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසාය .
කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක නොව රටපුරාම ජනතාව කුණු කදු වලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යාංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා කුණු භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටක නම් කුණු යනු  ආදයම් උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සම්පතකි .

නමුත් අවාසනාවකට මෙරට බලධාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතාලයේ  එක් ආදායම් මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පම් ගන්නා කප්පම් කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමණාකරනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකිය. එයට අවශ්‍යය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යාංශය සතුව ඇත.

රවීන්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top