Aug 08, 2017

ගත සිත සනසන බෝනික්‌කි

සිලිකන් බෝනික්‌කන් යනු ස්‌පර්ශයේදී පවා මිනිස්‌ සමට යම් සමාන දැනීමක්‌ ඇති මිනිස්‌ පෙනුම ශරීර ප්‍රමාණ හා ශරීර අංගවලට ඉතා සමානව නිෂ්පාදනය කරන සජීවී මිනිස්‌ රූපයන්ට සමාන බෝනික්‌කන් වර්ගයකි.

20750682 10214309429757756 403850239 nමේ බෝනික්‌කන් බොහෝ විට වැඩි දියුණු කරන ලද්දේ ලිංගික උපකරණ වශයෙනි. නමුත් නව තාක්‌ෂණය සෑම අංශයක්‌ සඳහාම ආදේශ වීම හේතුකොටගෙන බිහිවන සමහර නිර්මාණ ස්වභාවික මිනිස්‌ හැසිරීමට පවා දැඩි බලපෑමක් එල්ල කර ඇත.

ඇමෙරිකානු ඩොලර් 6,000 ක්‌ පමණ වන මෙම බෝනික්‌කන් වෙනස්‌ කළ හැකි ඇඟිලි, ඉවත් කළ හැකි හිස සහ ලිංගේන්ද්‍රියන් සමඟ නිෂ්පාදනය කරයි.

සිලිකන් බෝනික්‌කන් නිෂ්පාදනයට දිගු අතීතයක් ඇත.

1970 කාලවකවානුවේ ආරම්භ කළ සිලිකන් බෝනික්කන් නිෂ්පාදනය  තාක්ෂණයේ දියුණුවත් සමග මේ වන විට ඉතා සජීවී මට්‌ටමේ බෝනික්කන් නිෂ්පාදනය දක්‌වා පැමිණ ඇති බව ජපානයේ  සිලිකන් බෝනික්‌කන් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතනයක්‌ වන නයිට්‌ මැෂින් ඔරියන්ට්‌ ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ හීඩියෝ ටුෂියා මහතා පවසයි.

"බොහොමයක්‌ මිනිස්‌සු ඒවා මිලදී ගන්නේ හුදෙක්‌ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පමණක්‌ නොවේ. ඔවුන් බෝනික්‌කන් සමඟ සන්නිවේදනය කළ හැකි බව සිතනවා. ඔවුන් බෝනික්‌කන්ට ආදරය කරන්න පෙළඹී තිබෙනවා. බොහෝ පාරිභෝගික පිරිසක්‌ අපට සිටිනවා. ආබාධිත අය, වැන්දඹු සහ ආදරයෙන් පැරදුනු අය ඉන් විශේෂයි. ඒ වගේම අනාගතයේදී නිෂ්පාදනය කරන බෝනික්‌කන් මීටත් වඩා සජීවීකරණයට ලක්‌ කිරීමට  පරීක්‌ෂණ කරමින් සිටින බවද ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

 

මැසියුකි ඔසාකිගේ කතාව
මැසියුකි ඔසාකි යනු තම බිරිඳත් දියණියත් තම සිලිකන් බෝනික්‌කාත් සමඟ ජපානයේ ටෝකියෝවේ වාසය කරන භෞතචිකිත්සකවරයෙකි.

45 හැවිරිදි ඔසාකි පවසන්නේ තම දියණිය ලැබීමෙන් පසු බිරිඳ සහ ඔහු අතර තිබූ ලිංගික ජීවිතය බිඳ වැටුණු බවයි." ඇය මේ කිසිදේකට උනන්දු බවක්‌ දැක්‌වූයේ නැහැ මට ලොකු තනිකමක්‌ දැනුණා. මා පළමුව මයුව ගෙන ආ පළමු දින බිරිඳ තදින් විරුද්ධ වුණා.20727266 10214309432357821 49233050 o

නමුත් කාලයාගේ ඇවෑමෙන් සියලු දේ සාමාන්‍ය අතට හැරෙමින් තිබෙනවා." මයු යනු ඔහු තම සිලිකන් බෝනික්‌කාට තබා ඇති නමයි " මගේ දියණිය මයු තවත් විශාල බාර්බී ඩොල් කෙනෙක්‌ නොවන බව දන ගත්තාම විමතියට පත් වුණා. නමුත් ඇය දැන් මයු සමඟ ඇඳුම් බෙදා ගැනීමට තරම් වයසක සිටිනවා."

ඔහු තම සිලිකන් බෝනික්‌කා රෝද සමඟ මුහුදු වෙරළේ ඇවිදින්නට යැම මෙන්ම විවිධ ඇඳුම් පැළඳුම් මිලදීගෙන සැරසවීමද කරනු ලබයි.

සෙන්ජි නකජිමාගේ කතාව

62 හැවිරිදි සෙන්ජි නකජිමා තම සිලිකන් පෙම්වතිය වන සයිරි සමග ජීවත් වේ.

සිලිනක් බෝනික්කා සමග ගත කරන ජීවිතය පිළිබද අදහස් දක්වමින් ඔහු "ජපාන ගැහැනුන් ඉතා ආත්මාර්ථකාමීයි. රැකියාවට ගොස්‌ මහන්සි වී නිවසට එන විට කෙනෙකුට ඇහුම්කන් දෙන්නවත් ඔවුන්ට වුවමනා නැහැ. නමුත් මට ඇති ගැටලු මොනවා දැයි සයිරි හැමවිටම බලා සිටිනවා. මම ඇයට ආදරය කරන අතර ඇය සමඟ සදහටම සිටීමට අවශ්‍යයි. මට මනුෂ්‍යයෙක්‌ සමඟ ආපසු සබඳතාවක්‌ පැවැත්වීමට සිතාගත නොහැකි තරම්. මට මා සමඟ ඇය තැන්පත් කර ඇයව ස්‌වර්ගයට ගෙනයන්නට අවශ්‍යයි"  යනුවෙන් පවසයි.

දිවයින පුවත්පත ඇසුරින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top