Aug 22, 2017

'විකිලීක්‌ස්‌" නිර්මාතෘ පුංචි කුටියක ලොකු වැඩක් Featured

"ජූලියන් අසාන්ඡ්" ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ 'විකිලීක්‌ස්‌" වෙබ්‌ අඩවියේ නිර්මාතෘවරයාය. ආන්දෝලනාත්මක රහස්‌ තොරතුරු හෙළිදරව් කරන වෙබ් අඩවියක්‌ වුණු විකිලීක්‌ස්‌ නිර්මාණය කළ ජූලියන් පෝල් අසාන්ඡ්   අති දක්‌ෂ -හැකර්- කෙනෙකි.

"මෙන්ඩැක්‌ස්‌"-  නමින් වෙබ් අඩවි හැක්‌ කිරීම පටන් ගත්  ඔහු පෙන්ටගනයේ, ඇමරිකානු ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ, ඇමරිකානු නාවික හමුදාවේ වැනි වෙබ් අඩවි වලටත්, ඕස්ට්‍රේලියානු ප්‍රබල වෙබ් අඩවි ගණනාවකටත් තර්ජනයක් විය.ඔහු විකිලීක්‌ස්‌ අඩවිය හරහා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්‌ බවටත් පත් වු අතර ආන්දෝලාත්මක මාධ්‍යකරණයේ එක් කෙළවරක් වූයේ ඉක්‌වදෝරයේ දේශපාලන ආරක්‌ෂාව යටතේ සිර අඩස්සියට පත්වීමයි.

Julian Assange Exclusive Interview Wikileaks Founder Denies Russian Involvement in Clintonu2019s Hacked Emails Wikileaks Assange Russia OUT in Hacked Emails Photo 1වර්ෂ 2012 ජූනි 18 වැනි දා සිට ඔහු ජීවත් වන්නේ ඉක්වදෝරයේ  තානාපති කාර්යාලයේ පුංචි කාමරයකය.හතළිස්‌ හය හැවිරිදි අසාන්ඡ්ට මෙහි හිමිවී ඇති ඉඩ ප්‍රමාණය මීටර් 4x4 වපසරියකි.ඔහු මෙම ඉඩ කොටස  දෙකට බෙදා එක කොටසක්‌ තමන්ගෙ කාර්යාලය ලෙසත් අනෙක් කොටස තමන්ගෙ කාමරය ලෙසත් භාවිතා කරයි.අසාන්ඡ්  විකිලීක්‌ස්‌ වෙබ් අඩවියේ වැඩකටයුතු ද මෙහි සිට අකණ්ඩව පවත්වා ගෙන යයි.

 කුඩා කාමරයට කොටුවූ ඔහුගේ ජීවිතයේ එකම සමීපතම ඥාතියා පුංචි පූස්‌ පැටියෙකි. මේ  පූස්‌ පැටියාට ට්‌විටර් ගිණුමක්‌ පවා තිබෙන බව අසාන්ඡ්ගෙ තොරතුරු ගැන ඇස ගසා සිටින මාධ්‍යවේදීන් පවසයි.

ඒ පිළිබදව ඇති තවත් මතයක් වන්නේ  අසාන්ඡ් මේ බළල් පැටිය ඇති කරන්නෙත් අනියම් විදිහකින් ප්‍රසිද්ධියක්‌ ලබා ගන්න ඇති උවමනාව නිසා බවයි. නමුත් අසාන්ඡ් පවසන පරිදි මේ බළල් පැටියා තමන්ගෙ දරුවන්ගෙන් ලැබුණු තෑග්ගකි. අසාන්ඡ්ට දරුවන් කීප දෙනෙක්‌ සිටින බව පැවසුනද ඒ අය පිළිබඳ තොරතුරු රහසිගතවම තියාගන්න අසාන්ඡ් පරිස්‌සම් වෙයි.

රෝහලකට යාමටවත් සිද්ධ නොවන පරිදි ඔහු තමන් පිළිබඳව සැළකිළිමත් වන්නේ තමන්ට ඇති ආරක්‌ෂාව පිළිබඳ ගැටලුව නිසාවෙනි.

ජූලියන් අසාන්ඡ්ගෙ කෑම බීම ලැබෙන්නෙ සැලසුම්ගත ක්‍රමයකට අනුව ඔහුගේ සමීපතමයෙක් මාර්ගයෙනි.

තමන්ගේ ජීවිතය අනතුරට වැටීමට තවත් හේතුවක් ලෙස ඔහු  2016 ඇමරිකානු ජනාධිපතිවරණයට සතියකට කලින් ජනපති අපේක්‌ෂිකා හිලරි ක්‌ලින්ටන්ගෙ මැතිවරණ ප්‍රචාරක කළමනාකරු වුණු ජෝන් පොඩෙස්‌ටාගෙත්, Democratic National Committee (DNC) හිත් ඊ මේල් විකිලීක්‌ස්‌ අඩවියේ පල කිරීම පෙන්වා දෙයි‌. ඔහු පවසන්නේ  තමන්ව මරා දමන්න හිලරි Julian Assange pardonක්‌ලින්ටන්ට වුවමනා බවයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ජූලියන් අසාන්ඡ් ට්‌විටර් වෙබ් අඩවිය ඔස්‌සේ තවත් ඉඟි කිරීමක්‌ කළේය. ඒ CIA ඔත්තු සේවාවේ හැක්‌ කිරීම් පිළිබද රහස්‌ රාශියක්‌ එළිදරව් කරන බව පැවසීමෙනි.

ලෝකයේ බලවත්ම රටක බලවත්ම ධුරයටත් බලපෑම් කරන්න සමත් වුණ මේ අපූරු නිර්භීත මාධ්‍යවේදියා ඊළඟට හෙළිදරව් කරන කාරණා කුමකු වේවිදැයි ලෝකයා බලා සිටී.

දිවයින පුවත්පත ඇසුරිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top