Nov 18, 2016

Plan නොකරපු Trip එකක්.......

මිතුරු හමුවක දී හෝ සාදයක දි හෝ පාසැල් යාළුවෝ මුණගැහුණු විට, කතා බහට එකතු වන දෙයක් තමයි Trip එකක් Plan කරන එක. ඒත් එහෙම Plan කරන Trip බොහෝමයක් යන ඒවා නෙ‍මෙයි. ගියත් යන්නේ Plan කරපු යාළුවොත් ‍නෙමෙයි. ඒ තරම් අපේ කට්ටියට වැඩ. එක්කෝ, Exam එකක්. නැත්තම් class එකක්.... ඒ නිසා අමලි කිව්වා, හැමදාම Plan කරන දේවල් හරියට වෙන්නේ නැති නිසා "Plan නොකරම Trip එකක් යමු " කියලා ........

කොළඹ සිට ගාලු යන පෙ.ව 06.55 කෝච්චියේ ටිකට් Book කරන්න, අමලිට එයාගේ මල්ලී උදව් කරලා තිබ්බා. Trip එක යන්නේ මායි අමලියි විතරයි. හැබැයි, අපි දෙන්නගේ ආරක්ෂාවට අමලිහේ අම්මලා, එයාහේ මල්ලිවත් එවලා තිබ්බා. දැන් අපි තුන්දෙනයි.

bentota beach 14තුන් වෙනි පන්තිහේ, සෙනඟ වැඩියි, මහන්සි වැඩියි කියලා 2 nd class book කරන්න කියලා අමලි මල්ලිට කියලා තිබ්බා. එක්කෙ‍ෙනක්ට රු.800.00 යි. බජට් එකෙන් තුනෙන් එකක්ම එතනදීම ඉවරයි. උදෙන්ම Train එකට නගිද්දී තමයි දැනගත්තේ 2 nd class කියලා එකක් නෑ කියලා. මල්ලී book කරලා තියෙන්නේ 1st class. ඒක වුණෙත් හොඳට කියලා හිතාගෙන, තවත් සුදු ජෝඩුවක් එක්ක අපිත් A/C කරපු මැදිරියකට නැග්ගා..... හැබැයි, අමලිගේ මල්ලිට නම් වැඩේ Boring වහේ..... එයා අමලිහේ මල්ලි වුණාට හොඳට ඇඟපත තියෙන කොල්ලෙක්. ඒ කියන්නේ අපිට හොඳ පෙනුම ඇති ආරක්ෂකයෙක්...... !!!!!

ගාලු යන්නේ බෙන්තොට පහුකරලා. බෙන්තොට මුහුදු වෙරළ ලංකා‍වේ ලස්සනම මුහුදු තීරවලින් එකක්. Train එක තුළම plan කළා බෙන්තොට බහින්න. A/C එකේ ගිය හින්දා නින්දත් ගියා. Train එක Station එකේ නවත්තලා යන්න හදන කොටම තමයි අපිට අවදි වුනේ. දඩි බිඩි ගාලා කලබලයෙන්ම අපි Train එකෙන් පැණ ගත්තා.අනතුරක් නොවුණු එක වාසනාවක්! රේල් පාර පැන්න ගමන් දිලිසි , දිලිසි තියෙන සුදු වැල්ලටම අපූරුයි රළ බිදෙන හඬ ..... මිනිස් හඬක් නැති හුදෙකලාව. නැවුම් මුහුදු සුළඟ අපේ හිත් එක්වරම ඇදගත්තා. අමලිගේ මල්ලිලේ මුහුණේ  තිබුණු සෝමාලි ගතියත් දැන් ගිහිල්ලා...... එයාත් ප්‍රබෝධමත් වෙලා වගේ..... දික් මුහුදු තීරයේ සුදුවන් සිනිඳු වැල්ල අපේ පයට ගෙන දෙන්නේ අමුතුම සිසිලක්..... ඉතා පිරිසිදු වෙරළක අසිරිය හබන්තොටටම ආවේණික අලංකාරයක් ගේන්න හදනවා..... විඩාබර අපේ ජීවිතේට මේ පරිසරයෙන් ලබාහදදෙන්නේ කියන්න බැරි ප්‍රබෝධයක් ...... Refresh එකක්......


පැයක් විතර රිසිසේ කාලය ගත කරපු අපි ඊළඟට යන්න හිතුවේ, Brief Garden එකට. ලෝක ප්‍රකට ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ Geoffrey Bawa ගේ මල්ලී Bevis Bawa සැලසුම් කරපු උදයානයක් සහිත වලව්වක් ඒක.... Geoffrey Bawa කියන්නේඋසස් පන්තියේ ගෘහ නිර්මාණ ශිල්පියෙක්... කණ්ඩලම හෝටලය Design කළෙත් එයා, ඒකට ඒකාලේ පරිසරවේදීන් විරෝධයත් පළ කලාලු....! නමුත් පරිසරයේ සුන්දරත්වයත් රැකගෙන ඒ කළ Design එක අද ලෝක පුරා ඇගයීමට ලක්වෙනවා.එයාහේ මල්ලී Bevis ගේ මේ උසස් නිර්මාණයත් ඒ වහේමයි...... බේරුවල පිහිටි Brief Graden එකට යන පාහේ බස් නම් නෑ. Google briefgardenmaps වලින් read කරන පාරවලුත් ඒ තරම් sure නැහැ. ඒ හින්දා කෝකටත් ත්‍රීවිලේ අන්කල් කෙනෙක්ට කතා කලා. අපිට ඕන තැනට යන්න එයා ගත් කටටම රු.700/- යි කිව්වා. අපි කිව්වා අපිට එච්චර සල්ලි නෑ..! කියලා. අපේ Bargain එක කෙලින්ම රු.400/- යි. අනේ..! ඒ අංකල් රු. 600/- , රු.500/- යි කියලා අන්තිමට අපේ ගානටම සෙට් වුණා! අන්කල්ට මේ කෙල්ලෝ දෙන්නයි කොල්ලයි ගැන අනුකම්පා හිතිලා ද කොහිද?

හබන්හතොට ඉඳලා බේරුවලට ඇවිත් විනාඩි 15 ක් විතර ගම ඇතුළට ගියාම "BriefGarden" තියෙනවා. Garden එක බලන්න රු.300/- යි. වලව්වත් බලන්න නම් රු.1000/- ය. Budget එක හිස් නිසා, රු.300/- ticket 3 ක් අරගෙන garden එකට ඇතුළු වුණා. මුළු garden එකටම එදා හිටිහේ අපි තුන් දෙනා විතරයි.....! තුනී මීදුම,ඉමිහිරි කුරුළු නාදය අතර Bawa හේ අපූරු අදහස් වලින් garden එකම පිරිලා....එක බිම් තලයක ඉඳන් අනික් බිම් තලයට යන්න ඇති විදිය එකිනෙකට වෙනස්. ඒකම අපූර්වත්වයක් ඒ බිමට දීලා තිබ්බා..... හරියට අපේ ජීවිතේ වගේ.... දැවැන්ත ගස්වැල් , ස්වභාවික වර්ණ මිශ්‍රණය, කෘතිම පිිළිරුවවල් එකිනෙකට ගලපා තිබුණේ, Bawa හේ සියුම් නිර්මාණශීලීත්වය!

Brief Garden Carl Cahill Flickr Creative commonsහැල්මේ දුවන අපේ හිත්වලට ටිකක් නැවතිලා සරල භාවනාවක යෙදෙන්න කියාපු තැන... ඇතුළේ රැදිලා ඉන්න කාල වාරණයක් තිබුණේ නැති නිසා අපි ඇති තරම් රසවින්දා... අපේ රසයට ස්තූති කරන්න ඕනේ ඒ අපූර්ව නිර්මාණය ඒ ලෙසම ආදරයෙන් බලා කියාගන්න පිරිසට... ඒ ලස්සන වින්ද අපි.. දහවල් වෙනකොට එතැනින් එන්න පිටත් වුණා. අළුත්ගමට එන්න Bus එකක් බලාපොරොත්තුවෙන් පැය භාගයක් බලා හිටියා. අන්තිමට අයියා කෙනෙක් drive කරපු පොඩි ලොරි බාගයකට අත දැම්මා... ලොරිය නවත්තලා, පස්සෙන් නගින්න කිව්වා... ඒක තමයි අපි විඳපු හහොඳම fun එක කිව්වත් කමක් නෑ! ඒ fun එක වැඩියෙන්ම ගත්තේ අමලිගේ මල්ලී.
ඊලගට අලුත්ගමෙන් බස් එකේ නැගලා ගියේ ගාල්ලට... ගාලු කොටුවට...

ඒක වෙනම කතාවක්... ඊළග සතියට...

ඉන්දීවරී චන්ද්‍රසේකර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top