Sep 11, 2017

ලොව මිල අධිකම පෑන්

සාහිත්‍ය මාසයේ පොත පත ලිවීමට ඉවහල් වූ ලොව මිල අධිකම පෑන් ගැන තතු කිහිපයකි මේ.

අරෝරා ඩයමන්ටේ ෆවුන්ටන් පෑන

1
මේ වර්ගයේ එක් පෑනක් පමණක් දැනට නිෂ්පාදනය වී ඇත. එහිමිල ඇමරිකානු ඩොලර් 1,470,000ක් වේ.ලොව මිලෙන් අධිකම තීන්ත පෑන ලෙස සැලකෙන්නේ මේ පෑන ය. කැරට් 30 දියමන්ති, කැරට් 18 රත්‍රං යොදාගෙන මෙම පෑන නිර්මාණය කර ඇත.

මිස්ටරි මාස්ටර්පීස් මොන්ට් බ්ලෑන්ක් ඇන්ඩ් වැන් ක්ලිෆ් ඇන්ඩ් අර්පෙල් ලිමිටඩ් එඩිෂන්

2
ඉතාමත් සුඛෝපභෝගී ගණයෙහිලා සැලකෙන පෑන් වර්ගයකි. පෑන් නිෂ්පාදනය කිරීමේදී රතු කැට, පච්ච ගල් සහ නිල් කැට යොදාගෙන ඇත. මේ වන විට මේ වර්ගයේ පෑන් තුනක් පමණක් නිෂ්පාදනය කර ඇත. පෑනක් අලෙවි වී තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 730,000කට ය.

ලා මොඩනිස්ටා ඩයමන්ඩ් කරන් ඩොෂ්

3
මේ වර්ගයේ පෑනක් නිෂ්පාදනය කරන්නට අවශ්‍ය සැලසුම පළමුවෙන්ම සකස් වන්නේ 1999 වසරේදී ය. පසුව පෑන නිෂ්පාදනය කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ සමාගමකි. එය නිර්මාණකරුවන්ගේ අතින්ම ඉතා සියුම් ලෙස නිෂ්පාදනය කෙරුණු පෑනකි. පෑන නිෂ්පාදනයට මාස හයක කාලයක් ගත වී ඇත. නිෂ්පාදනය කෙරුණු පෑන ලන්ඩනයේ වෙන්දේසියකදී
ඇමරිකානු ඩොලර් 265,000කට අලෙවි වුණු බව දැක්වේ. ලොව ඉහළම මිලකට අලෙවි වුණු තීන්ත පෑන ලෙස 2001 වසරෙහි ගිනස් වාර්තා අතර තිබෙන්නේ ද මේ පෑන ය.

ඔමාස් ෆීනික්ස් ප්ලැටිනම් ෆවුන්ටන් පෑන - ලක්ෂරි ලිමිටඩ් එඩිෂන් විත් ඩයමන්ඩ්ස්

4
ඇමරිකානු ඩොලර් 60,000කට මිල නියම කර ඇති මේ වර්ගයේ පෑන් නිමවා තිබෙන්නේ වැඩිපුර ප්ලැටිනම් භාවිතයට ගනිමිනි. එහෙත්, පෑනෙහි තලය කැරට් 18හි රත්‍රංවලින් නිමා කර ඇත.සෙසු සාමාන්‍ය තීන්ත පෑන්වලට වඩා මේ වර්ගයේ පෑනක් දිගින් වැඩි ය. එමෙන්ම විශ්කම්භයෙන් ද වැඩි ය. පෑනෙහි ස්වරූපයත් කේතු ආකාරවේ.

 විස්කොන්ටි රිප්ල් එච්.ආර්.එච්. ෆවුන්ටන් පෑන

5
ඉතාමත් අලංකාර නිමාවකින් යුත් මේ වර්ගයේ පෑන් සීමා සහිත සංඛ්‍යාවක් නිපදවා ඇති බව සඳහන් වේ. පෑනක මිල ඇමරිකානු ඩොලර් 57,000කි. පෑනක් එතරම් ඉහළ මිලකට අලෙවි
වන්නේ, එය නිෂ්පාදනය කරන්නට යොදාගෙන ඇති අමුද්‍රව්‍ය ඉතාමත් ඉහළ වටිනාකමකින් යුතු ඒවා වීම නිසා ය. යොදාගෙන ඇති අමුද්‍රව්‍ය අතර රත්‍රං සහ දියමන්ති ඇත.පෑන් නිෂ්පාදනය
කෙරෙන්නේ වර්ණ දෙකින් පමණක් බවත් සඳහන් වේ.

 විස්කොන්ටි අල්කෙමි එච්.ආර්.එච්. ෆවුන්ටන් පෑන

6
අතින් නිමවන ලද කැටයම් සහිත මේ වර්ගයේ පෑන්, ස්වරූපයෙන් ඉතාමත් අලංකාර ය. මෙවැනි පෑනකට තීන්ත රඳවන දෙකක් ඇත. රත්‍රං, රිදී, රතුකැට සහ දියමන්ති ආදිය යොදා නිපදවා ඇති මේ වර්ගයේ පෑනක් අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 57,000කට පමණ ය.

 විස්කොන්ටි ද ෆෝර්බිඩ්න් සිටි එච්.ආර්.එච්. ෆවුන්ටන් පෑන

7
කැරට් 18 රත්‍රන්, දියමන්ති සහ රිදී ආදිය යොදා නිපදවා ඇති මේ වර්ගයේ තීන්ත පෑන් ඉතා අලංකාර ය. පෑන් සීමිත සංඛ්‍යාවක් පමණක් නිෂ්පාදනය කර ඇති අතර පෑනක් මිල කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 50,500කට ය.

 මාර්ටි - ඔමාස් ෆවුන්ටන් පෑන
"මාර්ටි" යනු ඉතාලි බසින් එහි අරුත කුජ ග්‍රහයා යන්න ය. එකී අරුත ඉස්මතු වන අන්දමට මේ වර්ගයේ පෑන් නිෂ්පාදනය කර තිබේ. කුජ ග්‍රහයාගේ ස්වභාවය පෑනේ බාහිර පෘෂ්ඨය මත සිත්තම් කර ඇත. රත්‍රං, රතු කැට ආදිය ඔබ්බවා අලංකාර කර ඇති මේ වර්ගයේ පෑනක් අලෙවි කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් 43,000කට බව පැවසේ.මේ වන විට එම වර්ගයේ පෑන් 30ක් පමණක් නිෂ්පාදනය කර ඇත.

ගයා හයි ලක්ෂරි ඔමාස් ෆවුන්ටන් පෑන
ඔමාස් සමාගම මේ වර්ගයේ පෑන් නිෂ්පාදනය කරන්නේ සුදු රත්‍රං දියමන්ති ආදිය ද එක්කරමිනි. මේ වර්ගයේ පෑන් තද අළු පැහැයෙන් නිමවන බව සඳහන් වේ. පෑන අලංකාර කර තිබෙන්නේ
මාංශ භක්ෂක සතුන්, විශාල ප්‍රමාණයේ මකුළුවන් සහ ජලජ සතුන් ආදිය පෑන මත පින්තාරු කිරීමෙනි. මේ වර්ගයේ පෑනක් මිල කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 43,000කට ය.

 කෘව් සික්ස්ටිත් වයිට් ගෝල්ඩ් ටිබල්ඩි ෆවුන්ටන් පෑන
ඇමරිකානු ඩොලර් 43,000කට මිල කර ඇති මේ වර්ගයේ පෑන් අලෙවි කරන්නේ ලෝක ප්‍රකට බෙන්ට්ලී මෝටර් රථ සමාගම මඟිනි. පෑන් තනා නිමකර ඇත්තේ ටිබල්ඩි නමැති ඉතාලි සමාගම ය. නිමැවුම්කරුවන් මේ පෑන් හැඩ ගන්වන්නේ සිය දෑත්වලින්ම බව සඳහන් වේ. පෑනක මිල ඉහළ මට්ටමක පවතින්නට එයත් හේතුවක් වී ඇත. ඒ හැරුණු විට පෑනෙහි තලය නිපදවා තිබෙන්නේ කැරට් 18හි සුදු රත්‍රං යොදාගෙන ය. මේ වර්ගයේ පෑන් 80ක් පමණ මේ වනවිට නිෂ්පාදනය කර තිබෙන බව සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top