Sep 12, 2017

‘බ්ලු වේල්‘ මරණ 150 යි - ලංකාවටත් රතුඑළි

මේ දිනවල ලොව පුරා කථාබහට ලක්ව ඇති ‘බ්ලු වේල්‘ (Blue whale) නමැති අන්තර්ජාල ක්‍රීඩාව හරහා මේ වනවිට පුද්ගල මරණ 150ක් පමණ වාර්තා වී ඇත. එම ක්‍රීඩාවට සහභාගීවන පුද්ගලයන් අවසානයේ සියදිවි හානි කරගැනීමේ තත්ත්වයට පොළඹවන ආකාරයෙන් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබීම ඊට හේතුවයි.

2013 වසරේ රුසියාවේ 'Vkontakte' නමැති සමාජ වෙබ් අඩවිය මගින් රහස් කණ්ඩායමක් (Group) ලෙස ක්‍රියාත්මක වූ  'F57' හරහා මෙය අන්තර්ජාල ක්‍රීඩාවක් (online game)
 ලෙස ඇරැඹිණි.

Blue 1ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවල ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ ෆේස්බුක් වුවද රුසියාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ 'Vkontakte' වෙබ් අඩවියයි. මෙය
දැනට ලොව දෙවැනියට වැඩිම පරිශීලකයින් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව ලෙසද සැලකේ.

බාගත කරගැනීමේ හැකියාවක් හෝ මෘදුකාංගයක් ලෙස ලබාගැනීමේ හැකියාවක් නැති මෙම ක්‍රීඩාව අන්තර්ජාල රහස් කණ්ඩායම මඟින් සමාජ ජාල වෙබ් අඩවිවලට ඇතුළු වීමෙන්
සිදුකරනු ලබන්නකි. උදාහරණයක් ලෙස මෑතකදී ජනප්‍රිය වූ අයිස් බකට් අභියෝගය (Ice bucket challenge) , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් ලෙස මෙය හඳුන්වනු ලබයි.

අන්තර්ජාල මරුවා සහ ක්‍රීඩාව

පිලිප් බුඩෙයිකින් (Philipp Budeikin) නම් මනෝ විද්‍යාව හැදෑරූ විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද සිසුවකු විසින් මෙම මාරක ක්‍රීඩාව හඳුන්වා දී ඇති අතර එය මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇතැයි වාර්තාවේ. මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරගකරුවාට දින 50ක් ඇතුළත සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරනු ලබන අතර ඒවා නිරීක්ෂණය කිරීමට නිරීක්ෂකයකු ද වෙන්කර ඇත.Blue 2

ක්‍රීඩාවේ යෙදෙන්නා සෑම පවරන ලද කාර්යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් අන්තර්ජාලයට ඇතුළත් කළ යුතුය. ආරම්භයේ දී ඉතා සරල පහසු කාර්ය වලින්
පටන් ගන්නා මෙම ක්‍රීඩාව ක්‍රමයෙන් අභියෝගාත්මක වන අතර එහිදී තමාට අදාළ කාර්යය සම්පූර්ණ කරගත නොහැකි වුවහොත් බ්ලූ වේල් ලාංඡනය තම අතේ බාහුවක ලේ වලින් කොටා ගැනීම කළ යුතුය.

 හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවේලාවන්හි අවදි වීම වැනි කුඩා ක්‍රියාකාරකම්වලින් ඇරඹී ඉන් පසුව පාලමක් උඩ ඔළුවෙන් හිට ගැනීම, ඉඳි කටුවක් කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සේ තමන්ටම හිංසා කරගැනීමට පෙළඹවීම ද මෙමගින් සිදුකෙරේ.
 
තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් ක්‍රීඩාවේ අවසාන අභියෝගය වන්නේ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි. ක්‍රීඩාව සඳහා තෝරාගනු ලබන්නේ ද මානසිකව දුර්වල පිරිස් වීම විශේෂයකි. මෙය සමාජ මාධ්‍ය ජාල හරහා ක්‍රියාත්මක වන බැවින් ඕනෑම අයකුගේ පෞද්ගලික විස්තර සොයා ගැනීම ඔවුනට ඉතා පහසුය. ඒ අනුව මනසින් දුර්වල ක්‍රීඩාවේදී පාලකයාට අවශ්‍ය පරිදි හැසිරෙන ඕනෑම දේකට පහසුවෙන් අවනත වන්නන් මේ සඳහා යොදා ගැනීම සිදුකෙරේ.

අභියෝගවලට කැමැති නව යොවුන් වියේ තරුණ තරුණියන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටම අනුව ක්‍රමයෙන් තමා මරණය වෙත ගෙනයන බ්ලූ වේල් නිරීක්ෂකයාට අවනත වීම සිදුවෙයි.

 මම කරේ සමාජ සත්කාරයක්
රුසියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වු  මේ මාරක ක්‍රීඩාව නිසා එහි නිර්මාණකරු ලෙස සලකන පිලිප් බුඩෙයිකින් අත්ඩංගුවට ගත් අතර ඔහුට වසර තුනක සිර දඬුවම් නියම කිරීමට එරට  අධිකරණය නියෝග කළේය.
 
අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමා කරනුයේ සමාජ සත්කාරයක් බවයි. ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්  ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව ඔහු කියා තිබේ.
 
අලුත්ම ගොදුර ඉන්දියාව
Blue 3මෙම නවතම ක්‍රීඩාව නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුර බවට පත්වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වූ සිය දිවි නසා ගැනීම්වල ශීඝ්‍ර වර්ධනයක් පසුගිය සමයේ සිදුවී ඇති අතර එයින් වැඩි පිරිසක් යෞවනයන් වන බවත් ඔවුන් අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටින සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිසක් බවත් අනාවරණය වී ඇත.

පහුගිය දා තමිල්නාඩුවේ 19 හැවිරිදි විග්නේෂ් නමැති තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලී මිය ගොස් සිටි අතර ඔහුගේ මේසය මත තිබී ලියුමක් සොයාගැනුණු අතර එහි සඳහන්ව
තිබී ඇත්තේ " You can enter it. But you can not exit the game" යනුවෙනි. ඔහුගේ එක් අතක නිල් තල්මසකුගේ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනය පවසයි.

ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම්කරුවන් වන ගූගල්, ෆේස්බුක්, වට්ස්ඇප්, යාහූ, මයික්‍රොසොෆ්ට්, ඉන්ස්ටර්ග්‍රෑම් ආදී සමාජ ජාලවලට බ්ලූ වේල් ක්‍රීඩාවට අවතීර්ණ විය හැකි කිසිඳු සබැඳියක්  ලබාගත නොහැකිවන ආකාරයට සිය සැකසුම්වල ආරක්ෂිත බව තහවුරු කරගන්නා ලෙස ද දැනුම් දී ඇත.

ඉතා නිර්මාණශීලි ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවන යෞවනියන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අභියෝග බාර ගැනීමට ඇති කැමැත්ත ඉලක්කකර මේ ක්‍රීඩාව  සකසා
ඇති බවත් කියති. මෙහිදී සමාජයට පාඩමක් ඉගැන්වීම සඳහා අවසානයේ තමන් සියදිවි නසාගන්නා බව සඳහන් කරමින් දිවි තොර කරගන්නා අයුරුද අන්තර්ජාලයට එක් කරමින් ක්‍රීඩකයා මිය යාමට පොළඹවන බව වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ බ්ලුවේල් වසංගතය සම්බන්ධයෙන් වන චිත්‍රපටයක් ද එළිදැක්වීමට නියමිත අතර එයට රන්වීර් කපූර්, ප්‍රීත්විරාජ් මෙන්ම කමල් හසන්ද රංගනයෙන් දායක වෙති.

මෙවැනි ක්‍රීඩාවකට මානසික ශක්තිය අඩු පිරිස් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටීම ඉතා වැදගත් බව මනෝ
විශේෂඥවරු පෙන්වා දෙති.

ලංකාවට රතු එළි
මෙම ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ ඊට සම්බන්ධවූවකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළත තොරතුරක් මෙතෙක් ලැබී නැති බවත් එවැන්නක් සම්බන්ධයෙන් දැනුම්වත්වීමක්
මෙතෙක් සිදුකර නැති බවත් අන්තර්ජාලයේ පමණක් මෙවැනි තොරතුරක් සංසරණය වන බැවින් ශ්‍රී ලංකාව තුළ විශේෂිත ආරක්ෂිත පියවරක් ගෙන නැති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි
ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

අකිල බද්දෙවිතාන

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top