15976 BM WEB BANNER 01
Sep 28, 2017

ආබාධිතයන් සමාජය විසින් නැවත ආබාධයට ලක් කිරීම

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට ලෝක ජනගහනයෙන් 15% ක්  පමණ කවර හෝ ආබාධිත තත්වයකින් පෙලෙන බව පැහැදිලි කරනු ලැබේ. ඒ අනුව මෙම ජනකොටස අඩු වරප‍්‍රසාද ලත් ලොව බහුතරයක් සිටින ජනකෙට්ඨාශය ලෙසින්ද හදුන්වා දිය හැක.

2012 ජන සංගනණන සංඛ්‍යා ලේඛන වාර්ථාවන්ට අනුව ශී‍්‍ර ලංකාවේ අවුරුදු 5 ට වැඩි සමස්ථ ජනගහනයෙන් 8.7% ක්  යම් ආකාරයක ආබාධ තත්වයකින් පෙලෙන බව පෙන්වා දේ. මෙය සංඛ්‍යාත්මකව විස්තර කරතොත් එය මිලියන 1.74 ක් පමණ වේ. පසුගිය දශක තුනක කාලය තුල අප රටේ පැවති යුද්ධයත් සමගින් මෙම සංඛ්‍යවන් හි වර්ධනය වීමක් දැකිය හැකි අතර, කෙසේ වෙතත් ආබාධ සහිත පුද්ගලයන්ගේ සැබෑ නිල සංඛ්‍යාවන් මීට වඩා අගයක් ගනු ඇතැයි ක්ෂේත‍්‍රය තුල නිරත වන ක‍්‍රියාකාරීන් පෙන්වා දේ. එය සමස්ථ ජනගහනයෙන් 12% - 15% අතර පරාසයක විය හැකි බව විශ්වාසයයි. මෙම ඒ අනුව මෙම ජන කොටස රටේ සුළුතර බහුතර ජන කොට්ඨාශයක් ලෙසින් සැලකිය යුතු පිරිසක් වේ.

ආබාධ සහිත පුද්ගලයා යනු කවරෙක්ද?

Disable1 2මෙය සරළව දැක්වුවහොත් යම් පුද්ගලයෙක් උපතින් හෝ පසුකලෙක යම්    ඌණතාවයකින් (දුර්වලතාවයකින්) පෙලීමට ලක්ව ජීවත්වන පුද්ගලයින් ආබාධ සහිත පුද්ගලයෙකු ලෙසින් දැක්විය හැක. 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන් පිළිබද අයිතිවාසිකම් පනතට අනුව ශාරීරික හෝ මානසික හැකියාවන් හි ඌණතාවන්හි ප‍්‍රතිඵලයක් ලෙසින් තමාගේ කටයුතු තමාටම කරගත නොහැකි තත්වයෙන් ජීවත් වන්නෙකු ආබාධ සහිත පුද්ගලයෙක් ලෙසින් නිර්වචනය කර ඇත.
නමුත් ආබාධ සහිත පුද්ගලයන් පිළිබද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුව ආබාධිත බව යනු, ඌණතා  වලින් යුත් පුද්ගලයින් සහ අනෙකුත් අය අතර අන්තර් ක‍්‍රියාකාරීත්වයේදී තම පූර්ණ හා ක‍්‍රියාකාරී සමාජ සහභාගීත්වයට අවහිර කෙරෙන ආකල්පමය හා පාරිසරික බාධාවලින් හටගන්නා තත්වයයි. ඉහත නිර්වචන දෙක පිළිබඳ සැලකිල්ලට ගත් විට යම් වෙනසක් අපට දැකිය හැක. එනම් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුව ආබාධ සහිත පුද්ගලයා තම ඌණතාවය නිසා නොව එම පුද්ගලයාව සමාජය තුලට ඒමට අවහිර කෙරෙන ආකල්පමය හා පාරිසරික බාධාවන් නිසා ඇතිවන තත්වයක් ලෙසිනි. මේ අනුව බලන කල සමාජය විසින් ආබාධ සහිත පුද්ගලයා නැවත වරක් සමාජය විසින් ආබාධයට ලක් කර ඇති බවට පැහැදිලි වේ.

විවිධ රටවල් ආබාධ සහිත පුද්ගලයින් විවිධ වූ ආබාධ වර්ගවලට වෙන් කොට හදුන්වා දෙනු ලැබේ. ලංකාවේදී මෙම ආබාධ සහිත පුද්ගලයින් ප‍්‍රධාන වශයෙන් දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත, බුද්ධි ඌණතා සහිත, මානසික ආබාධිත සහ උග‍්‍ර හා බහු ආබාධිත පුද්ගලයින් ලෙස වර්ග 6 ක් යටතේ හදුනාගත හැක. මෙම වර්ගීකරණයන් සාමාන්‍යය ව්‍යවහාරයේදී යොදාගන්නක් මිස සම්මතයේ එන්නක් නොව. ඒ අනුව මෙය තවදුරටත් වෙනස් විය හැකි තත්වයක් ලෙසින් ද හදුන්වා දිය හැක. ලංකාවේ මේ වන විට එසේ පොදුවේ පිලිගන්නා ආබාධ සහිත පුද්ගල වර්ගීකරණයක් ඉදිරිපත් වී නොමැත. කෙසේ වෙතත් 2011 ජන සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ වැඩිම පිරිසක් වන දෘශ්‍යාබාධිත අය 999,939 ක් ද ශාරීරික ආබාධිත අය 734,213 ක් ද ශ‍්‍රව්‍යාබාධිත අය 389,077 ක් වශයෙන් ජීවත් වන බවයි.
ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉතිහාසය ගත් විට එය හුදෙක් ආබාධ පුද්ගලයන් යනු සරණක් නොමැති පිරිසක් සහ ඔවුන්ව රැකබලා ගැනීම පුණ්‍ය කටයුත්තක් ලෙස සමාජය විසින් පිළිගෙන තිබනි. නමුත් අද වන විට මෙම තත්වය වෙනස් වී ඇති අතර ආබාධ සහිත තැනැත්තන් සමාජයේම කොටසක් ලෙසින් පිලිගනිමින් ඔවුන්ටද සමාජයේ අන් අයට ඇති අයිතිවාසිකම් භුක්තිවිදීමට අයිතියක් ඇති පිරිසක් ලෙස පිලිගනු ලබයි.

ශ‍්‍රී ලංකා ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සියළුම තැනැත්තන් නීතිය ඉදිරියේ සමාන බව ප‍්‍රකාශ කර ඇති නමුත් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේදී එය ප‍්‍රමාණවත් නොවන බව පෙනී යයි. 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන් පිළිබද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අනුව මූලික වශයෙන් ආබාධ සහිත පුද්ගලයන් අධ්‍යාපන ප‍්‍රවේශයේදී සහ රැකියාවන්ට බදවා ගැනීමේදී වෙනස් කොට නොසැලකීම පමණක් සහතික කරන අතර, ඊට අමතරව 2006 අංක 01 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ (ප‍්‍රවේශ) පිළිබඳ නියෝග පනවා තිබේ.Disable1 1

මෙසේ මූලික අනපණත් මගින් අතිශය සීමිත වරප‍්‍රසාදයන් පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කර තිබුනද ඒවා ප‍්‍රයෝගිකව ක‍්‍රියාත්මක නොකිරීම හා පිලිනොපැදීම පිළිබඳ බරපතල තත්වයක් සමාජය තුල දක්නට ලැබේ. බැලූ බැල්මට ශ‍්‍රී ලංකා රජය විසින් මෙම ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් බොහෝ නීති ප‍්‍රතිපාදන, රෙගුලාසි, ප‍්‍රතිපත්ති ජාතික සැලසුම් සකස් කර අනුමත කර තිබුනත් ඒවා ප‍්‍රායෝගික තලය තුල කොතරම් දුරට ක‍්‍රියාත්මක වී ඇත්ද හෝ වන්නේද යන්න අප ඉදිරියේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයකි. පහතින් සදහන් වන්නේ ශ‍්‍රී ලංකා රජය විසින් ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව ගෙන ඇති නීතිමය රැකවරණයන් හා ප‍්‍රතිපත්තීන් කිහිපයකි.

නීතිමය රැකවරණයන් හා ප‍්‍රතිපත්තීන්

x    අංක 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත
x    1988 දී නිකුත් කරන ලද රාජ්‍ය සේවයට ආබාධ සහිත පුද්ගලයින් 3% ක් බදවා ගැනීමේ රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය
x    2003 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය
x    2006 දී නිකුත් කරන ලද ප‍්‍රවේශ පහසුකම් පිළිබඳ රෙගුලාසි
x    2014 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම
x    2016 දී රජය විසින් අනුමත කරන ලද ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිලිබද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත තුලින් ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බැවින්  2006 දී සමාජ සේවා අමාත්‍යාංශය විසින් නව පනත් කෙටුම්පතක් සකස්කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කල අතර එය 2008 වසරේදී සංශෝධනයන්ට යටත්ව කැබිනට් මණ්ඩලය තුල අනුමත වූ අතර, එය මේ වන විට 5 වතාවක් පමණ නැවත සංශෝධනයන්ට භාජනය වෙමින් පැමිණි අතර, 2016 වසරේදී නැවත කෙටුම්පත් කරමින් පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීමට කටයුතු සිදුකරමින් පවතී. එය මේ වන විට නීතිපණත් කෙටුම්පත් කාර්යාලයේ අනුමැතිය සඳහා යොමු කර ඇත.

Disable1 3යෝජිත ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත කෙටුම්පත් කිරීමේදී මූලික වශයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුකූලව කෙටුම්පත් කර ඇත. ඒ අනුව පවතින පනතෙන් ලැබෙන ආරක්ෂණයට වඩා පුළුල් අයිතිවාසිකම් පරාසයක් භුක්ති විදීමට මෙම නව යෝජිත පනත් කෙටුම්පත තුලින් ආබාධ සහිත පුද්ගලයන් හට උදාවේ. මේ සදහා රජය පැත්තෙන් විශාල කාර්යභාරයක් පැවරෙන අතර, එය එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අත්සන් කරමින් එය පිලිගත් රාජ්‍යයක් ලෙස වගකීමක් ඉටු කිරීමකි.

මොකක්ද මේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය කියන්නේ?  ලෝක ජනගහනයෙන් 15% ක් වෙසෙන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 2007 වසරේදී එලිදැක්වූ අතර ශ‍්‍රී ලංකා රජය 2007 වසරේ මාර්තු 30 වන දින එම පනත පිලිගනිමින් ඒ සඳහා අත්සන් කරමින් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ එම ප‍්‍රඥප්තියෙහි ප‍්‍රතිපත්ති හා විධිනියමයන්ට ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇත. ඒ අනුව එම ප‍්‍රඥප්තියට යමි බලයක් එක්කරනුවස් පසු අනුමැතිය කලයුතු අතර, එය වසර 10 ට ආසන්න කාලයක් ගත වන විට 2016 පෙබරවාරි මසදී පාර්ලිමේන්තුව තුල අපරානුමත කරගැනීමට හැකි විය. ඒ අනුව මේ වන විට එම ප‍්‍රඥප්තියට අනුව කටයුතු කිරීමට රජය සම්මුතියක් මගින් බැදී සිටී.

කෙසේ වෙතත් මෙම තත්වය පැවතියට වඩා සාධනීය තත්වයක් වන අතර, එම ප‍්‍රඥපත්තියේ සදහන් අයිතීන් තුල හුදෙක් නෛතිකමය තත්වයක් නොමැත. ඒ අනුව එම තත්වය ඇති කිරීම සඳහා ප‍්‍රධාන කාරණා දෙකක් කල යුතුව ඇත. එයින් එක් කරුණක් වනුයේ ප‍්‍රඥප්තියට අනුකූලව රට තුල ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් නෛතික රාමුවක් නැතිනම් එම අයිතිවාසිකම් ඇතුලත් වන පරිදි පනතක් සකස් කර අනුමත කරගැනීමයි. ඉහතින් ද සදහන් කල ආකාරයට එම කාරණය මේ වන විට අවසන් අදියරෙහි ඇත. දෙවන කරුණ වනුයේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ එන වෛකල්පිත සන්ධානය (ධචඑසදබ්ක ඡුරදඑදජදක* අනුමත කර ගැනීමයි. ඒ අනුව රජයක් විසින් ප‍්‍රඥප්තියේ ඇති එකගතාවයන් යම් හෙයකින් ඉටු නොකිරීම හෝ කඩ කිරීම සිදුකල විටකදී  ඕනම අයකුට ඒ පිළිබද  එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිලි කිරීමේ බලය පැවරේ. මෙය ඉතා හොද සාධනීය තත්වයකි. ඒ අනුව මේ වන විට ආබාධ සහිත පුද්ගල සංවිධාන එක්ව වෛකල්පිත සන්ධානය අනුමත කර ගැනීම වෙනුවෙන් රජය වෙත මැදිහත්වීම් සිදු කරමින් පවතී. එය අනුමත කරගැනීම ආබාධිත ප‍්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇත.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප‍්‍රවේශ පහසුකම්

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සදහා ඇති තවත් වැදගත් නීතියක් වනුයේ 2006 අංක 01 දරන ගැසට් පත‍්‍රයයි (ප‍්‍රවේශ පහසුකම් පිලිබද රෙගුලාසි*. සෑම ආබාධ සහිත පුද්ලයෙක්ම තමාට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට යාමේදී (රාජ්‍ය හෝ පෞද්ගලික* එම සේවා ස්ථානයන් එම තැනැත්තන්ට පහසුවෙන් ප‍්‍රවේශ වීමට ඇති හැකියාව තහවුරු කල යුතුය. විශේෂයෙන් ශාරීරික ආබාධ සහිත පුද්ගලයෙක් හට (රෝද පුටුවක් හෝ අත්වාරුවක් භාවිතයෙන්* අදාල ගොඩනැගිල්ලට ඇතුළුවීමේ හැකියාවත්, එලෙසම දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් හට තම සුදු සැරයටිය භාවිතයෙන් ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සහ ශ‍්‍රව්‍යාබාධිත පුද්ගලයෙක් හට තම කටයුතු කර ගැනීමේදී අවශ්‍ය සංඥා භාෂා භාවිතය ආදී බොහෝ දේ ප‍්‍රවේශ පහසුකම් යටතේ විස්තර කරනු ලැබේ. සමාජයේ අන් අය ලෙසින් මෙම ආබාධ සහිත තැනැත්තන් හටද සමාජය වෙත පැමිණ තනිවම කාර්යන් සිදුකර ගැනීමට හැකියාව ඇති නමුත් සමාජය සහ පරිසරය ඒ සදහා අවශ්‍ය පරිදි සකස් වී නොමැති බව අපට බොහෝ විට දැක ගත හැකි කරුණකි. මේ නිසා මෙම ආබාධ සහිත පුද්ගලයින්ට තම ආබාධිත භාවයට අමතර සමාජය විසින් නැවත වරක් ඔවුන්ව සමාජය  විසින් ආබාධිත තත්වයට පත් කර ඇත.Disable1 4

විශේෂයෙන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප‍්‍රවේශ පහසුකම් සැපයීම පිලිබඳ 2006. 10. 17 හා අංක 1467/15 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නිකුත් කර ඇති අංක 1619/24 හා 2009. 09. 18 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, අලූතින් ඉදිවන සියළුම ගොඩනැගිලි ආබාධිත තැනැත්තන්ට ප‍්‍රවේශ පහසුකම් සහිතව ඉදි කළ යුතු අතර දැනට පවත්නා සියලූම රජයේ ප‍්‍රසිද්ධ ගොඩනැගිලි, ප‍්‍රසිද්ධ ස්ථාන හා සේවාවන් සැපයෙන ස්ථාන 2014. 10. 16 දිනට ප‍්‍රථම ආබාධ සහිත තැනැත්තන්ට ප‍්‍රවේශ විය හැකි ආකාරයට සකස් කරනු ලැබිය යුතුය.

ප‍්‍රවේශ පහසුකම් පිළිබඳ නියෝග නිකුත් කර වසර ගණනාවක් ගතවී ඇතත් වර්ථමානයේදී අලූතින් ඉදිවන ගොඩනැගිලි පවා ආබාධ සහිත පුද්ගලයින්ට ප‍්‍රවේශ වීමට අවශ්‍ය  පහසුකම් රහිතව ඉදිවන බවත්, පවත්නා ගොඩනැගිලි ආබාධ සහිත පුද්ගලයින්ට ප‍්‍රවේශ වීමට හැකි වන ලෙස සකසා ඇත්තේ සුළු ප‍්‍රමාණයක් බවත් අපට පැහැදිලිව දැක ගත හැකි කරුණකි.

ප‍්‍රවේශ පහසුකම් රෙගුලාසි වලට අනුව අදාල ප‍්‍රවේශ පහසුකම් නීතිරීති කඩ කරන සෑම ස්ථානයකටම එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති අතර, එවැනි අවස්ථාවක් ප‍්‍රයෝජනයට ගත් එක් අයෙක් හැර (වෛද්‍ය අජිත් පෙරේරා* වෙනත් කිසිම කෙනෙක් එසේ සිදු කර නැත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක ත්‍ගඍ221රැු2009  යටතේ 2013. 06. 17 දින ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව පෞද්ගලික අංශයේ ගොඩනැගිලිද ඇතුළුව ප‍්‍රසිද්ධ ස්ථාන හා සේවාවන් සපයන සියළුම ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට ප‍්‍රවේශ වීමට පහසුකම් ඇති වන ආකාරයට සකස් කල යුතු වේ. ඒ අනුව ඒ වෙනුවෙන් පියවර නොගැනීම තවදුරටත් එම ප‍්‍රවේශ පහසුකම් නීතිරීති ඉටු නොකර සිටීමට අනුබල දීමක් වැනිය. එබැවින් ඒ වෙනුවෙන් අප සැම තනි තනිව හෝ එක්ව කටයුතු කල යුතු වේ.

ආබාධ පුද්ගලයින්ගේ අධ්‍යාපන අයිතිය

ආබාධ සහිත පුද්ගලයින් පිළිබද කථාකරන විට තවත් ඉතා වැදගත් අංශයක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට හිමි වේ. සෑම පුරවැසියෙකුටම නිදහස් අධ්‍යාපනයට අයිතියක් ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. ඇති නමුත් ආබාධිත වීම එම අයිතිය අහිමි කිරීමට සාධකයක් වේද? නැත. 2011 සංඛ්‍යා ලේඛන වලට අනුව පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන 34% ක් වන ආබාධ සහිත ළමුන් කිසිවෙක් හට කිසිත් අධ්‍යාපනයක නොලැබීමත්, 20.3% වන පෙර පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු ආබාධ සහිත ළමුන් කිසිවෙක් හට පෙර පාසැල් අධ්‍යාපනය නොලැබෙන බවත් පෙන්වා දී තිබේ. මෙම ආබාධ සහිත ළමුන් නිසි අධ්‍යාපනයට යොමු නොවීම තුල ඔවුන්ගේ අනාගතය අදුරෙන් අදුරට වැටෙන තත්වයක් උදා වී ඇත. ආබාධිත පුද්ගලයෙක් කෙසේ හෝ දුෂ්කරතා මැද අධ්‍යාපනයට යොමු වී නිසි ආකාරව අධ්‍යාපනය ලැබූ කල්හි සමාජය තුල අභිමානයෙන් යුතුව කටයුතු කරමින් රටේ සංවර්ධන ක‍්‍රියාදාමයට ද දායක වන අයුරු අපට දැක ගත හැකි පැහැදිලි කරුනකි. මේ සදහා බොහෝ උදාහරණ සමාජයෙන් ගත හැක. නමුත් බොහෝමයක් පිරිසකට මෙසේ තම ශක්තියෙන් එය කිරීමට නොහැක. නමුත් ඔවුන්ටද ඒ සදහා කැමැත්තක් ඇත. ඔවුන්ට සමාජයෙන් බොහෝ බාධා ඇත. නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිපත්ති අනුව සැමට අධ්‍යාපනය යන තේමාව ඔස්සේ අධ්‍යාපන කටයුතු සැලසුම් කොට අධ්‍යාපනයේ සම අවස්ථා නිදහස් අධ්‍යාපනය මූලධර්ම තුල ලබාදීමට කටයුතු කර ඇත. ඒසේ වුවද ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීමට රජය අපොහොසත් වීම කණගාටුවට කරුණකි. ශ‍්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත, ශාරීරික ආබාධිත සහ බුද්ධි ඌණතා යන මූලික ක්ෂේත‍්‍ර හතරට අදාල වූ ආබාධ සහිත දරුවන්ට සුවිශේෂී ගැටළු ඇතුවා මෙන්ම එම ගැටළු විසදීමේ ක‍්‍රමෝපාය සහ සැළසුම් අවශ්‍ය වේ.  

Disable1 5ආබාධ සහිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය

අප සියළු දෙනාට මෙන් ආබාධ සහිත පුද්ගලයින් හටද තම ඡුන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිය ලංකාවේ මැතිවරණ ක‍්‍රමය තුලින් තහවුරු කර ඇති කරුණකි. නමුත් මෙම කාරණයේදී ආබාධ සහිත පුද්ගලයින් තමන් ඇති අයිතීන් පිළිබද නිසි ආකාරව නොදැනුවත් වීමත් හා මේ පිළිබද කටයුතු කරන නිලධාරීන් ඒ පිලිබද සැලකිල්ලක් නොදැක්වීමත් ඉතා බරපතල තත්වයකි. ශ‍්‍රී ලංකාව තුල ජීවත් වන මිලියන 1.7 ක් වූ ආබාධ සහිත පුද්ගලයින් අතරින් සැලකිය යුතු පිරිසක් මෙම ඡුන්දය පාවිච්චි කිරීම සදහා සුදුසුකම් ලබා තිබේ. එවැනි විශාල ජනතාවකට රටේ සමස්ථ ඡන්ද පදනමින් සැලකිය යුතු කොටසක් නියෝජනය සදහා ඉඩ සැලසෙන අතර, ඔවුන්ගේ සක‍්‍රිය සහභාගිත්වය රටේ පාලන තන්ත‍්‍රය සදහා නියෝජිතයන් තෝරාගැනීමේ මැතිවරණ ක‍්‍රියාවලියේදී තීරණාත්මක සාධකයක් බව පැහැදිලිය.

සෑම මැතිවරණයකදීම ආබාධ සහිත පුද්ගලයින් හට හිමි ඡුන්ද අයිතිය නිසිසේ භාවිතා කිරීමට වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සදහා පහත දැක්වෙන නියෝග නිකුත්කොට තිබේ.
    ඉතා පහසුවෙන් ළගාවිය හැකි ස්ථාන වල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවිය යුතු ය.

    ඡුන්ද මධ්‍යස්ථානවල ඇති සියලූ ආකාරයේ බාධක ඉවත්කොට එම ස්ථාන ආබාධ සහිත පුද්ගලයින්ගේ ප‍්‍රවේශයට හිතකර වන ආකාරයට සකස් කළ යුතු ය.

    ඡුන්ද මධ්‍යස්ථානයේ දොරටුව අසල සිට ආබාධ සහිත හෝ විශේෂ අවශ්‍යතා ඇති ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානය කරා  ප‍්‍රවාහනය සදහා යතුරුපැදි හෝ ත‍්‍රීරෝද යෙදවිය යුතු ය.

    ග‍්‍රාම නිලධාරීවරයා මගින් විශේෂ අවශ්‍යතා සහිත හා ආබාධ සහිත පුද්ගලයින්ගේ හා අවශ්‍යතා සොයා දැනගත යුතුය.
ඉහත කරුණු වලට අමතරව තවත් බොහෝ කරුණු මේ පිලිබද නිකුත් කර ඇති අතර ඒවා පිලිබද මීට වඩා දැනුවත් කිරීම් සිදුකිරීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. මෙම කරුණ විශේෂයෙන් රාජ්‍ය යාන්ත‍්‍රයන් ඔස්සේ මෙන්ම සිවිල් සමාජ සංවිධාන මගින්ද මැදිහත් වී සිදු කල යුතු කරුණකි.
ලංකාව තුල ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ඇති තත්වය පිලිබද සෑහීමකට පත්වීමට නොහැකි වූවත් රජය විසින් පසුගිය දශක දෙකක කාලයක් පුරාවට විවිධ මැදිහත්වීම් සිදු කර ඇති බැව් කිව යුතු කරුණකි. මේ පුද්ගලයින්ගේ අයිතීන් සුරැුකීම වෙනුවෙන් සමාජ සේවා අමාත්‍යාංශය මගින් විශාල කාර්යභාරයක් සිදු කරන අතර එපමණක් ප‍්‍රමානවත් නොවේ. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී රටේ ඇති සියළුම අමාත්‍යාංශ සහ ආයතන වෙත වෙන් වෙන් වශයෙන් කලයුතු දෑ බොහෝ ඇත. ගැටළුව ඇත්තේ දැනට ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් රජය විසින් ලබාදී ඇති ඇති අයිතිවාසිකම් හෝ ප‍්‍රතිපත්ති හෝ තීන්දු තීරණ ප‍්‍රායෝගික තලය තුල ක‍්‍රියාත්මක නොවීමයි. මේ වෙනුවෙන් සියළුම පුද්ගලයින් ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු කාලය දැන් එළඹ ඇත.

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණDisable1 6

ආබාධ සහිත පුද්ගලයින්ගේ සාමූහික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමේ ප‍්‍රයත්නය වෙනුවෙන් ආබාධ සහිත පුද්ගල සංවිධාන නායකයින් විසින් ඇති කර ගන්නා ලද එකඟතාවය මත ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ 2001 වසරේදී සමාජික සංවිධාන 12 ක් සමග ආරම්භ කරන ලද අතර, ලංකාවේ බිහිවූ පලමු සහ එකම ආබාධ පුද්ගලයින් සඳහා වූ ඒකත්ඡත‍්‍ර සංවිධානය මෙය වේ. මේ වන විට සාමාජික සංඛ්‍යාව 29 දක්වා වර්ධනය කරගනිමින් ආබාධ සහිත පුද්ගලයින්ගේ සාමූහික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමේ ප‍්‍රයත්නය වෙනුවෙන් සියළු සංවිධාන සමග සක‍්‍රීයව කටයුතු කරනු ලබයි. ඒ අනුව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් මොනවාද යන්න නිර්ණය කොට ඒවා ලබාදීමට කටයුතු කිරීමත්, ලබාගෙන ඇති අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමත්,  ඒකාබද්ධ පෙරමුණහි මුඛ්‍ය පරමාර්ථය වේ.
මෙහිදී ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ විසින් උපායමාර්ගික ප‍්‍රවේශයන් කිහිපයක් ඔස්සේ ක‍්‍රියාකාරකම් සිදු කරනු ලබයි. ඒ අනුව, ආබාධ සහිත පුද්ගලයින් හට ස්වාදීන දිවි පෙවෙතක් ඇති කරලීම වෙනුවෙන් කටයුතු කිරීම, ආබාධ සහිත පුද්ගලයින්ගේ සමාජ තත්වය ඉහල නැංවීම වෙනුවෙන් කටයුතු කිරීම සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් දිනාගැනීම හා කටයුතු කිරීම මූළික වේ.

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සාක්ෂාත් කර ගැනීම  සහ ප‍්‍රවර්ධනය කිරීම සදහා ආබාධ සහිත පුද්ගලයින්ගේ  සංවිධාන ශක්තිමත් කිරීම, සහයෝගීතාවෙන් කටයුතු කිරීම හා අනෙක් සංවිධාන සමග ජාලගත කිරීම මගින් උද්දේශනය  කිරීමේ ක‍්‍රියාවලියක නිරතවීම සංවිධානයේ මෙහෙවර වේ.


සසංක මෙන්ඩිස්
කළමනාකරු - ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top