Oct 22, 2017

ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය දේශපාලනික උප්පරවැට්ටියක් නොවේ !

ග්‍රාමශක්ති (GRAMASHAKTHI) ජාතික ව්‍යාපාරයේ මුලෝපායික බව ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා ගාඩියයන් වෙබ්අඩවිය මෙවර ලියාතිබු කතුවැකිය කලෝචිත සංවාදයකට මුලපුරා ඇතයි මට සිතේ. ඒ අනුව එමගින් හුවා දක්වා ඇති කේන්ද්‍රිය තර්ක 5 කට මෙලෙසින් මාගේ මතය ඉදිරිපත් කරමි.

1. ග්‍රාම ශක්ති ව්‍යාපාරය එදිනෙදා මාධ්‍ය අවකාෂය දිනාගැනීමට ඉදිරිපත් කරන තවත්එක් ආර්ථික වැඩපිලිවලක් නොවේ.

2.එය නිශචිත දර්ශනයක්මත පිහිටා ජනතාවගේ සැබැ ගැටලු ජනතාව විසින් ම අවකාශය සපයන රාජ්‍යයේ සහ පුද්ගලික අංශය ඒ සඳහා පහසුකම් සපයන වැඩපිලිවලකි.

3. එමවැඩපිලිවල පැහැදිලි ලෙසටම නවින ලෝක සංකල්ප ස්පර්ෂ කරනු ලැබු වැඩපිලිවලකි.

4. එය මිට පෙර තිබු ගැමිදිරිය වැඩපිලිවලෙහි මුලික හරය උකහා ගෙන වැඩි දියුනු කොට වර්තමාන අභියෝග ජයගැනිමට සකස් කල ගැඹුරැ වඩසටහනකි.

5. ග්‍රාමශක්ති වැඩසටහන කිසිලෙසකම පැරනි දෙයක් ගොඩගෙන තමන් ගේ දෙයක් කරගැනිමට දරන ආත්මාර්තකාමි දේශපාලනික උත්සාහයක් නොව රටේ සැබැ ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතාවයක් සඳහා පිලියම් ඉදිරිපත් කිරිමකි.

ඒ බව තහවුරැ කිරිමට මෙතැන් සිට උත්සාහ දරන්නෙමු.

නිරපේක්ෂ හා සාපේක්ෂ දිලිඳුකමට පිළිතුරු
Poorty1

අප විශවාස කරන්නේ අපට උචිත මුලෝපායිකව වැදගත් වන දේශපාලන-ආර්ථික මාදිලිය  (political economy) පලමුව හඳුනා ගෙන ඒ මත අපගේ ආර්ථික වැඩසටහන් ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුනක් වන බවයි. එහි ලා අප විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවට මේ වනවිට උචිත (ලෝක හා දේශීය තත්වයන් සලකා බලන කල) මාදිලිය වන්නේ inclusive ,pro poor ,green economy යන්න වන බවයි. ඒ අනුව ග්‍රාම ශක්ති ව්‍යාපාරය ගොඩනගන්නේ එවැනි ආර්ථිකයක අත්‍යාවශය අංගයක් වන නිරපේක්ෂ දිලිඳු කම මෙන්ම සාපේක්ෂ දිලිඳුකමට පිලිතුරු සපයා ගැනීමටය. එකි ආර්ථික මාදිලියේ ඉතිරි කොටස් තෘප්ත කරන වැඩසටහන් ලඟදිම එලිදකිනු ඇත.

දැන් අප සලකා බැලිය යුත්තේ ජාතික අභියෝගයකට පිලිතුරු සොයා යාමේදි අප ඉදිරිපත් කරන දේශපාලන ආර්ථික තර්කනය යථාර්තවාදිද නැද්ද යන්නයි.
අපගේ තර්කය තහවුරු කිරිමට මා ශ්‍රී ලාංකික ආර්ථිකය දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයකුට සමාන කොට දකින්නට පෙලඹෙමි. ඉන් කියවෙන්නේ අප නිට්ටාවට සුව කල නොහැකි ආර්ථික ව්‍යාධියකින් පෙලෙන බවයි. එසේම එම තත්වය නිසා අප නිශ්පාදන ආර්ථිකය තුල විශම චක්‍රයකටද ඇතුලත්ව තිබේ. උදාහරනයක් ලෙස ගත් කල අපේ වෙලඳ ශේෂය ඉදිරි වසර 15 තුලවත් වෙනස් වන්නට ඉඩ තිබේද යන්න සැක සහිතය.(මන්නාරම් ද්‍රෝනියෙන් ගැස් ලබෙන්නේ නම් තත්වය වෙනස් වන්නට ඉඩ තිබේ)

අපි අතවන්න ඕන  technology incentive investment වලට
channel incentive technology investment

ඒ තාක් දුරට අපගේ රැපියල දිගින් දිගටම බාල්දු වනු නියතය. ඒ නිසා ආනයනික භාණ්ඩ මිලද ඉහල යනු ඇත. අපගේ අපනයන ආදායමද සිමිතය. එය වර්ධනය කර ගැනිමට දැනට අප කතා කරන විකල්ප එනම් labor incentive investment and production යන මාදිලිය තවදුරටත් රටේ ශ්‍රම වෙලඳ පලට සාපේක්ෂව තිරසාර වන්නේ නැත. ඒ නිසා ඔය කියන සෘජු විදේශ ආයෝජකයන්ට ලංකාවට එන්නට හේතුවක් ඇත්තේම නැත. එසේ නම් අපට සිදුවන්නේ technology incentive investment සඳහා අත වනන්නටය. නමුත් එක අතකින් ඒ සඳහා වන කිසිදු යටිතල පහසුකමක් මෙතෙක් අප ගොඩනගා නැති අතර එවැනි ආයෝජනයන් සඳහා සෘජු විදෙශ ආයෝජකයන් සපයා ගැනිමද ඉමහත් තරඟකාරි වාතාවරනයක සිදුකලයුතුවනු ඇත.අනෙක් අතට බටහිර ලෝකය හා චිනය කෙමෙන් කෙමෙන් ආරක්ෂන වාදයට යොමුවන තත්වයක් තුල මෙරට තුල නිශ්පාදනය කොට විකුනන්නේ කාටද යන අභියෝගයද ඉස්මතුවනු ඇත. ඒ නිසා අපට ඇති එකම විකල්පය ක්‍රමක්ක්‍රමයෙන් අප දැනටමත් ඇතුල්වි ඇති විශම චක්‍රයෙන් එලියට පැමිනිමට උත්සාහ දැරිමයි.!

සිරිලක දේ සිරිසැප දේ !
22539772 1673555432714886 9041255631766380401 n

එම නිසා අපගේ සාපේක්ෂ වාසිය (comparative advantage ) සැම විටම සිරිලක දේ සිරිසැප දේ යන්නම වනු ඇත. අප ඝර්ම කලාපයේ රටක් ලෙස පරිසරය අපට ඇති වාසියයි. ඉන්දියානු සාගරයේ මධ්‍යයේ රට පිහිටා තිබිම අනෙක් වාසියයි. රටේ පරිවාරය තවමත් කෘෂි නිශ්පාදනය තුල නියැලිම තවත් වාසියකි.ලෝකය කෙමෙන් තිරසාර සංවර්න මාදිලියකට යොමුවිමටgrama බලකරමින් සිටින අවධියක ඉහතකි වාසි සියල්ල එකට එක් කරමින් හරිත ආර්ථිකයක පෙර ගමන් කරුවකු විම හරහා අපට ලෝක ආර්ථිකය තුල විශේෂ වාසියක් අත් කරගතහැකි වනු ඇත.ඒ සඳහා පුර්ව කොන්දෙසියක් වන්නේ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් ගෙන් සැදි නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගිමයි.ඒ සඳහා කදිම පදනමක් සපයන්නේ දැනට මියයමින් සිටින නමුත් තවමත් පවතින කෘෂිකර්මාන්තයයි.ඒය පවතින්නේ රටේ ගම ලෙසින් පවතින ආර්ථිකයේ පරිවාරයේය.රටේ බහුතරයක් වෙසෙන්නේ මෙම ආර්ථික පරිවාරයේය.නමුත් ඔවුන් ආර්ථිකමය, සමාජිය හා සංස්කෘතික දිලිඳු බවකින් පෙලෙති. ආර්ථිකමය දිලිඳු බව නිසා ඔවුන් ගේ ක්‍රය ශක්තිය හිනවි තිබේ. ඒනිසා ඔවුන් සිටින්නේ වෙලඳ පලට පිටතිනි. සුලු හා මධ්‍යම පරිමානයේ ආර්ථිකයක පැවැත්මට අත්‍යවශය වන දේශිය පාරිභෝගිකයා ලංකාව තුල ඇත්තේ අල්පයකි. සිටින්නේ නම් ඒය ජනහනයෙන් 40% පමනය. අනෙක් සියල්ලන් නිරපේක්ෂ හෝ සාපපේක්ෂ දිලින්දන්ය.ඒ නිසාම දිලිඳු කම මැඩලිම ආර්ථික ජයග්‍රහනයන් අත්‍යවශය කොන්දේසියකි.නමුත් මෙතෙක් ක්‍රියාත්මකවු සමෘදිය ඉලක්ක කොට තිබුනේ නිරපේක්ෂ දුප්පතුන්ට අත දිමටය.ගැමිදිරිය හරහා දිලිඳු සමාජයන් සජිවි කරනය කොට සංවධිත කොට සමාජ සංවර්ධනය සඳහා පරිවාරයේ සිටින්නන් බලසතු කරනු ලැබුයේය. නමුත් මේ තාක් අලසව සිදුවු දෙය වන්නේ පරවාරයේ ජිවත්වන ජනතාව ජාතික නිශ්පාදන ක්‍රියාවලියේ කොටස් කරුවන් කරමින් ඔවුන් වත්කම් නිපදවන්නන් බවට පත්කිරිමය.(wealth creation) දැනට ලංකාවේ වත්කම් නිපදවන්නේ ජනගහනයෙන් 3%කි. ඊශ්‍රායලයේ එම ප්‍රතිශතය 20% කි. මෙය යතාර්තයක් කරගැනිමට නම් පරිවාරය නිශ්පාදනයට පෙලඹිය යුතු අතර එකි නිශ්පාදනයන් පවතින හා අලුතින් ගොඩනගන අගය දාමයන් (value chains) සහ සැපයුම් දාමයන් (supply chains) සමග සම්බන්ද කල යුතුව තිබේ. පුද්ගලික අංශයේ සහාය අවශ්‍ය වන්නේ මෙතැනදිය. එසේම නව තාක්ෂනය , යන්ත්‍ර සුත්‍ර ප්‍රග්ධනයද , නව සංකල්පයන්ද නව ආකල්පද අවශ්‍ය වන්නේය. ග්‍රාම ශක්ති වැඩපිලිවල ගොඩනගන්නේ මේ සියලු අවශ්‍යතා සම්බන්ධිකරනය සිදුකිරිමටය. එහි මුලික ඉලක්කය ගම නැතහොත් පරවාරය සංවර්ධනය කිරිමයි.මෙම සමස්ත වැඩපිලිවල වියුක්තව සිදුවන්නක් නොවේ.එය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ගොඩනැගෙන සංවර්ධන හා ආයෝජන සැලැස්මක් මත ක්‍රියාත්මක වනු ඇත.

උපුටා ගැනීම
ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.

ශ්‍රී ලංකා ගාඩියයන් වෙබ්අඩවියේ පලව තිබූ පුවත පහත දැක්වේ.
ග්‍රාම ශක්ති සහ V2025: නොගැලපෙන දීගේ වර්ණාන්ධතාවය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top