nsb

Nov 24, 2016

ඉතිං, අපි මොනතරං පොඩි ද ?

මිනිස් සිරුර වගේ ම, මිනිසාගේ හැසිරීමත් නිරීක්ෂණය කිරීම හරි අපුරු වැඩක්. මිනිසාගේ හැසිරීම ගැන වැඩි අවධානයක් තිබු‍නේ, පාසල් කාලයේ ඉඳල ම ශර්ලොක් හෝම්ස් ව කියවන්න ලැබුන නිසා. ගොඩක් මිනිස්සු තමන් තුල නැති දෙයක් ගැන නිතර ම ආඩම්බරයෙන් ඉන්නව.

ඇත්තට ම හොයල බැලුවම ආඩම්බර වෙන්න හේතූවක් ඇත්තෙ ම නෑ, ඒ වගේ මිනිස්සු ලඟ. ඒත් 'ලොකුකම' කියන කාරණය හිස මුදුනේ තියාගෙන, බොහොම අපහසුවෙන් ජීවත් වෙනව. ඇත්තට ම තමන්ගේ ශරීරය, තමන්ට අවැසි ආකාරයට, ඕනාවටත් වඩා පාලනය කරන්න ගියා ම ඒක 'සාමාන්‍යයෙන්' මිනිසෙකුගේ හැසිරීමට වඩා වෙනස් ස්වරූපයක් ගන්නව.

ඇත්තට ම ඒ වගේ අයව හොඳින් නිරීක්ෂණය කලහොත් ඔබට, සිනා නොවී සිටිමට නොහැකිවනු ඇත.

පොලොව (Earth), අපිට ලොකු දෙයක් වුනාට, මේ විශ්වයට අපි මොනතරම් පොඩි දෙයක් ද ? පෘථිවිය පිහිටල තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය (Solar System) තුල, සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය වගේ තවත් ග්‍රහලෝක ගණනාවක් තියෙනව. ක්ෂීර පථය (Milkey Way Galaxy) තුල පිහිටන සෞරග්‍රහ මණ්ඩලය ඒ වගේ ම, තවත් ඒකකයන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් ව පවතිනව.
ක්ෂීර පථය අයත් වෙන්නේ, දේශීය පොකුර (Local Group) කියන ඊටත් වඩා විශාල පද්ධතියකට. දේශීය පොකුර තුලත් අපි අයත් වන ක්ෂීර පථය වගේ විශාල සංඛ්‍යාවක් පවතිනව. ඒ විශාල සංඛ්‍යාව කීයක් වන්නට ඇත් ද ? එය ඉලක්කම් දහයකටත් වැඩි ගණනක් විය හැකියි. දේශීය පොකුර ඊලඟට අයත් වෙන්නේ, වර්ගො සුපිරි පොකුර (Vergo Supercluster) ට. ඒක හරියට විශාල ජලාශයක පුංචි වතුර බිඳුවක් වගේ..

නිකං පුංචියි වගේ දැනෙනව ද ?

ඔව්. අපි මොනතරං පුංචි ද ? බුද්ධ දර්ශනය තුල ලෝකය බිහිවීම පිළිබඳව දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනව. ඒ වගේමයි, එහි දර්ශනය මූලීක පදනම වෙන්නේ, ලෝකය හා සත්ත්වයා ඇතිවීම, පැවතීම හා නැතිවීම කියන සංසිද්ධීන් මූලීක කරගනිමින්. එහෙම බැලුව ම අපිට තියෙන්නෙ, ටික කාලයයි.

නන්දා මාලනී ගායනා කරන ගීතයක් අහම්බෙන්, මට මේ ලඟක දී අහන්න ලැබෙනවා.

ආදම්-ඒව මැව්වේ අපි.. අපි..
මහබඹු හැදුවේ වැඩු‍වේ අපි.. අපි..
වසන්තය ගිම්හානෙන් වෙන්කලේ අපි
දහවල රාත්‍රියෙන් වෙන්කලේ අපි
විශ්වය වටහා ගත්තේ, වර්ණය හඳුනාගත්තේ
දෙවියන් බඹුන් නොවේ අපි.. අපිමයි.
කුසුම්තුරු ලපළුලතා හැඩ කලේ අපි
සාගර ජලදහරා නම් කලේ අපි
භගවත් ගීතා ගැයුවේ, කුරාණ බයිබල ලියුවේ
දෙවියන් බඹුන් නොවේ අපි.. අපිමයි

කතාවෙන්, කතාවෙන් පටන්ගත්ත කාරණයත් අමතක වුනා. මේ පින්තූරයේ තියෙන්නේ, ෆ්‍රොක්සිමා සෙන්චුරි බී (Proxima Century b) කියන තාරකාව. හරියට ම අපේ පෘථිවිය වගේ නේද ? ඔව්. හැබැයි, මේ තියෙන්නේ, දල රූප සටහනක්. තාරකා විද්‍යාඥයන් විශ්වාස කරනව, අපේ වගේ ම දියරමය ද්‍රාවණයක් සහිත මතුපිටකින් යුත් මේ තාරකාව තුල ජීවින් සිටිනවා කියා. මේ පිළිබඳව මුලින් ම ලෝකයට කරුණු ඉදිරිපත් වුනේ, ගිය අගෝස්තු මාසයේ. පෘථිවියේ සිට ආලෝකවර්ශ 4.2 (ත්‍රිලියන 40, කිලෝමීටර්) දුරකින් තමයි පිහිටල තියෙන්නෙ කියල හිතන්නේ. නමුත් තවම එතරම් දුරක් ගමන්කරන්නට හැකි යානයක් නිෂ්පාදනය වෙලා නෑ. නමුත් අනාගතයේ මිනිසෙකු ඒ අභියෝගය ජයගනිවී. සමහරවිට එයින් අපිට වීශ්වීය සබඳතා තරකරගන්නත් අවස්ථාවක් උදාවේවී.
ඉතිං, අපි මොනතරං පොඩි ද ?

-රෝ-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top