Oct 31, 2017

ව්‍යවසායකත්වයට තෝතැන්නක් වන නව අයවැයක් !

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහා ආකර්ෂණීය බදු සහන යෝජනා ඉදිරි අයවැයෙන් ලබා දීමට සැලසුම්කර ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් ඉගියක් පළ කර ඇත.

මහා පරිමාණ මෙගා ව්‍යාපෘති සදහා විදේශ ණය ලබා ගැනීම පාලනය කිරිමටත් ඉදිරියේ මහා පරිමාණ ව්‍යාපෘති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපාර ලෙස (PPP) යටතේ  හෝ (BOT ) ගොඩනගා, පවත්වාගෙන ගොස් මාරු කිරීමේ ව්‍යාපෘති වශයෙන් ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇත.

අඩු ආදායම්ලාභී පවුල් සහ ගොවීන් වෙනුවෙන් සහනාධාර රැසක් යෝජනා වීමට ඉඩ ඇත.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා මිල අඩු කරනවා වෙනුවට අතරමැදියාගෙන් පාරිභෝගිකයා මුදවා ගැනීම සදහාත් සහනාධාර ලැබිය යුත්තන්ට පමණක් සහනාධාර ලැබෙන ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය අයවැය තුළින් අපේක්ෂා කරයි.

වාර්ෂිකව රුපියල් මිලියන 500 කට අඩු පිරිවැටුමක්  ඇති කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සදහා ආදායම් බදු සහන ලබා දීමටද අපේක්ෂා කෙරේ.

 විශේෂයෙන්ම විදේශ වෙළෙදපල ජය ගැනීම සදහා මෙවැනි කර්මාන්තවලට දායකත්වය ලබා දීම රජය ප්‍ර පත්තියක් වශයෙන් පිළිගෙන ඇත.

ඩොලර් මිලියන 100 ක ආයෝජනයන් කරන සමාගම්වලට වසර 10 ක බදු විරාමයක් ලබා දීමත් මිලියන 100 කට වැඩි ආයෝජනයක් සදහා මුළු ආයෝජන මුදල සහ තවත් 50% ක ප්‍රමාණයක් ලැබෙන තෙක් බදු විරාම කාලයක් ලබා දීමට අදහස් කරයි.

පරිසර හිතකාමී  ස්ථිරසාර ව්‍යාපෘති සහ වාහන සදහා බදු සහන ලබා දීමට අදහස් කරන අතර අශ්ව බල 1000 ට අඩු මෝටර් රථ සදහා බදු සහන ලබා දීමට යෝජනා වීමට නියමිතය.

මේ අතර රේගුව , ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම් ශක්තිමත් කර රජයට නොලැබෙන බදු මුදල් විශාල ප්‍රමාණයක් අයත් කර ගැනීමට මෙවර අය වැයෙන් සැලසුම් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top