15976 BM WEB BANNER 01
Nov 28, 2016

පේපර් මූන් යං Featured

ජීවිතේ ඒකාකාරීද, හැමදාම ආයතනවල වැඩමද, ගෙදර අයත් එක්ක ළගකදී කොහෙවත් ගියේ නැද්ද? යාළුවොත් එක්ක සෙට්වුණේ නැද්ද? ඔන්න ඔය ප්‍රශ්න වලට ගැලපෙන තැනක් තියෙනවා.

පොතුවිල් ඌරණි පැත්තේ ලංකාවේ සුන්දරම වෙරළ තීරයක් වන නැගෙනහිර වෙරළ තීරයේ අමතක නොවන නැවතුම්පළක් තමයි පේපර් මූන් කුඩිල්ස් කියන්නේ. ගූගල් මැප් එක පාවිච්චි කළොත් වැඩේ තවත් ලේසි වේවි. මෙන්න තියෙනවා තැන.

MapPapermoon 1200px 16 11 16

 

කුඩිල්
දෙමළ බසින් cottage වලට කියන්නෙ කුඩිල් කියලා. එක කුඩිල් එකක වැඩිහිටියන් තුන්දෙනෙක්ට සුවපහසුව ඉන්න පුළුවන්. ඕනම ප්‍රමාණයකට ඉඩ පහසුකම් තියෙනවා. එළියෙ මූදු හුළං වැදෙන ගමන් පොතක් කියවන්නත් පුළුවන්. හැබැයි එන්න කලින් තැන බුක් කර ගන්න එක කාටත් ලේසි වෙයි. ඉතාම නිස්කලංව ඉන්න පුළුවන් පරිසරයක් තමයි තියෙන්නේ. හැමදාම යන තැන්වලට වැඩිය ගොඩක්ම වෙනස් අත්දැකීමක් වෙනස් පරිසරයක්.මුහුදට ආසන්නයේ පිහිටි තැනැක් නිසාම විචිත්‍රවත් ස්වභාව සෞන්දර්යකින් යුක්තයි. ඒවගේම ඒ පළාතට අව් රශ්මිය ඒතරම් කරදරයක් නොවෙන බව කියන්න ඕන.

කුසීනි
මෙහි අවන්හල නම් කරලා තියෙන්නෙ kusini කියලා. දෙමළ බසින් මුළුතැන්ගෙය කියන තේරුමෙන්. මෙහි විශේෂත්වය තමයි ඉතා ප්‍රණීතවූ මුහුදු කෑම ලබා ගන්න පුළුවන්කම. ඒ වගේම දේශීය ආහාර වගේම විදේශීය ආහාර වර්ග ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

ඒ වගේම කෙයිතරම් නිදහස්ව, විවේකිව ඉන්න ගියත් රාජකාරී කටයුතු අමතක කරන්නම බැරි සහ ෆෙස්බුක් නැතුව බැරි අයට අන්තර්ජාල පහසුකමත් මෙතනින් නොමිලේම ලබා ගන්න පුළුවන්.

යන එන තැන්
මේතන ඉදලා පහසුවෙන් බලන්න යන්න තැන් ගණනාවක්ම තියනවා. ඔකඳ දේවාලයට යන්න පුළුවන් ඒක වෙනස්ම සංස්කෘතික අත්දැකීමක් ලබා දෙන තැනක්, ඒ වගේම කුඩුම්බිගල, පානම, ආරුගම්බේ, ඉඟිනියාගල ජලාශය, ක්‍රොකඩයිල් රොක් , ගෝවින්දා හෙළ ,මුහුදු මහා විහාරය, කුමන මේ කියන ස්ථාන වලට පහසුවෙන් යන්න එන්න පුළුවන් විදියේ සංධිස්ථානයක් තමයි පේපර් මූන් කියන්නේ. කලපුවේ බෝට්ටු සවාරි යන්නත් පුළුවන්. Surfing ගැන නම් කියන්න දෙයක් නැහැ. ආරුගම්බේ සහ විස්කි පෙයින්ට් කියන්නේ Surfing සඳහා ලෝකයේ සුප්‍රසිද්ධ වෙරළ තීරයක්. උදම් රළ ඉහළ යන අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය Surfing වලට කියාපුම කාලයක් කොහොමත්.

මේ හැම තැනම ඟිහිල්ලා කකුල් අමාරුවක් හරි ඇඟපත අමාරුවක් ආවොත් ඉතාම සනීප මසාජ් එකක් දාගන්නත් පුළුවන් කමක් මෙතන තියනවා. ඒ වගේම මහන්සි යනකන් kadal එකේ හරි pool එක ළඟ හරි මුහුදු හුළං වැදි වැදි සනීපෙනට ඉන්නත් පුළුවන්. ඒ නිසා බය නැතිව නිවාඩුව ගතකරගන්න පුළුවන්.

සුහද සහය
පේපර් මූන් කුඩිල්ස් වල කාර්ය මණ්ඩලය ඌරණි ගමේම අය. හැමවෙලාවෙම ඉතා සුහදව, කඩිසරව තමන්ගේ Guests ලා ගේ නිවාඩුව හැකිතාක් සුවපහසු කරන්න ඔවුන් මහන්සි වෙනවා. ඒ වගේම ඇවිදින්න ඕන නම් ඒ තැන් වලට යන්න අවශ්‍ය පහසුකම් මෙතනින් ලබා දෙන්නේ මග පෙන්වන්නෙකුත් සමගයි.

වස විස නැති
විශේෂයෙන්ම සඳහන් යුතු කාරණයක් වෙන්නේ මෙතන වස විස නැති කෑම වේලක් තමයි හැම විටම ලැබෙන්නේ. රසායනික පොහොර භාවිතාවකින් තොරව කාබනික පොහොර භාවිතයෙන් පමණක්ම ඔවුන්ගේම ගොවිපලකින් නිපදවන එළවළු සහා පළතුරු තමයි ඔබේ ආහාරය පිළියෙළ වෙන්නේ. ආහාර වේල් සපයා දෙන කාර්යය මණ්ඩලයක් අතින් නිම වෙන ආහාර ඉතා රසවත් වෙනවා වගේම මෙනු පතින් ඔබ තොරා දෙන කෑම වෙල සුළු කාලයක් ඇතුලත හදාල දෙන්නේ ඔවුන් ඉතාමත් කඩිසරවයි.

විනෝද වෙන්න, විවේකයෙන් ඉන්න හැමදෙනාටම සතුටින් දවස් කිහිපයක් ගත කරන්න ඔබට පුළුවන් වෙයි. ඒ වගේම ඔබේ ආදරණීයන්ට අලුත් අත්දැකීමක් එක්කරන්න ඔබට මේ මගින් පුළුවන් වේවි.

-ෂාරා-
(ඡායා : කැළුම් ශිවන්ත, තුෂාරා විතාරණ, ශානිකා ජයසේකර)

comment (1)

  • සදුනි

    ෂාරා නියමයි තවත් ඔය වගේ තැන් තියනවනම් ඔයා අපට විස්තර දෙන්න අපි ලගදිම පේප මුන් යනවා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top