15976 BM WEB BANNER 01
Dec 04, 2017

මොර නොගා දැයට සිසිල ගෙනෙන සංහිදියාවේ සමුද්‍රය නොහොත් මොරගහකන්ද

ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර ඇතිවන්නේ ගංගා නිම්න ශිෂ්ටාචාර පසුබිම් කරගෙන වුවද ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාර බිහිවන්නේ වාපි ශිෂ්ටාචාර වශයෙනි. වාපි ශිෂ්ටාචාරයේ ලිඛිත මුල් ලකුණු අපට හමුවන්නේ කිතුවසින් 67 - 111 කාලයේ රජ කළ වසභ නම් රපුගේ කාලයේය.

ඔහු විසින් වැව් 11 හා ඇලවල් 12 ක් නිමැවූ බව ඉතිහාසයේ සඳහන්ය.

ක්‍රි.පූර්ව පළමුවන සියවසේ ජීවත් වූ කූටකණ්ණතිස්ස රජු විසින් සෝමාවතියේ මින්විල අසලින් වේල්ලක් බැඳ මහවැලිය හරස් කොට වාරි ව්‍යාපෘතියක් නිමැවූ බව සඳහන්ය. එය මහවැලියේ ඉතිහාසගත මුල් සාක්ෂිය වශයෙන් ලේඛන ගතව ඇත.

1900 පිහිටුවන ලද වාරිමාර්ග දේපාර්තමේනතුව මහවැලි ගග රජරටට හරවා ජල හිගය දුරු කිරීමට යොදාගත යුතුයැයි මුල්ම යෝජනාව කරන ලද්දේය.

විවිධ බාධක මැඩ වසර ගණනක් ගතව පසුකාලීනව මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එය කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මැදුරු ඔය ජලාස ඉඳි කිරීමෙන් රැස් කෙරෙන ජලය මගින් නව අක්කර 320.000 ක් සංවර්ධනය කොට අක්කර 30,000කට දියවර සැපයීය හැකි බවත්, මෙගාවොට් 540ක ස්ථාපිත ජල විදුලි ශක්තියක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමත්, මහවැලියේ අරමුණ වූ අතර එය ජයගෙන හමාරය.

උතුරු වියළිකතර හරිත වර්ණයෙන් බබළවන්නට:

මෙම ව්‍යාපෘතියේ අවසන් මෙන්ම සුවිසල් ම ව්‍යාපෘතිය වූයේ මොරගහකන්දයි. එය උතුරට ජලය රැගෙන ගොස් වියළිකතර හරිත වර්ණයෙන් බබළවන්නට තරම් සමත්වන බව මෙය සැළසුම් කළ විදෙස් විශේෂඥවරුන් පවසා තිබේ.

සෑම දේශපාලකයෙකුම අතහැර දමා තිබූ මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය වත්මන් ජනාධිපතිවරයා සිය අණසකට යටත් කොට කඩිනම් කරණුයේ මෙවන් තත්ත්වයක් යටතේය.

අප දන්නා පරිදි පැරකම් සමුද්‍රය යනු ලංකාවේ අති සුවිසල්ම වැව වන්නේය. එය සමුද්‍රය යන්න යෙදීමෙන්ම එහි විශාලත්වය මනාව දෘෂයමාන වේ.

එසේ නම් සිතා බලන්න මොරගහකන්ද පැරකුම් සමුද්‍රය මෙන් 6 ගුණයකි.

ඇතෙන්ම පැරකුම් සමුද්‍රය සාගරයක් නම් මොරගහකන්ද සප්තමහා සාගරයකි. එහි ජලයේ සිහිලස උතුරේ උණුසම නිවමින් සංහිඳියාවේ සිහිලස රැගෙන උතුරට ඇදෙනු ඇත.

විලිරැදාවෙන් පෙළෙන මොරගහකන්ද :

මොරගහකන්ද නව ගොවිබිම් හෙක්ටර්යාර් 84000ක්, නව පවුල් ඒකක 1.50.000ක්, නව මාර්ග පද්ධති 350ක්, ජාතික වැව් පද්ධතියට වැව් 1800ක්, ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 25 ක්, වශයෙන් ජාතික මෙහෙවරක් ප්‍රසූත කිරීම පිණිස විලිරැදාවෙන් පෙළෙන්නීය.

පසුගිය කාලයේ රටේ මහත් ධනයක් කාබාසිනියා කරමින් නැව් නොඑන වරායවල් සෑදූ, අහිංසක මොනරුන් මරා දමුනු පිණිස ගුවන් තොටුපළ හැදූ, තව වසර 16ක් පමණ යනතුරු විදේශිකයින්ට මුදල් ගෝණි බඳිමින් යැවිය යුතු රටට කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නැති හයිවේ සැදූ , දූසිත ඉතිහාසය අපට අමතකව ගොසිනි. (ඇත්නෙන්ම නව රජය දැන් උත්සා කරන්නෙ මෙම හයිවේ වල මුදල් අය කිරීමකින් තොරව රෝගියෙක් රැගෙන යාමට ගිලන් රථයකට අවසර ගැනීමටය තවමත් එයට අවසර නැත)

වත්මන් රජයේ බොහෝ සේ සේවය කළත් එය ජනගත නොවන්නේ රජයේ සංනිවේදනයේ ඇති ඉතාම දූර්වලභාවය නිසාය. එය එසේ නොවන්නට වසර දෙකක් වැනි කුඩා කාලයකදී මෙතරම් දැවැන්ත වැවක් නිම කොට ජල විදුලිය දෙන්නට සමත් වූවත් එය ජාතියට අත් විදීමට තරම් වාසනාවක් උදා නොවන්නේ ඒ නිසාය.

අප මානවවාදි ලෙස සිතුවහොත්යම් පැණයක් ඇතිවුවත්, ත්‍රස්තවාදී උතුරේ නායකයා අවසන් ගමන් ගිය සතුට පළ කලේ සෑම තැනකම කිරිබත් පිසිමින් කමින් ප්‍රීති ඝෝෂා මැද බව අප දන්නා ඉතිහාසයයි.

නමුත් ජාතියේ යුග මෙහෙවර වෙනුවෙන් මෙවන් කරුණක් මුල් කොට ගෙන කිසිදු හඩක් නොනගා සිටින්නේ ඇයි?... වසර දහයක් තරම් කාලයක් තුළ හොරකමින්, දූෂණයෙන්, පාලනය කල පෙර යුගයත්.....වසර දෙකක් වැනි කුඩා කාලයකින් ජල විදුලිය බෙදන්නට තරම් සමත් වූ වත්මන් ජනපතිවරයා රටේ හදුන්වන්නේ කිසිවක් බැරි අසමත් නායකයෙකු ලෙසයි.

එය එසේ සිදුවන්නේ වත්මන් රජයෙන් සිදුවන කටයුතු පිළිබඳව ජනතාවට දැනගැනීමට ඇති අවස්ථා අහිමිවීමෙනි..

සමාජවෙබ් ජාලා තවමත් ඇතාගේ දළ පිළිබඳ හොටුපෙරමින් සිටි.. මුලුමහත් සමාජ වෙබ් ජාලා පුරාම ඇත්තේ මොනවාද යැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

(සාලිය ලියනාරච්චි -2017-12-03)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top