Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 09, 2017

දායාසිරිගේ සුදුළූනු පොඩි කිරිල්ල !

ක්‍රිකට්‌ දියුණු කිරීමට සකසා ඇති සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයෙන් බාධා එල්ල වුවහොත් එය විසුරුවා හරින බවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් කර තිබිණි.

 දයාසිරිගේ මේ ප්‍රකාශය ක්‍රිකට් කේෂත්‍රය කළඹවන්නට හේතුවනු ඇතැයි ඔහු සිතුවද ඒ සඳහා එතරම් විශාල ආන්දෝලනයක් ඇති නොවුණි.

ඒ මේවන විට ක්‍රිකට්, ජනතාව අතර පරාජිත මානසිකත්වයක් ගොඩ නගා තිබීමත්, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව ජනතාව මේවන විට අවබෝධකරගෙන සිටීමත් නිසාය.

ඇත්තෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවීමට අමාත්‍යවරයා මහන්සිවිය යුතු නොවේ. ඒ ලබන වසරේ (2018) මාර්තු 31 ට පෙර ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට ක්‍රිකට් නිලධාරී මණ්ඩලය විසුරුවාහැරීම සිදුකළ යුතු නිසාය.

ඉකුත් වසරේත් නිලවරණයක් නොපැවැති නිසා මෙවර එය අනිවාර්යයෙන්ම කළ යුතු වේ.

ඒ අනුව 31ට කලින් එය විසුරුවාහැර නාමයෝජනා කැඳවීම කළයුතුය.

අමාත්‍යවරයාට අවශ්‍ය නම් මාස කිහිපයකට අතුරු කමිටුවක් පත් කළ හැකිය. එයද කළ හැක්කේ අයි.සී.සී.යට මාස කිහිපයක් යන තෙක් අතුරු කමිටුවක් පත්කරන බවට දැන්වීමක් කර තියාය.

ඒ කෙසේවෙතත් එම කමිටුවට මාස තුන හතරකට වඩා වැඩි ආයුකාලයක් ලබා ගත හැකි නොවේ.

ඇමතිතුමා ඊට වඩා යමක් සිතන්නේ නම් ඔහුට කිවයුතුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වන්නේද බැඩ්මින්ටන් ක්‍රීඩාවට අත් වූ ඉරණමම බවය. (ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකාව මේවන විට තහනමකට ලක්කර තිබේ.)

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවාහැරීමට ඇමතිතුමා සිතිය යුතුව තිබුණේ මීට කලින්ය.

එසේ සිතුවේ නම් අමාත්‍යවරයාගේ අනුමැතිය නොගෙන කණ්ඩායමක් පිට රට යැවීමට සැලැසුම්කරණ ආකාරයට ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ ඇමතිවරයා හෑල්ලු නොවන්නටද තිබිණි.

දැන් ස්තාලය වසා දැමීමට අවශ්‍ය නොවේ අශ්වයා දැන් පැන ගොස් හමාරය. දැන් අවශ්‍යවන්නේ පැනගිය අස්සයා අල්ලාගෙනවිත් ස්ථාලයට දමා වසා ගන්නා සැලැස්මකි.

කෙටි කාලයකට අතුරුකමිටුවක් දමා නැවත නිලවරණයකට ගියද වර්තමානයේ එහි පාලන බලයේ සිටින අය නැවත පාලන බලය ලබා ගැනීම නැවැත්විය නොහැකිය.

ඒ අදාළ පිරිස් මේවන විට සිය ඡන්ද බලය සකස් කර ගැනීමට අවශ්‍ය සූත්තර දා හමාර නිසාය.

එසේ නම් අමාත්‍යතුමති පනින්නට පෙර සිතා බැලීම අවශ්‍ය වන්නා සේම කියන්නට පෙරද සිතා බැලිය යුතුය. ඒ කරන්න බැරිදේ කීම කයිවාරු ගැසීමක් වන නිසාය.

- තුමිඳු උඳුගොඩ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top