Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 28, 2017

ඇයි පිරිමින්ට මෙහෙම වෙන්නේ?

'බඳිනවා' කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්‍රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා. එහෙම තියෙද්දී තමන්ගේම කිරි පරිභෝජනයට එළ දෙනෙක් ගන්න හිතන කෙනෙක් ඉන්න පුළුවන්ද?

විවාහවීම එළ දෙනෙක් ගැනීමට සමාන කිරීම ගැන අමනාප වෙන්න එපා. ආදරය, ආදරය කරන දෙදෙනෙකුගේ එක්වීම වගේ දේවල් වල අලංකාරයක් තියෙන බව මම පිළිගන්නවා. මේ පෝස්ට් එකේදි මම හිතුවේ එවන් එක්වීමක තිබෙන දීර්ඝ කාලීන තර්කානුකූල බව පමණමයි. එම නිසා හදවතින් නොව ඔළුවෙන් සිතා ප්‍රතිචාරයක් දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

එක් මානවිකාවක් බ්ලොග්කාරිණිය ලියන මිනිසුන් අතර බ්ලොග් එකේ සංවාදයක් නිසා තමයි මේක ලියන්න හිතුණේ. පහල තියෙන කොටස ඒකේ මම දැම්ම කමෙන්ට් එකක්. ඒකට කිසිම ප්‍රතිචාරයක් නොලැබිච්ච නිසා මෙතන ඒ ගැන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් මෙතන පෝස්ට් කරනවා.26196916 10215535853377580 661718287 n

මිනිසුන් ඇරුනාම ජීවිත කාලයක් එකට ඉන්න බලාගෙන විවාහ වෙන වෙන සත්ව කොට්ඨාශයක් නැති නිසා එයින් ඔප්පු වන්නේ විවාහය සමාජීය අවශ්‍යතා සඳහා මිනිසා විසින් අටවා ගත් ස්වභාව දහමට අනුකූල නොවන දෙයක් බවයි.

ගැහැණු - පිරිමි ආකර්ශණයට ප්‍රධානම හේතුව ස්වභාව ධර්මයා විසින් වර්ගයා පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ඇති වී ඇති දෙයක් බව රසහක් නෙමෙයි. එවන් ආකර්ශණයක් ටික කාලයකදී නැතිවෙනවා. මුලදී කොතරම් ආස වුණත් එකම කෑම වර්ගයක් එක දිගටම කනකොට ඒක එපා වෙනවා වගේ. එවන් අවස්ථාවල විවාහයෙන් පිට වෙනත් අයට ආකර්ශණයන් සහ සම්බන්ධතා ඇතිවීම සමාජය කොපමණ ගැරහුවත්, ස්වභාවික දෙයක්.

ස්කැන්ඩනේවියානු රටවල විවාහයන් කියන්නේ දුලභ දෙයක් බව අසා තිබෙනවා. එයට ප්‍රධානම හේතුව තනි මව්පිය පවුල්, සහ දෙමපියන් සමඟ ජීවත් නොවන දරුවන් රැකබලා ගැනීමට ආයතන බහුලව තිබීම. එසේ නොවන රටවල් වල දරුවන් නිසාම දෙමව්පියන් සිටීමේ අවශ්‍යතාවය නිසා විවාහය කියන එකට වැදගත් කමක් ලැබීමත් විවාහයකින් අයින් වීම අපහසු වන විවිධ නීති තිබීමත් සිදුවී තිබෙනවා. උදාහරණයකට ලංකාවේ දරුවන් නැති විවාහයක් වුවත් දෙදෙනාගේ කැමැත්තෙන් අවසන් කරන්න බැහැ. ඒ නිසා දෙදෙනාගේම එකඟත්වයෙන් ද්වේශ සහගත අතහැරයාම වැනි හේතුවක් එක් කෙනෙක් අනිකාට දාල තමයි සිය කැමැත්තෙන් වුනත් වෙන්වන්නේ.

රැකියාවක්, වාහනයක්, නිවසක් වැනි දෙයක් තමන්ට අකමැති නම් අයින්වී හෝ විකුණා දමන්න පුළුවන් වුණත් ඒහා සමාන 'ලබා ගැනීමක්' වන විවාහය එක් කෙනෙකුගේ කැමැත්තෙන් අවසන් කරන්න බැහැ. කලින් කිව්වා වාගේ දෙදෙනාගේම කැමැත්තෙන් වුවත් බොරු කියා අවසන් කල යුතුයි. එවන් සංකීර්ණ දේකට තවමත් මිනිසුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නේ ඇයි?

කාන්තාවන් යම් කෙනෙක්ගේ රැකවරණය ලබා ගැනීමට, සමාජයෙන් කොන්වීම මඟ හරවා ගැනීමට වැනි හේතු නිසා වෙන්න පුළුවන්. එතකොට පිරිමින්? ඔවුන්ටත් සමාජ හේතු වෙන්න පුළුවන්. විවාහ නොවුන කෙනෙක් සමලිංගිකයෙක් වැනි ලේබල් කිරීම් ලංකාව වගේ පසුගාමී රටක දුලභ නැහැ. ඒ නිසාද? එහෙම නැත්නම් කෑම ඉවීමට, ගෙදර දොර අස් පස් කරගැනීමට කෙනෙකු අවශ්‍ය නිසාද? එහෙම නැත්නම් 'නිත්‍යානුකූලව' ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමටද?

දරුවන් ගේ ආර්ථික, මඟපෙන්වීම් සහ ආරක්ෂක අවශ්‍යතා නිසා විවාහයක කියන එක අවශ්‍යතාවක් බව පිළිගත්තත්. තවම ඉපදී නැති කෙනෙකුගේ අවශ්‍යතා නිසා බොහෝ සීමා වීම් බලපාන, ආපසු හැරවීමට ඉතා අපහසු බන්ධනයකට කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ මිනිසුන්ගේ ඇති masochist tendencies නිසාද?

හදවතින් නොව ඔළුවෙන් සිතා පිළිතුරක් දෙන මෙන් නැවතත් ඉල්ලා සිටිනවා.

ඉයන්ගේ අඩවියෙන් උපුටා ගන්නා ලදි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top