Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 10, 2018

නව වසරක ඇසුර බිඳී නව වසරයි !

‘සන්ඩේ ලීඩර්’ ආයතනයේ මා ගෙවූ වසර 9 ක කාලය පුරාම ලසන්තගේ මනුස්සකම සෑම සේවකයෙකුටම එක හා සමාන විය.

සේවකයෝ පරිපාලනය කළ වුන්ට වඩා කර්තෘ වූ ලසන්තට ආදරේ කළහ.. තමන්ගේ ආයතනික ප්‍රශ්ණ කියුවේ ඔහුටය... බොහෝ රාජ්‍ය නිලධාරීන් විවිධ අමාත්‍යාංශවල සිදුවන අක්‍රමිකතා අඩංගු ලිපි ගොනු රහසේ විත් ලසන්තට දී ඒවා රටට එලිකරන ලෙස ඉල්ලා සිටි අවස්ථා රැසක් විය. ඒ ඔවුන්ට ලසන්ත දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව අභීතව හඬ නගන බව හා කිසිවෙකුට නොබියව මාධ්‍ය කලාව හසුරුවන බවට වූ විශ්වාසයයි. ඒ බොහෝ අවස්ථාවල ඉහත ලිපි ගොනු ‘ස්කෑන්’ කර ගත්තේ මා හෝ මියගිය මාධ්‍ය සගයා වන දිනේශ්ය.

ලසන්තගෙ ඇසුරේ සිටි වසර 9 කාලය මා හට නම් මාධ්‍ය විශ්ව විද්‍යාලයක ගත කළ කාලයක් වැනිය. ඔහුගෙන් අප අසන බොහෝ දේ සම්බන්ධව පැහැදිලිව නිරවුල්ව ඔහු මා හට කියා දුන් වාර අනන්තය, ඔහුටම ආවේනික වෙනම මාධ්‍ය ප්‍රතිපත්ති රැසක් හා ස්වයං ආචාර ධර්ම පද්ධතියක් ඔහු තුළ විය. කිසිවිටෙකත් සම්මාන පසුපස නොගිය ලසන්ත කිහිප වරක්ම කර්තෘ සංසදයේ සම්මාන උළෙලවලට සහභාගී වීමෙන්ද වැලකී සිටියහ. සම්මාන ප්‍රතික්ෂේප කළහ. නීතිඥයෙකු නිසාම තමන් ලියන ප්‍රවෘත්තියේ නීතිමය රාමුව සම්බන්ධව මනාව දැන සිටි ඔහු එනිසාම කිසිවෙකුටවත් බය වූයේ නැත.

අද වන විට රටේ සිදුවන දූෂණ, වංචා, අක්‍රමිකතා දකින විට අද ලසන්ත සිටියානම් යැයි මට සිතෙන වාර බොහෝය. ලසන්ත නැති වුවද ලසන්ත යටතේ පෝෂණය වූ මාධ්‍යවේදීන් වේදිනියන් රැසක් තවමත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇත. ලසන්තගෙන් ගිලිහුනු පන් හිද තවත් ඉදිරියට ගෙන යෑම අපගේ වගකීම වේ.

ලසන්ත අතින් අත හැරුණු පන්දම අල්ලාගෙන ප්‍රඥාව දැල්වීමේ වගකීම අප පරපුර සතුවේ.....

ලසන්ත මරා දැමූවන් තවමත් නිදැල්ලේ ඩීල් දමමින් සැරි සරති..
ඇතැමෙක් වත්මන් ආණ්ඩුව තුළම වරප්‍රසාද විදිමින් සිටී...

ලසන්තගේ, ප්‍රගීත්ගේ, සිවරාම්ගේ ප්‍රාණ නිරුද්ධ සිරුරු මතින් පාර්ලිමේන්තුවට ගිය බොහෝ දෙනෙක් නිහ`ඩය.

ඝාතනයට එරෙහිව මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ අප සමග සිටි අපේම ඇතැම් මාධ්‍ය සගයින්ගේ සහ අපේම සංවිධානවල හ`ඩ ආණ්ඩුවේ තනතුරු, නිලතල, වරප්‍රසාද ඉදිරියේ මුඛවාඩම ලා ඇත....

551026 484701441557528 1324767420 nනමුත් හෘද සාක්ෂිය තවමත් ඇති අපි එදා මෙන් අදද, අද මෙන් හෙටද ලසන්ත වැන්නවුන් වෙනුවෙන් පෙනී සිටිමු... සටන් කරමු.... ලසන්තගේ මාවතේ ඉදිරියටම යන්නට ප්‍රතිඥා දෙන්නෙමු....

තිළිණ අලහකෝන්
ලේකම් - මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව
කැදවුම්කරු - නිදහස් මාධ්‍ය සංසදය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top