Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 09, 2018

ඔබ ගිය මඟ මල් පිපී ඇත

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ දසවැනි ගුණානුස්මරණය අදට (9දා) යෙදී තිබේ.

1962 සැප්තැම්බර් 08 වැනි දින උපන් සූරියආරච්චි මහතා 2008 පෙබරවාරි 09 වැනිදා රිය අනතුරකින් මිය ගියේය.

වෘත්තියෙන් නීතිඥයකු වූ ඒ මහතා පාර්ලිමේන්තු මනත්‍රිවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය. එමෙන්ම සූරියආරච්චි මහතා නාවික හමුදා නිලධාරියකු මෙන්ම ප්‍රකට මල්ලවපොර ශූරයකුද විය.

2004 අප්‍රේල් මාසයේ පැවැත්වුණු මැතිවරණයෙන් සූරියආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්විය. ඔහු කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් කටයුතු කළේය.

Sripati 1 300x3122005 පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අතර රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ආණ්ඩුවේ වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිකර ගත්තේය.

මාස කිහිපයකට පසු අමාත්‍ය ධුරයෙන් ඒ මහතා ඉල්ලා අස්වූ අතර පසුව මංගල සමරවීර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය පිහිටුවා එහි ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.

2007 වර්ෂයේදී ශ්‍රීපති සූරියආරච්චි මහතාට රජයේ වාහන අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් ගත වීමට ද සිදුවිය.

බන්ධනාගාර රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කරමින් අවිස්සාවේල්ල මහාධිකරණය විසින් ඇපමත මුදාහරින තුරුම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවකු ලෙස සිටි සූරියආරච්චි මහතා බන්ධනාගාරයෙන් පිටවනතුරුම තමාට සිදුකර ඇති චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය.

රිය අනතුරකින් මියයනවිට ඒ මහතා 46 වැනි වියේ පසුවූ අතර රැස්වීමක් අවසන් කර අනුරාධපුරයේ සිට පැමිණෙමින් සිටින විට මේ අනතුරට ලක් විය. ඒ මරණය සමාජයේ දැඩි කතා බහට ලක්වූ මාතෘකාවක්ද විය.

ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ දස වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් අද (9) රාත්‍රියේ ඒ මහතාගේ නිවසේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට නියමිතය.

දිනමිණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top