Dec 06, 2016

සබඳ අපි බදු ගෙවමු, මන්ත්‍රී වැටුප වැඩිකරගන්න Featured

මේ වනවිට මහජන නියෝජිතයකු ලබන වැටුප, දීමනා සහ වරප්‍ර‍සාදවල මිල ඉහල දැමීමට ඉල්ලද්දී, ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,837 ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වේ.

එසේ තිබියදී සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණීමේ දීමනාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීමටත්, සභාවාරයකට පැමිණිමේ දීමනාව 25,00ක් දක්වා ඉහළ දැමීමටත් යෝජනා වී තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කාර්යාල දීමනා ලෙස මසකට රුපියල් 100,000ක් ලබා දීමටද සූදානම් වේ.

මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් පනස් හතරදහස් දෙසිය අසූ පහක් (54,285) වන අතර අමාත්‍යවරයෙකුගේ මාසික වැටුප රුපියල් හැට පන් දහසකි.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුගේ දීමනා සමඟ වැටුප එක්ලක්‍ෂ හැටදාහක් (160,000) පමණ වන අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනාවත් කාර්යාල දීමනාවත් සමඟ එම දීමනාව හාර ලක්‍ෂ හැටදාහක් (රු. 460,000) වේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස සලක‍ා ගණනය කළ බැලුවද ඔවුන් වෙනුවෙන්  රුපියල් මිලියන 36,000,000 ක මාසික මුදලක් වැය කිරීමට සිදුවේ.

පහත දැක්වෙන මහජන නියෝජිතයින් ලබන වැටුප, දීමනා සහ වරප්‍ර‍සාද ලැයිස්තුව කියවා බැලීමේදී  ඔවුන් වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන ආකාරය ගණනය කර ගත හැකිවේ.

MPbonous1

කැබිනට් අනුමැතිය අනුව ඉහළ දමා ඇති ගෙවීම් සඳහා මසකට වැයවන මහජන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 20 කට වඩා අධික බව වාර්තා වේ.

මේ අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරු 58 දෙනෙකුට වාහන සඳහා එක් අයෙකු වෙනුවෙන් මාසිකව ලක්‍ෂ 07 ගණනේ වෙන් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේ වනවිටත් එම මන්ත්‍රීවරුන්ට ලක්‍ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබාදෙයි.

එසේ තිබියදීත්  මන්ත්‍රීවරුන්ගේ අමාරුකම් ගැන කතා කරමින් සිටින ආණ්ඩුව උත්සාහ දරන්නේ අයවැය සදහා බහුතර කැමැත්ත දිනා ගැනීමටය.

මෙම තත්වය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රශ්න අමතක කර තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන ආකාරයයි.

බදු බරින් ජනතාව පීඩනයට පත්ව ඇති ආකාරය පිළිබදව සමාජ ජාලා වෙබ් අඩවිවල  ‍විවිධ අදහස් පළවෙන ආකාරය මේ දිනවල දක්නට ලැබේ.

- මාලි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top