nsb

Dec 06, 2016

කබීර්ට ආයෙත් හූ කියති

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතාට සිරිකොතේ අද (06) පැවැති උත්සවයකදී හූ කියා ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයාට මෙසේ හූ කියා ඇත්තේ අද සිරිකොතේ පැවැති පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අතරතුරදීය.

අදාළ රැස්වීම නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය විසින් සිය කතාව ආරම්භ කිරීමෙන් පසුව පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගෙන් මහ ලේකම් කබීර් හෂීම් මහතාට විරෝධය එල්ලවී තිබේ.

එහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු, යූඑන්පී කාරයෝ බලුවී ඇති බවත්, කබීර් ඇතුළු ලොක්කන් ඔවුන් හිඟන්නන් කර ඇති බවත්, ආණ්ඩුව දුවන්නේ පිට දේසක්කාරයින්ගේ කියුම් බහට බවත්, යූඑන්පීකාරයින්ට රස්සාවක් ලබාදීමට ද නොහැකිව අසරණව සිටියදී දුරකථන ඇමතුමක් ලබාදුන් විටද ඔහු දුරකථනයට පිළිතුරු නොදෙන බව කියමින් බැනවැදී ඇත.

සබැදි පුවත්

එජාප මහලේකම්ට එජාප පළාත් සභා මන්ත්‍රීන්ගේ විරෝධය

කබීර්ට එරෙහිව අගමැතිට ගතු කියයි 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top