Dec 06, 2016

බීලා බෝට්ටු පදිනඅය අල්ලන්න මුහුදු පොලිසියක් එයි ? Featured

බීමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැලක්වීමට අවශ්‍ය නව නීති හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.

රැකව ප්‍රදේශයේ කකුළුවන් බෝකිරීමේ මඩ පොකුණක් ආරම්භ කිරීමට ස්ථාන පරික්ෂාවකට එක්වූ ඇමතිවරයා එහිදී මේ බව කීය.

මුහුදේ සිදුවන අනතුරු අවම කර ධිවර ජිවිත මෙන්ම බෝට්ටු හිමිකරුවන් රැකගැනීම අරමුණ බවද ඔහු කියා සිටී.

බීමත්ව වාහන ධාවන කිරීමෙන් අනතුරු සිදුවන්නා සේම බීමත්ව ධීවර බෝට්ටු පැදවිමේදීත් බහුලව අනතුරු සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

සාගරයේ සිදුවන එවැනි අනතුරු ජනතාව අතරට එතරම් නොයාම හේතුවෙන් ඊට එරෙහි ජනතා මතයක් ගොඩනැගී නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය.

බෝට්ටු අනතුරුවලදී ජිවිත අනතුරු ද සිදුවන බව පැවසූ ඔහු එවැනි අනතුරුවලදී බෝට්ටුවලට වන හානිය ඉතා විශාල බව සදහන් කළේය.

“ දැන් බලන්න බීලා වාහන ධාවනය කළොත් පොලිසිය අත්අඩංගුවට ගන්නවා. උසාවි ගිහින් දඩ ගහනවා. පහුගිය දවස්වල රටේ ලොකු ඝෝෂාසාවක් ගියා දඩ මුදල් වැඩිකිරීම පිලිබදව. මම ධීවර අමාත්‍යංශයට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙම යෝජනාව ඉදිර්පත් කරනවා. මුහුදේ සිදුවන අනතුරු වලක්වා ගැනීමට නව නීති හඳුන්වා දීමේ අරමුණ ධීවරයාත් බෝට්ටු හිමිකරුවාත් යන දෙපාර්ශවයම ආරක්ෂා කර ගැනීමයි. පසුගිය දින වල එවැනි අනතුරු වෙලා තිබුණා."
 
“ සමහර බෝට්ටු දෙකට කැඩිලා . එවැනි බෝට්ටුවක් ලක්ෂ 100 ක් ලක්‍ෂ 150 විතර වෙනවා. ඉතින් මෙවැනි අනතුරකදී ධීවරගේ පවුල් අනාථ වෙනවා බෝට්ටු හිමි කරුවන් හිඟන්නෙක් තත්වයට වැටෙනවා,ඒ නිසා මේ නව නීති හදුන්වා දිය යුතුයි”

ඇමතිගේ යෝජනා..

 “මම යෝජනා කරන්නේ ධීවර රැකියාවට යන ධීවරයින් සියළු දෙනා සවස හය වෙනකොට ධීවර වරායට පැමිණීම අනිවාර්ය කල යුතුයි කියල. දැන් වෙන්නේ රැ නවය දහය වෙනකන් බීලා කෙලින් ඉන්නවත් බැරුව බෝට්ටුවත් අරගෙන යනවා. මහ මුහුදේ මොන ට්‍රැෆික් රාළහාමිලා ද. ගිහින් බෝට්ටුත් හප්පගෙන ජිවිතත් නැති කරගන්නවා. නව නීති හඳුන්වලා දුන්නැයින් පස්සෙ සවස 6 වෙනකොට ධීවර වරායට එන සියළු ධීවරයන් බීමත්ව සිටිනවාද කියලා දැඩි පරික්ෂාවකට ලක් කරන්න ඕන. එවිට බීමත්ව ඉන්න කිසිම ධීවරයකුට බෝට්ටු අරගෙන ධීවර කර්මාන්තයේ නිරතවීමට අවස්ථාව නැතිවනවා. මම විශ්වාස කරනවා මෙම නීති හදඳුන්වා දීම කාලෝචිත වටිනාකමක් තියෙනවා කියලා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top