nsb

Dec 06, 2016

ජනපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක් ! Featured

ඉට්කා ඇතුළු වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ අරමුෙණන් ජනාධිපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක් ඇති කිරීමට හා නිලධාරීවරයෙකු පත් කිරීම සඳහා විශේෂ පනතක් ගැසට් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත්, පත් කිරීමට නියමිත ඇමතිවරයාට හා නිලධාරියාට අතිවිශේෂ බලතල ලබාදීමට නියමිත බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති බලතල ඉක්මවා යන ආකාරයට මෙම පත්කිරීම් සිදුකරන නිසා ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි.

මීට අමතරව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටද ඉල්ලීමක් කළ බවත් ඔහු පවසා සිටියේය.

පිහිටුවීමට නියමිත නව අමාත්‍යාංශයට කැබිනට් මණ්ඩලයේ සාමූහික බලතල සියල්ල, රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සතු බලතල සහ BOI වැනි ආයතනවල බලතලද මෙම ගැසට් නිවේදනයෙන් ලබාදීම සඳහා සැලසුම් කර ඇතැයිද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

ඉන්දියාවට වාසි නෑ :

මේ අතර සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ ඉට්කා ගිවිසුම හරහා ඉන්දියාව කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තු නොවන බවයි.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 'දා බිඳු මුතු' සමෘද්ධි වෙළෙඳ ප්‍රදර්ශනය අද (06දා) උදෑසන බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී විවෘත වූ අතර, ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඉට්කා ගිවිසුම හරහා කලාපීය නායකත්වය හා කලාපීය ආරක්ෂාව ඉන්දියාව විසින් බලාපොරොත්තු වන බවයි.

comment (1)

  • හඳයා

    අස්සයන්ට අං ලැබුනා වගේ තියේයිද දන්නෙ නැහැ නේද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top