15976 BM WEB BANNER 01
Dec 07, 2016

'මල් පොහොට්ටුවට යාමේ අදහසක් නැහැ' - තිස්ස

'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන ලෙස තමන් ගෙන් ඉල්ලීමක් කර ඇතත් මේ මොහොතේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට එක්නොවීමට තමන් තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසිය.

 ඔහු එබව සඳහන් කළේ, ''හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ' මහලේකම් ධුරයට තිස්ස අත්තනායක මහතා පත්කිරීම කෙරෙහි එම පක්ෂයට සම්බන්ධ කණ්ඩායම්හි අවධානය යොමුව ඇතැයි''  පලවී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදීය.

'' මම දේශපාලනය අතහැරලා නැහැ. ඉදිරියටත් දේශපාලන කරනවා. '' යයි ද ඔහු අවධාරණය කර සිටියේය.

 මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් ධුරය නීතිඥ සාගර කාරියවසම් මහතා දරන අතර, පාලක ලේකම් ධුරය රේණුක පෙරේරා මහතා දරනු ලබයි.

comment (1)

  • නිමාලි

    එක සැරයක් ගිහිල්ලා වේච්ච හරිය මදිද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top