nsb

Dec 07, 2016

පුජිත ගැන තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාව රැස්වේ ! Featured

ආන්දෝලනාත්මක දුරකථන සංවාදය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එල්ලවී ඇති චෝදනා විමසා බලා ඔහු තවදුරටත් එම තනතුරේ තබා ගන්නේදැයි තීරණයක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාව වහාම කැඳවීමට කතානායකවරයාට උපදෙස් දෙන්නැයි සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලිමක් කර තිබේ.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එල්ලවී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් ඔහුව වහාම තනතුරින් ඉවත් කරන මෙන් සිවිල් සංවිධාන කිහිපයක් ද පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුපවාහිනි ඔස්සේ විකාශයවූ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ දුරකථන සංවාද මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.

වංචා දූෂණ හා අපරාධ චෝදනා ලබා ඇති රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ එම පවුලේ හිතවතුන් එම චෝදනාවලින් නිදහස් කර දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයෙක් පොලීසිය සහ අපරාධ විමර්ශන ආයතනවලට අයුතු බලපෑම් සිදු කරන බව පොලිස්පතිගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයෙන් තහවුරුවී ඇතැයි පසුගිය සති අන්තයේ පුවත්පත් වාර්තාවල සඳහන් විය.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ ශ්‍රීලනිප අමාත්‍යවරයකු කියා සිටියේ, එජාප නායකත්වය ශ්‍රීලනිපය දෙකඩ කිරීමට කුමන්ත්‍රණයක් දී සිටින බවට තමන් කිහිපවරක්ම කර තිබු අනතුරු හැඟවීම  එම දුරකථන සංවාදය තුලින් සනාථවී ඇති බවයි.


සබැඳි පුවත් :

රාජපක්ෂවරු බේරන්න ඇමැතියෙක් බරටම වැඩ

සාගල, පූජිත පච වූ නිලමෙගේ පැටිකිරිය

'දුරකථන ඇමතුම දුන්නේ සාගල' - පොලිස්පති

සාගල ඉල්ලා අස්විය යුතුයි - ජනපති උපදේශක

පොලිස්පති ඉවත් කරන්නැයි ජනපතිට බලපෑම් !

පොලිස්පතිගේ හැසිරීම වැරදියි-ජනපති

comment (1)

  • නිමාලි

    හැම රජයක්ම කරන්නෙ පොලිස්පති නටවන එක තමයි කවුරු පත් වුනත් එකයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top