Dec 07, 2016

'ලඟදීම පුංචි ඡන්දය කොට්ඨාශ ක්‍රමයට තියනවා' -එස් බි Featured

එළැඹෙන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් එය පවත්වන්නේ සමානුපාත ක්‍රමයට නොව ස්ථිර වශයෙන්ම කොට්ඨාශ ක්‍රමයට බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාව එක්ව ඒකමතිකව තීරණය කළ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවත් ඇමතිවරයා අද (07) මහනුවර දී පැවසීය.

මෙම ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම පිළිබඳව ඇතැමුන් විරෝධයක් පළ කරන බවද හෙතෙම කියා සිටියේය.

කොට්ඨාශ ඡන්ද ක්‍රමය යටතේ අප තෙවන ස්ථානයට පත්ව පරාජය ලැබුවත් අනිවාර්යයෙන්ම කොට්ඨාශ ඡන්ද ක්‍රමය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් භාවිතා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එජාපය විරුද්ධයි :

එසේ වුවද එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් සහතික කර කියා සිටින්නේ පළාත් පාලන මැතිවණය පැවැත්වෙන්නේ සමානුපාත ක්‍රමයට බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ද මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ තම පක්‍ෂය කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට විරුද්ධ බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top