nsb

Dec 08, 2016

සමාජ ජාල පැමිණිලි වල අලුත් තත්වය Featured

මේ අතර මේ වසරේ ගතවූ කාලය තුළ සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2100කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් ලැබී ඇති අතර ට්විටර් සහ, ඉන්ස්ටග්රෑම් පිළිබඳවද පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

ආරක්ෂාව ගැන කියා දෙන්න සූදානමක්

ආරක්ෂිතව අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳව පාසල් ළමුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ පළාත් මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කරන ආකාරය පිළිබඳව මෙන්ම යම් ගැටළුවක් මතුවුවහොත් ඊට අවශ්‍ය උපකාර ලබාගන්නා ආයතන පිළිබඳව මෙහිදී පසල් ළමුන් දැනුවත් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මාධ්‍ය ප්‍රකාශක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top