Dec 09, 2016

පුංචි ඡන්දය : දෙවියොත් නොදන්නා රහසක් ?

මීළඟ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය දන්නේ දෙවියන් බවත් ඇතැම්විට දෙවියොත් දන්නේ නැතිව ඇති බවත් අගමැතිවරයා ඊයේ (08) සිනහ මුවින් ප්‍රකාශ කර තිබේ.

ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කවදාදැයි එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්වීමේදී එහි සාමාජිකයින් විමසා සිටි අවස්ථාවේදීය.

කෙසේවුවද, සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පෙරේදා (07) මහනුවර දී කියා සිටියේ, එළැඹෙන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි.

එය පවත්වන්නේ සමානුපාත ක්‍රමයට නොව ස්ථිර වශයෙන්ම කොට්ඨාශ ක්‍රමයට බව ද ඔහු පැවසිය.

ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාව එක්ව ඒකමතිකව තීරණය කළ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top