15976 BM WEB BANNER 01
Dec 09, 2016

අගමැතිගෙන් අර්ජුනට දෝස්මුරයක් ! Featured

හම්බන්තොට වරායේ සංවර්ධන ව්‍යපෘති කඩාකප්පල් කිරීමට විෂය බාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තවදුරටත් කටයුතු කරන්නේ නම් ඔහු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීය සමිති නායකයින්ට පවසයි.

වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා ආණ්ඩුවට එරෙහිව වරාය සේවකයන් වර්ජන කිරීමට පොළඹවා ඇති බව වරායේ එජාප වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (08) අගමැතිවරයා දැනුවත් කර තිබේ.

පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමෙහිලා ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව වරාය චීන සමාගමකට දීමටත් ඒ හා බැඳුනු සංවර්ධන වැඩ සටහන අනුව හම්බන්තොට ප්‍රදේශයෙන් අක්කර 15000 ක් නිදහස් වෙළඳ කලාපයක් ලෙස වෙන් කිරීමටත් සැලසුම් කර ඇති අතර ඇමති අර්ජුන රණතුංග මහතා ඊට විරෝධය පළකර තිබේ.

මෙම වැඩ පිලිවෙල පිළිබඳ චීනය සමග කරන ලද සාකච්ඡාවන්හිදී අගමැතිවරයා, තමාව චීනයට රැගෙන නොයෑම නිසා ඉන් ලැබීමට නියමිත තිබු ප්‍රතිලාබ අහිමිවීමේ කෝපයකින් පසුවන අර්ජුන රණතුංග ඇමතිවරයා, හම්බන්තොට වරාය පෞද්ගලික කිරීමට එරෙහිව යැයි කියා එහි සේවකයන් වර්ජන සඳහා පොළඹවා ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් අගමැතිවරයාට පැහැදිලි කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වූ අර්ජුන රණතුංග මහතා, පසුගිය මහ මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිටුපාමින් එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' යටතේ තරඟ කර පාර්ලිමේන්තුවට තේරීපත්විය.

කෙසේවුවද ජනාධිපතිවරයා විසින් ඔහුව වරාය අමාත්‍ය ධුරයට පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ඉල්ලීම මත බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top