Dec 09, 2016

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (වීඩියෝ)

වස විසෙන් තොර ආහාර අනුභවයෙන් කතුන්ට රුව ද රැකගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කාන්තා පුවත්පත්, සඟරා හා වෙබ් අඩවි සංස්කාරකවරුන් වෙනුවෙන් සෙමා ආයතනයේ සංවිධානය කර තිබූ වස විස නැති රටක් ව්‍යාපෘතියේ දැනුවත් කිරීමේ හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ.

රතනහිමි නොදන්න අනුරගේ ග්ලයිෆොසේට් කැමත්ත

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එහිමියෝ කියා සිටියේ ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා ග්ලයිෆොසේට් තහනමට විරුද්දවන්නේ මන්දැයි හිතාගත නොහැකි බවයි.

ඊට හේතුව තමා නොදන්නා බව කී එහිමියෝ හැකිනම් හෙතුව සොයාදෙන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජීවිත බදුගත් මුන්සෙන්ඩෝ

ග්ලයිෆොසේට් නිෂ්පාදනය කරනු ලබන මුන්සෙන්ඩෝ සමාගම ආසියාවේ මුළු මහ පොළොවම බදුගත් සමාගමක් යැයිද උන්වහන්සේ කීහ.

ඔවුන් ශ්‍රී ලංකාවට පමණක් රුපියල් බිලියන 15ක වල්නාශක ගෙන්වන බවද එහිමියෝ පැවසූහ.

රතනහිමියෝ මෙසේද පැවසූහ.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top