nsb

Dec 11, 2016

ඇමතිවරු 06ක් මීලග ජනාධිපතිවීමට සූදානම්

මීළග ජනාධිපතිවරනය පැවැත්වෙන 2020දී ජනාධිපති අපේක්‍ෂකයින් ලෙස තරග වැදීම සදහා ආණ්ඩුව පාර්ශවයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ලක ලැහැස්ති වෙමින් සිටින්නේ යයි ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග ඊට දැනටමත් සූදානමින් සිටින අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2020දී දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇතැයි සලකමින් එජාපයේ රවී කරුණානායක, දයා ගමගේද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිතැයි පැවසෙයි.

අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද තමන් නැවතත් ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස නම් කරනු ඇතැයි දැඩි විශ්වාසයෙන් කටයුතු කරයි.

මෙම සටනේ සිටින ඇමතිවරුන් කිහිප දෙනෙකු හා ඔවුන්ගේ අනුගාමික ලේකම්වරුන් එම ජනාධිපතිවරණ සටන සඳහා මුදල් එක්රැස් කිරීම සඳහා මේවනවිට මහජන මුදල් කොල්ලකමින් විවිධ ටෙන්ඩර් ව්‍යාපෘතිවල දී සිටින බවට  චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top