nsb

Dec 11, 2016

'ළඟදිම අරක්කු නිවුස්, අරක්කු ටීවී, අරක්කු රේඩියෝ එවි' - රාජිත

බැදුම්කර සිද්ධියට චෝදනා ලත් එක්තරා අරක්කු ව්‍යාපාරිකයෙකු මේ වන විට මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමේ මෙහෙයුමක නිරත වී සිටින බවත්, එම මාධ්‍ය ජාලයේ කටයුතු කිරීම සඳහා මේ වන විට 'මව්බිම' පුවත්පතේ මාධ්‍යවේදීන් ගණනාවක් සේවයෙන් ඉවත්වී ගොස් ඇති බවත්,  එකී පුවත්පත වසා දැමීම සඳහා ක්‍රමෝපායිකව කටයුතු සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසිය.

ඊයේ (10) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමුකර තිබු ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු එබව සඳහන් කළේය.

'මව්බිම' පුවත්පතට රජයෙන් ලබා දී තිබූ සියලුම දැන්වීම් මේ වන විට අත්හිටුවා ඇති අතර එකී දැන්වීම් නව පුවත්පතට ලැබෙමින් පවතින බව රාජිත සේනාරත්න ඇමතිවරයා එහිදී සදහන් කළේය.

ඒ අනුව අනාගතයේදී අපට අරක්කු ටීවී අරක්කු රේඩියෝ මගින් අරක්කු නිවුස් ලබා ගැනීමේ කාලය උදාවන බව ඇමතිවරයා පැවසූ විට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද අත්පොලසන් දෙමින් ඔහුව පැසසුමට ලක්කළේය.


බෝලය පාස් කලේ ජවිපෙ :


ඊයේ (10) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ප්‍රශ්න 3 ක් ඉදිරිපත් කර තිබිණ.

 එම ප්‍රශ්න වලින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා මුදල් ඇමතිවරයාගෙන් විමසා සිටියේ 'මව්බිම' පුවත්පතට කොපමණ දැන්වීම් ප්‍රමාණයක් ලබා දුන්නාද? ඒ කවර ආයතනවලින්ද ? එසේ ලබාදුන් දැන්වීම් හිටි අඩියේ නතර කලේ කුමක් නිසාද? එසේ ලබාදුන් දැන්වීම් සම්බන්ධ ආයතන රවී කරුණානායක මහතාට අයත් අමාත්‍යංශ්‍යටද? එසේ නැත්නම් කබීර් හෂීම් මහතාට අයත් අමාත්‍යංශයටද? යන්නයි.

සබැඳි පුවත් :

'බැදුම්කර හොරුන්ට පත්තර කරන්න දෙන්නේ නැහැ' – රාජිත

'මව්බිම' ජාතික වැඩසටහනට රාජිත එක්වේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top