15976 BM WEB BANNER 01
Dec 11, 2016

ජල සම්පාදනයට ආරක්ෂාව දුන් සේවකයින් 1200ක් අනාථයි Featured

ජල සම්පාදනයේ ආරක්ෂාව පෞද්ගලික අංශයට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආරක්ෂාව භාරව කටයුතු කළ LRDC SERVICES (PRIVATE) LIMITED නම් නාගරික සංවර්ධන අධිකාරියට අයත් රාජ්‍ය අනුබද්ධ සමාගමේ සේවාව තවදුරටත් ලබා ගැනීම ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම නිසා අදාළ සමාගමේ සේවකයින් 1200 කට අධික ප්‍රමාණයක් බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම සේවකයින් වසර 17 ක් පුරාවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආරක්ෂාව භාරව කටයුතු කර ඇති අතර මේ වන විට ඔවුන්ට හිමි විය යුතු වැටුප් වැඩි වීම් ද අදාළ තීරණය නිසා අහිමිව යන තත්ත්වයක් උදා වී ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධව අප කළ කරුණු විමසීමක දී LRDC SERVICES (PRIVATE) LIMITED ප්‍රකාශකයකු කියා සිටියේ රජය මඟින් දැනුම් දී ඇති ආරක්ෂක අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව සිදු කළ දැනුම් දීම හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අදාළ තීරණය ගෙන ඇති බව දැන ගන්නට ලැබී ඇති බවය.

නිලධාරී මාෆියාවක් :

එසේම ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අමාත්‍යාංශය භාර රවුෆ් හකීම් අමාත්‍යවරයා පවා දිගටම තම සේවය අමාත්‍යාංශය සඳහා ලබා ගැනීමට එකඟතාවය පළ කර තිබිය දී මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන නිලධාරී මාෆියාවක් විසින් අදාළ දැනුම් දීම් සිදු කර ඇති බවකි.

ඉදිරියේ දී එම කටයුක්ත පෞද්ගලික ආරක්ෂක සමාගමකට පැවරීමට අදාළ නිලධාරී මාෆියාව සූදානම් වන බවට තමන්ට දැන ගන්නට ලැබී ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අප සමඟ පැවසීය.

මේ පිළිබඳ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ LRDC SERVICES (PRIVATE) LIMITED රාජ්‍ය අනුබද්ධ සමාගමේ සේවය ප්‍රතික්ෂේප කර එය පෞද්ගලික සමාගමකට පැවරීම පිටුපස සිටින්නේ එම මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා සහ ආරක්ෂක අධිකාරී ධුරය දරන සුමිත් සමරසේකර යන අයය.


(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top