nsb

Dec 12, 2016

චම්පික කැබිනට් සාමූහික වගකීම කැඩීමේ සුදානමක !

2017 වසරේ ජනවාරි අටවැනිදාට පෙර එදා හොරුන්ටත් මෙදා හොරුන්ටත්, විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් මගින් දඬුවම් නොකරන්නේ නම් සාමූහික වගකීමෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති දූෂණ විරෝධී පෙරමුණේ උත්සවයක් අමතමිනි.

පසුගිය ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුවේ හොරුන්ටද දඬුවම් කිරීම ජනවරම ලබාදුන් මහජනතාවගේ අභිලාෂය බව ආණ්ඩුව අමතක නොකළ යුතු බවත් එසේ නොකොට නැවතත් ඡන්දයකට යාමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවත් ඇමතිවරයා එහිදී පැවසිය.

රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ, වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණ ප්‍රමාදවීම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂ දෙක අතර ගැටුමකට තුඩු දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top