15976 BM WEB BANNER 01
Dec 12, 2016

'පෞද්ගලික බස් ජනසතු කරනවා' -රාජිත

නැවත වරක් වැඩවර්ජන කළහොත් පෞද්ගලික බස් රථ ජන සතු කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අනතුරු අඟවයි.

පිය සෙනෙහස අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් රාජිත සේනාරත්න පදනම විසින් ෙබිරුවල පයාගල ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු උත්සවයකදී ඇමතිවරයා එබව සඳහන් කළේය.

"රුපියල් 25,000 දඩ මුදල ඉවත් කරන ලෙස ඉල්ලා බස් රථ සේවකයින් යළි වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර තිඛෙනවා. මම කියන්නේ යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ හොත් දින 03 කට පසු බස් රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවයි. නැතිනම් සියළුම පෞද්ගලික බස් රථ රජයට පවරා ගත යුතුයි”
යයි ඇමතිවරයා එහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

25,000 ක දඩ මුදල අනිවාර්ය කල යුතුයි:

"මහා මාර්ගය තුල වැරදි කරන රියදුරන්ට එරෙහිව අයවැය යෝජනා මගින් පැන වූ රුපියල් 25,000 ක දඩ මුදල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. ජනප්‍රිය සටන් පාඨ වලට මුවා වී මම කටයුතු කරන්නේ නැහැ. මත්පැන් පානය කර, රියදුරු බලපත්‍ර නොමැතිව වාහන ධාවනය කර සිදුවන අනතුරුවලින් මියයන ජීවිත වල වටිනාකම රුපියල් 25,000 ට වඩා වටිනවා. එම නිසයි මෙම දඩ මුදල අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව මම ප්‍රකාශ කරන්නේ.

රටක විනයක් නැතිනම් වැඩක් නැහැ. විනයක් ක්‍රීයාත්මක කළ යුතුයි. කැබිනට් මණ්ඩලයේ දී ද මම රුපියල් 25,000 දඩ මුදල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මම ප්‍රකාශ කළා. මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නීති රීති ගෙන ආ යුතුයි.”

BusSayRajitha1 600px 16 12 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top