nsb

Dec 12, 2016

වැඩබලන මුද්‍රණාලයාධිපති ස්ථිර කිරීමේ අර්බුදයක් ! Featured

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා සුදුසුකම් සහිත මුද්‍රණාලයාධිපතිවරයකු ස්ථිරනොකිරීම හේතුවෙන් එහි වැඩකටයුතු අඩපණ වෙමින් යන තත්වයක් මතුව ඇතැයි එහි සේවක සේවිකාවෝ පෙන්වා දෙති.

රජයේ මුද්‍රණාලයාධිපතිවරයාව තනතුරට පත් කිරිමේ බලධාරියා වන්නේ කැබිනට් මණ්ඩලයයි. එසේ පත් කළ යුත්තේ ගැසට් කර ඇති මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුකූලවය. එම ව්‍යවස්ථාවට අනුව, ජ්‍යෙෂ්ඨතම අතිරේක මුද්‍රණාලාධිපති, රජයේ මුද්‍රණාලාධිපති ලෙස පත් කළ යුතුව තිබේ.

නමුත් මේ වන විට අතිරේක මුද්‍රණාලාධිපති තනතුර හොබවන නිලධාරියකු දෙපාර්තමේන්තුව තුළ නැත.

අතිරේක මුද්‍රණාලාධිපති තනතුරේ පත්වීම් බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිසමයි. ඒ සඳහා දැනට සුදුසුකම් ලබා ඇති නිලධාරින් තිදෙනා, විශේෂ
ශ්‍රේණියට උසස් කළ යුතුව තිබේ.

වැරදි තීන්දුවකට යොමුවන හැඩ

රාජ්‍ය සේවා කොමිෂම මෙම උසස් කිරීම සිදු කළ යුතු වන්නේ, සම්මුඛ පරික්‍ෂණයකින් පසුවය. මෙම සම්මුඛ පරික්‍ෂණය, සේවා ව්‍යවස්ථාවට පටහැනි ලෙස සිදු කිරීමට යාමේදි, එක් අයදුම්කරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර එයින් අයිතිවාසිකම් දිනාගෙන තිබේ.

එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව සම්මුඛ පරීක්ෂණය පැවැත්විය යුතුව තිබේ.

කෙසේ වෙතත් මේ වන විට මෙම අධිකරණ තීන්දුව හා පරිපාලන ක‍්‍රියාදාමය පිළිපැදීම පසෙක ලා සාවද්‍ය නිර්දේශ ලබා දෙමින් සුදුසුකම් රහිත දැනට වැඩ බලන මුද්‍රණාලාධිපති, එම තනතුරේ ස්ථිර කිරීම සඳහා අදාල අමාත්‍යවරයාව වැරදි තීන්දුවක් සඳහා යොමු කරවන තත්වයක් උද්ගත වී ඇති බව වාර්තාවේ.

සබැදි පුවත්

ඉහල තනතුරු රැසක් හිස් : රජයේ මුද්‍රණාලය අනතුරේ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top