Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 13, 2016

සියතෙන් හරි දේ හරි විදියට

ප්‍රවෘත්ති යනු ඕනෑම ජනමාධ්‍යයක හදවත ලෙස හදුන්වාදිය හැකිය. මේ නිසාම ප්‍රවෘත්ති වලට ඇත්තේ විශාල තරගයකි.

 ප්‍රවෘත්ති වලදී තරගය අවශ්‍යය නමුත් වඩා වැදගත් වන්නේ මුලින්ම වඩා නිවැරදි පුවතක් ඉදිරිපත් කිරීම යන්නයි.

සියත රූපවාහිනියේ රාත්‍රී 7.30 පුවත් විකාශය සවස 6.00 පුවත් විකාශය සහ උදෑසන 6.00 පුවත් විකාශය මෙම තරගයෙන් මිදී නිවැරදිව සහ පැහැදිලිව ජනතාවට තොරතුරු  ගෙන ඒමේ කාර්යභාරය උදෙසා ඇප කැපවී සිටියි.

සියත රූපවාහිනී නාලිකාව ඒ පිළිබදව මෙසේ සදහන් කර සිටියි.

''මිනිසුන්ගේ වේවා රටේ හෝ වේවා,දුක වේදනාව විකුණලා ජනප්‍රිය වෙන්නවත් ප්‍රවෘත්ති වලින් අසත්‍ය චෝදනා නගා පෞද්ගලික හෝ දේශපාලන වාසි ලබා ගන්නවත් අපි ක්‍රියා කරලත් නෑ. කරන්නෙත් නෑ. අපිත් ප්‍රවෘත්ති වලින් ගහනවා ඒ පෞද්ගලිකත්වයට නෙවෙයි. ගහන්නේ වැරැද්දට. එහෙම ගහන්නෙත් වැරැද්ද හදාගන්න.''

නින්දෙන් අවදිවී ජීවිතය සරිකරලන්න දෑස් දල්වන මිනිසුන්ගේ මනස විකෘති නොකර සිත් සුවපත් කිරීමේ අරමුුණ සහිතව උදෑසන 6.00 පුවත් විකාශනය ගෙන එන බවත් එහිදී උදෑසනින්ම ජනතාව දැනුවත් විය යුතු අත්‍යාවශ්‍ය නිවැරදි තොරතුරු ගෙන එන බවත් සියත රූපවාහිනී කණ්ඩායම සදහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top