nsb

Dec 13, 2016

විග්නේෂ්වරන්ගෙන් තවත් ඉල්ලීමක්

 මධ්‍යම ආණ්ඩුව,පළාත් සභා වෙත බලතල පැවරීමට ප‍්‍රතික්ෂේප කිරීම නිසා උතුරු පළාතේ  ගැටළු රැසක් මතු වී ඇති බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සදහන්කර සිටියි.

 ඔහු මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති හමුවකදීය.

 “ඉඩම් ඇතුළු අදාළ බලතල මධ්‍යම රජය යටතේ පවතින තුරු ඉඩම් ගැටළුවලට කිසිදු දිනෙක විසඳුම් ලබාගත නොහැකියි.මධ්‍යම රජය සතු ඉඩම් බලතල හා හිමිකම් පළාත් සභා වෙත පැවරීමෙන් උතුරේ ඉඩම් ඇතුළු විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාවක් පවතියි.“යැයි ඔහු කියා සිටියේය.

උතුරේ නැවත පදිංචි වූවන්ගේ ඉඩම් සම්බන්ධයෙන් පළාත් සභා වෙතට පැවරී ඇති කාර්යන් සිදු කිරීමට යාමේදී නිලධාරීන්ට විසඳාගත නොහැකි ගැටළු රැසක් මතු වී ඇති බවත් එහිදී ජනතාවට අවශ්‍ය වන ආකාරයට සෘජු තීරණයන් ගැනීමට හැකියාවක් හෝ බලයක් පළාත් සභාවට නොමැති බවත් හෙතෙම පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top