nsb

Dec 13, 2016

ලොහාන්ගේ දියණිය පොලිස් අණ නොතකා ඉගිල්ලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ 22 හැවිරිදි රූමත් දියණියක් පසුගිදා තවත් තරුණියන් කිහිප දෙනෙකු සමඟ කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් මහනුවර සිට කොළඹට එමින් සිටියදී මාර්ග නීති හා පොලිස් අණ තුට්ටුවකට නොතකමින් නොනවත්වා ධාවනය කර ඇත.

රථය පසුපස කිලෝමීටර ගණනාවක් හඹා ගිය නිට්ටඹුව පොලිස් රථවාහන නිලධාරීන් දෙදෙනෙක් පස්යාල හන්දියේදී රථය නවත්වා ගැනීම සමත්ව ඇති අතර එහිදී රිය පැදවූ තරුණිය තමන් අදාල දේශපාලඥයාගේ දියණිය බවත් සිදුවීම ගැන සමාව ඉල්ලන බවත් සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ඇගේ රියදුරු බලපත්‍රය පොලීසිය බාරයට ගෙන ජනවාරි 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින බව දන්වා තාවතාලික රියදුරු බලපත්‍රයක් දී ඇය මුදා හැර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top