Dec 14, 2016

මැලේසියානු සංචාරයේදී මෛත්‍රීට දැඩි ආරක්‍ෂාවක්‌

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැලේසියා සංචාරය වෙනුවෙන් එරට රජය දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදවා ඇතැයි වාර්තාවේ.

මෙයට හේතු වී ඇත්තේ එල්.ටි.ටි.ඊ.  හිතවාදියකු වන පිනාස්‌ ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලතියාම් රාමසාමි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරය සඳහා විරෝධය පාන මෙන් එරට දෙමල ඩයස්‌පෝරාවෙන් ඉල්ලීමයි.

පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට පහරදීමේ සිද්ධිය පසුබිමේ ද රාමසාමි ක්‍රියාත්මක වූ බව හෙළි වී ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියා සංචාරයට විරෝධය දැක්‌වීමට තමන් කටයුතු කරන බව ඩී. ඒ. ඩී. පක්‍ෂය කියා සිටී.

මැලේසියානු රජයේ නිල ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (15 දා) පස්‌වරුවේ මැලේසියාව බලා පිටත්ව යැමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60 ක්‌ සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උළෙල සංස්‌කෘතික ප්‍රසංග හා ආහාර ප්‍රදර්ශනයක්‌ නැරඹීමට ද ජනාධිපතිවරයා මෙහිදී එක්‌වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top