15976 BM WEB BANNER 01
Dec 14, 2016

'පොලිස්පති- නිලමේ' කතා එපා' - මහින්ද එකාබද්ධෙට කියලා Featured

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රත්නපුරයේ පැවැති ප්‍රසිද්ධ ජන හමුවක් අතරතුරේ දී දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් නිලමේවරයෙක් අත්අඩංගුවට නොගන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යට කිසිඳු ප්‍රකාශයක් නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

'නිලමේ' ලෙසට හඳුන්වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා තම පවුලේ සමීපතමයකු බව මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් වෙත පවසා ඇතයි ද එම වාර්තා සඳහන් කරයි.

පොලිස් විෂය බාර අමාත්‍ය සාගල රත්නායක මහතා  'නිලමේ' සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ පිළිබඳව පොලිපතිවරයා ගෙන් කරුණු විමසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා, පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ද සමීප හිතවතෙකි.

සබැඳි පුවත් :

'නිලමේගේ කේස් එක' ගැන පොලිස් කොමිසම සාකච්ඡා


පුජිත ගැන තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාව රැස්වේ !


රාජපක්ෂවරු බේරන්න ඇමැතියෙක් බරටම වැඩ

සාගල, පූජිත පච වූ නිලමෙගේ පැටිකිරිය

'දුරකථන ඇමතුම දුන්නේ සාගල' - පොලිස්පති

සාගල ඉල්ලා අස්විය යුතුයි - ජනපති උපදේශක

පොලිස්පති ඉවත් කරන්නැයි ජනපතිට බලපෑම් !

පොලිස්පතිගේ හැසිරීම වැරදියි-ජනපති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top