Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 14, 2016

ආදායම් නිලධාරින්ගේ රාජකාරියට දේශපාලනඥයින්ගෙන් බාධා Featured

ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය වශයෙන් නව බදු ලිපිගොනු විවෘත කිරීම සඳහා තීරණය කරන අතරම එම තීරණ ක‍්‍රියාවට නැංවීමේදී ඔවුන්ගෙන්ම බාධා එල්ලවන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය සදහන් කර සිටියි.

මේ දිනවල බදු අයකිරීම සඳහා නව ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු සඳහා ලංකාව පුරා පවතින දේශීය ආදායම් ප‍්‍රාදේශීය කාර්යාලවල නිලධාරින් කටයුතු කරමින් සිටී.

පසුගියදා දේශීය ආදායම් රත්නපුර ප‍්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් ලිපිගොනු විවෘත කිරීම සඳහා කටයුතු කරන  අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ රත්නපුර ප‍්‍රදේශයේ දේශපාලකයෙකු විසින් නිලධාරින්ගේ රාජකාරියට බාධා කොට තිබේ.

තමන්ට හිතවත් ව්‍යාපාරිකයින් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කිරීම මෙම බාධා කිරීමට  හේතුව වී ඇති බව එම සංගමය පවසයි.

මෙම ව්‍යාපාරිකයින් දේශපාලන අනුග‍්‍රහය මත බදු ගෙවීම් පැහැර හරිමින් සිටින පිරිසක් බව දැන ගන්නට ඇති බවත් අදාල විෂය භාර ඇමතිවරයාද ඉහත දේශපාලන උවමනාව අනුමත කරන ස්ථාවරයක සිටීම නිසා දේශීය අදායම් නිලධාරින්ගේ රාජකාරියට බාධා සිදුවන බව ‍එම සංගමය සදහන් කර සිටියි.

මෙම දේශපාලන අතපෙවීම් හෙලා දකින බවත් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය සකස්කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අදාල බලධාරින්ගේ දැඩි අවධානය යොමු කරවන ලෙසත්  දේශීය ආදායම් පොදු සේවක සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top