15976 BM WEB BANNER 01
Dec 14, 2016

අතුරුදන්වූවන් සෙවූ හමුදා මෙහෙයුම (ඡායා)

ශ්‍රී පාද අඩවියේ හැමිල්ටන් රක්ෂිතයේදී අතුරුදන් වූ පුද්ගලයින් පස් දෙනා අද උදෑසන හමුවූ අතර මේ සදහා නල්ලතන්නිය පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ගුවන් හමුදාවද සක්‍රීය දායකත්වයක් සැපයීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරේ පිහිටි බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඊයේ (13දා) සවස 4.00 ට පමණ ගුවන් හමුදා ජීවිතාරක්‍ෂක භටයන් කණ්ඩායමක්ද සමගින් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව තිබිණි.

අධික මීදුමත්,ගණ වනාන්තර වැස්මත් යන දෙකෙන්ම ආවරණය වී තිබියදී පවා අධික වෙහෙසක් සහ දැඩි කැපවීමකින් යුතුව බෙල් 412 හෙලිකොප්ටර් යානා කාර්යමණ්ඩලය අඳුර වැටීමට පෙරාතුව අතුරුදන් වූවන් සිටින ස්ථානය සොයාගැනීමට සමත් වූ බවද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top