Dec 15, 2016

'රජය, එක්සත් ජාතීන්ගේ යෝජනාව ප්‍රතික්‌ෂේප කරයි' -දිවයින Featured

ජාතික බුද්ධි සේවා ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්‌ මහතා පිළිබඳව පරීක්‍ෂණයක්‌ කරන ලෙස වධහිංසා පිළිබඳ සෙවීමේ එක්‌සත් ජාතීන්ගේ කමිටුව කළ ඉල්ලීම රජය ප්‍රතික්‌ෂේප කර ඇතැයි 'දිවයින' පුවත්පත අද (15) වාර්තා කර ඇත.

වධහිංසා පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ඔවුන් විසින් රටවල් කීපයක් සම්බන්ධයෙන් සිදුකරන ලද නිරීක්ෂණ තොරතුරු ඇතුළත් වාර්තාවක් ජිනීවා නගරයේ දී ප්‍රකාශයට පත් කොට ඇති අතර මෙවර වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද දීර්ඝ සාකච්ඡාවක් සිදුකෙරෙයි.

එහි පිටු පහළොවකින් සමන්විත ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය, පසුගිය නොවැම්බර් හත්වෙනිදා පටන් මෙම දෙසැම්බර් හත්වෙනි දිනතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන්, මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන ඇතුළු පාර්ශවයන් රැසක් විසින් සපයන ලද තොරතරු මත පදනම් වෙයි.

වධහිංසා පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට බැඳී සිටින සාමාජික රටවල සිදුකෙරෙන වධහිංසා සහ වෙනත් එවැනි කෲර ක්‍රියාවන්, අමානුෂික හෝ අවසැලකීම් හෝ දඬුවම් කිරීම් ආදිය එම කමිටුව විසින් නිරීක්ෂණය කරනු ලබයි.


ශ්‍රී ලංකාවේ තත්වය :


ශ්‍රී ලංකාවේ පසුගිය පාලන සමයේ පමණක් නොව වත්මන් පාලනය තුළත් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් වධහිංසාවන්ට ගොදුරු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවේ දැක්වේ.

එසේම වධහිංසාවන්ට ගොදුරුවූවන්ට දෙනු ලබන වන්දි සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ කමිටුව සෑහීමකට පත්වී නැත.

සබැඳි පුවත්

ලංකාවේ වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ එළිදකී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top