nsb

Dec 15, 2016

කියවීම වැඩි කරන්න වැඩක් Featured

ළමයින් තුළ පොත් කියවීම සඳහා පෙළඹවීම් ඇතිකිරීමට 2017 අයවැය යෝජනා මගින් ආනයනය කරනු ලබන පොත්පත් සියලු බදු වලින් නිදහස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනතාව අතර ජාත්‍යන්තර පොත්පත් පරිශීලනය දිරිමත් කිරීමට මෙය හේතුවක් වෙන බවද අමාත්‍යවරයා සඳහන කළේය.

ජාතික කියවීම් මාසය නිමිති කරගෙන ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ හොඳ පොත් කියවීම සඳහා දරුවන් උනන්දු කරවීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top