Dec 15, 2016

බරපතල අපරාධවල අලුත් තත්වය මෙන්න

මෙම වසරේ නොවැම්බර් මාසයේ දී දිවයින තුළ බරපතල ගණයේ අපරාධ සිදුවීම් අව ප්‍රමාණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය අවසන් වන විට දිවයින තුළ වාර්තා වූ මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල් බිඳුම්, කොල්ලකෑම් සහ සොරකම් යන බරපතල ගණයේ ප්‍රධාන අපරාධ සංඛ්‍යාව 7592කි.


නොවැම්බර් මාසයේ දී මනුෂ්‍ය ඝාතන 39ක්, ලිංගික අපරාධ 198ක්, ගෙවල් බිඳුම් 153ක්, කොල්ලකෑම් 64ක් සහ සොකරම් 121ක් වශයෙන් ප්‍රධාන අපරාධ 575ක් වාර්තා වී ඇත. එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අපරාධ 90ක අඩුවීමකි. එසේම මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ වාර්තා වූ සංඛ්‍යාවට වඩා අපරාධ 16ක අඩුවීමකි.

මේ අනුව සලකා බැලීමේ දී දිවයින තුළ 2016 වසරේ නොවැම්බර් මාසය තුළ බරපතල ගණයේ අපරාධ සිදුවීම් අවප්‍රමාණය වී ඇති බව දැක්විය හැකි බව
පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top