Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 15, 2016

අගමැතිවරයා නැව්පතිට තුති පුදයි (ඡායාරූප) Featured

හම්බන්තොට වරායේ නැව් මුදාගැනීමේ මෙහෙයුම සාර්ථකව ඉටුකළ නාවික හමුදාවටත් විශේෂයෙන් නාවික හමුදාපතිවරයාටත් ස්තුතිය පලකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සහ නාවික හමුදාපතිවරයා අතර අරලියගහ මන්දිරයේ අද පැවති හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

හම්බන්තොට වරායේ වර්ජනයේ නිරත වූ පිරිස රඳවාගෙන සිටි නෞකා දෙක මුදාගැනීමට නාවික හමුදාව යෙදවූයේ ජනාධිපතිවරයා සහ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසිය.

වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

නාවික හමුදාපති ආර්.විජේගුණරත්න මහතා හම්බන්තොට වරාය සේවක වර්ජනය හේතුවෙන් ඇතිවූ සිද්ධියේ වාර්තාව අගමැතිවරයාට පිළිගන්වනු ලැබිය.

එහිදී හම්බන්තොට වරායේ නාවික හමුදා කඳවුරක් පිහිටුවන ලෙසද අගමැති එහිදී නාවික හමුදාපතිට උපදෙස් දුන්නේය.

මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බව අගමැතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

හරි පොලිසියට පැමිණිලි කලොත් බලන්නම් :

මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ තංගල්ල පොලිසියට බවත්, හරි පොලිසිය හම්බන්තොට බැවින් එහි පැමිණිල්ලක් කළහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top