nsb

Dec 16, 2016

ලයන් බියර් : රේගු බදු සහන පෙත්සම කල් දෙයි Featured

ලයන් බෲවරි සිලෝන් ලිමිටඩ් සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට අවසන් වරට ජනවාරි 27 වැනිදා කල් දීමට අභියාචනාධිකරණය  ඊයේ  (15) තීන්දු කළේය.

මාස හතරක කාලයක් සඳහා රේගු බදු සහන ලයන් බෲවරි සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට දීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා  මහතා ඉදිරියෙහි කැඳවිනි.

අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමදෙනියේ රතනවංශ හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා හය නමක් පෙත්සම ගොනු කළහ.


60%  බදු සහනය :


ලයන් බෲවරි සමාගම බියගම ප්‍රදේශයේ සිය බීර නිෂ්පාදන කටයුතු සිදු කරන අතරඑම නිෂ්පාදනාගාරය පසුගිය පසුගිය ගංවතුරට යට වූ නිසා  එම සමාගමේ නිෂ්පාදන කටයුතු ඇනහිට තිබිණ.

ඒ හේතුවෙන් වෙළෙඳපොළ ඉල්ලූ‍මට සරිලන සේ බීර සැපයීමට සමාගමට නොහැකි බව දැන්වීමෙන් අනතුරුව මුදල් ඇමතිවරයා  මෙම 60%  බදු සහනය පිරිනමා බීර ආනයනය කිරීමට  ලයන් බෲවරි සමාගමට අවස්ථාව උදා කර දී ඇතැයි නඩුවේ පැමිණිල්ල පවසයි.

අදාළ සමාගමට නිෂ්පාදන කටයුතු ඇනහිටීමට අදාළව රක්ෂණ ආවරණ ඇති පසුබිමක මෙවැනි බදු සහන ලබා දීම ගැටලූසහගත බව වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

 ගංවතුරට යට වී නිෂ්පාදන කටයුතු ඇනහිටි සියලූ‍ සමාගම් වෙත මෙවැනි බදු සහන දී නොමැත.

මෙම ලයන් බෲවරි සමාගම හැරී සෙල්වනාදන් සහ මනෝ සෙල්වනාදන් සහෝදරයන්ට අයත් වන අතර ඔවුන් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් රැසකගේ සමීප මිතුරන්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top