nsb

Dec 16, 2016

රජයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල පත්කිරීමට නව පනතක් !

ලබන වසරේදී රාජ්‍ය ව්‍යවසාය පනතක්‌ ගෙන එන බවත් එමඟින් පත් කරනු ලබන රාජ්‍ය ව්‍යවසාය මණ්‌ඩලයක්‌ මඟින් ඉදිරියේදී රාජ්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන් පත් කිරීම සිදු කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

සිරිකොතදී ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම එබව සඳහන් කළේය.

'' අපි රාජ්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්‌ඩල පත් කරන විට µsට්‌ ඇන්ඩ් ප්‍රොපර් ක්‍රමය අනුගමනය කරන්න යනවා. ඒ කියන්නේ ඒ තනතුරුවලට පත් කරනවිට අත්දැකීම්, අධ්‍යාපන සුදුසුකම් සහ සදාචාරාත්මක වෙන්න ඕන. ඒ අය මේ පනත හරහා අපි එක්‌ මණ්‌ඩලයක්‌ පිහිටුවනවා. ඒ හරහා ඕනෑම කෙනකුට අධ්‍යක්‍ෂ මණ්‌ඩල සඳහා නාමයෝජනා දෙන්න පුළුවන්. ඊට පසුව ඒ රාජ්‍ය ව්‍යවසාය මණ්‌ඩලය තමයි අදාළ පත්වීම් දෙන්නේ. මෙය හරියට ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලය වගේ.

මෙමඟින් දේශපාලන ඇඟිලි ගැහීම් අවම කරනවා. එමඟින් කාර්යක්‍ෂමතාව වැඩි වී අලාභය අඩු වේවි.'' යයි ද ඇමතිවරයා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top